විලියම් බාලි ඉංග්‍රීසි පොත් වෙලෙන්දෙක් සහා ප්‍රකශකයෙකි. ඔහු රෙදිපිලි වෙලෙන්දෙක් ලෙස අභ්‍යසලාභීත්වය ලැබුවේ 1587 වර්ශයේදීය. එහෙත් ඔහු ඉතා ඉක්මනින් ලන්ඩන් පොත් වෙලඳාමහි නිරතවිය. ඩ්‍රේපර්ස් සමගමේ නිදහස් වෙලෙන්දකු ලෙස කටයුතු කල ඔහු ස්ටෙෂනර්ස් සමාගම්ක් හා ආරවුලකට වැටුනේ රෙදිපිලි සමගම්වලට ප්‍රකශන කටයුතු සහ පොත් වෙලඳාමේ අයිතිය ගැන වාධයකට ගිය හෙයිනි. මුලු ජීවිතය පුරවටම ඔහු නීතිමය අරවුල්වල පැටලුනේය.

A cartoon centipede reads books and types on a laptop.
ද ටෘ ට්‍රෑඩිජි ඔෆ් රිචඩ් 3 - පිට කවරය.

එලිසබත් සංගීත ප්‍රකශනයේ බාලිගේ භුමිකව විද්වතුන්ට විවද්ශිලි විශයක් විය. ශක්තිවන්ත මිනිසෙක්, අධිෂ්ඨානශීලි මිනිසෙක්, පරමර්ථයකින් යුත් පුද්ගලයෙක් ලෙසත් යම්තාක් දුරට අපූර්වත්වයෙන් හෙබි කෙනෙකු ලෙසටත්, තරමක් දරුණු තැනැත්තෙක් සේත් ඔහුව ඇගයේ. ඔහුගේ සමකලීනයන් බාලිගේ මුල්ම සංගීත ප්‍රකශන දෙක දැඩිසේ විවේචනය කලහිද ඔහු තම මර්ගයේ බලගත්තෙකු විය. තොමස් මොලි යන රචකයා සහ ප්‍රකශකයගේ පැවරුම්ලාභියාවු පසු බාලි හඬ වෙනුවට සංගීත උපකරණ පලමුවෙන්ම ඇන්තනී හොල්බෝන්ගේ පවාන්ස්, ගාලියාඩ්ස්,අල්මේන්ස් (1599) යන්නන් මගින් එන්ගලන්තයට මුද්‍රණය කරන ලදී. මොලි සමඟ තිබුන සම්බන්දතාවය නිසා ඔහුගේ වියොවයට පෙර 1602දී බාලිට මොලිගෙ සංගීත ප්‍රකශනයේ ස්වධිකාරී බලය හිමිවිය. සමහර ගත්කරුවන් මෙය ප්‍රතික්ෂේපකර මුද්‍රණය කල සංගීත පොත්වලට ඔහුට පිලිගැනුමක් ලබා නොදුනි.


ඩ්‍රේපර්ස් සමගම

සංස්කරණය

1598 වර්ශය කාලවකවානුවේදි,බාලි තම උපන්දිනය 1565 වර්ශය ආසන්නයේ යැයි සලකමින් තම වයස'අවුරුදු තිස් තුනක් හෝ ඒ අවට' යැයි සදහන් කරයි.සාක්ශි හමුවී ඇති ආකාරයට බාලි වෝක්ශයර් හි උපත ලබන්නට ඇතැයි සැලකේ.මීට අමතරව ඔහුගේ ජීවිතයේ මුල් අවදිය පිලිබද ඇත්තේ අල්ප තොරතුරු ප්‍රමානයකි.ඩ්‍රේපර්ස් සමගමේ ආදුනිකත්ව පුහුනුවක් සම්පුර්න කරමින් බාලි 1587 වසරේදි ලන්ඩනයේ ජීවත් විය.කුඩා ප්‍රමාන පොත් ප්‍රකාශකයෙකු වූ යරත් ජේම්ස් යටතේ හෙතෙම පොත් අලෙවිකරන්නෙකු වශයෙන් පුහුනු විය.1580 වර්ශයේදි ජේම්ස් ක්‍රිස්තු පල්ලි ගේට්ටුව අසල නිව්ගේට් කඩමන්ඩියේ අලෙවිසලක් පවත්වාගෙන ගියේය.කතා කාව්යයන් කෙරෙහි ඔහු තුල වූ රුචිය, පසු කලෙක විශාල ප්‍රමානයක් එවන් නිර්මාන ප්‍රකාශයට පත් කල බාර්ලි සමග බෙදා හදා ගන්නා ලදී.1592 වර්ශයේදී බාලි ශාන්ත පීතර අපෝන් කෝන්හිල් දෙව්මැදුරේ වසමේ තමාගේම අලෙවිසලක් විවුර්ත කරන ලදී.දෙව්මැදුරේ අති ලේඛන වල සදහන්ව අති අන්දමට ඔහුගේ බෞතීස්මය,1603 වර්ශයේ ජූනි මස 15 වන දින මේරි හාපර් මෙනවිය සමග සිදු වු විවාහය සහ තම පවුලට සම්බන්ද පුද්ගලයන්ගේ භුමදාන කටයුතු සියල්ල සිදුව ඇත්තේ මෙම දෙව්මැදුර ඇසුරිනි.ඊලග වසර 20ක කාල වකවානුවේ ඔහුගේ ව්‍යපාර කටයුතු සිදු කර ඇත්තේ මෙම අලෙවිසැලෙන් පිටතදී ය.

ඔක්ස්ෆර්ඩ් හි අලෙවිසල් ශාකාවක් විවුර්ත කල විලියම් බාර්ලි,ඉහත සදහන් කල බාර්ලි ම යැයි සැලකිය හැක.ඔහුගේ මෙම කාර්යය බලදාරීන් සමග ගට්ටනයක් ඇති කර ගැනීමට හේතු විය.ශාන්ත පීතර අපෝන් කෝන්හිල් හි වියාපාර කටයුතු තමන් විසින් නඩත්තු කල හෙතෙම ඔක්ස්ෆර්ඩ් හි අලෙවිසලේ කටයුතු කරගෙන යාමේදී ඔහුගේ සහයක විලියම් ඩේවිස් මත විශ්වාසය තබා කටයුතු කලේය.ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලය සමග පොත් අලෙවිකරුවෙකු ලෙස ලියාපදින්චි වීමට බාර්ලි අපොහොසත් වීම නිසා 1599 වර්ශයේදී ඔහුගේ සහයක ඩේවිස් අත් අඩන්ගුවට පත් වුනි.නමුත් නැවතත් නිදහස් වූ ඔවුන් දෙදෙනා,1603 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ වරප්‍රසාද ලත් පුද්ගලයන් ලෙස පිලිගන්නා ලදි.ඔක්ස්ෆර්ඩ් හි මෙම වරප්‍රසාද හිමි වූ විට වෙලදසැල් හිමියන්ට තම වෙලදාම් කටයුතු නාගරික අදිකාරියේ අනසකින් තොරව නිදහසේ කරගෙන යාමට හැකියාව ලැබේ.

බාර්ලි ලන්ඩනයේ අදිකාරීන් සමගද ආරවුල් වල පැටලුනි.1591 වසරේදී ඔහුව අත් අඩන්ගුවට ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලද නමුත් චෝදනාව කුමක් දැයි සදහනක් නැත.ඩ්‍රේපර්ස් සමාගම සහ ස්ටෙෂනර්ස් සමාගම්ක් අතර චිරාගත ආරවුලක අතරමැදියකු ලෙසද බාර්ලි හදුනා ගැනිනි.මෙම කාල වකවානුවේදී,ස්ටේශනර්ස් සමාගම ප්‍රකාශන කර්මාන්තයේ එකාදිකාරී බලයකට හිමිකම් කීය.ඒ අතරතුර,නගරයේ සියලු නිදහස් වැසියන්ට පොත් වෙලදාමේ යෙදීමේ අයිතිය ලබා දීම 'නගරයේ චාරිත්‍රය' යැයි ස්තිර කරමින් ඩ්‍රේපර්ස් සමාගම තම සමාගම් සාමාජිකයන් පොත් ප්‍රකාශකයන් සහ අලෙවිකරුවන් යන දෙයාකාරයට ම කටයුතු වල යෙදෙනු දැකීම අවශ්ය වුනි.

1591 වසරේ සිට 1604 දක්වා කාලය තුල බාර්ලි අවම වශයෙන් කාර්යයන් 57කටවත් සම්බන්දව හිද ඇත.ඇතැම් කාර්යයන් සදහා ඔහුගේ සම්බන්දතාවයේ නියම ස්වභාවය හදුනා ගැනීම අපහසුය.සමහර කාර්යයන් 'ඔහු වෙනුවෙන්' මුද්‍රනය වීම,තවත් සමහරක් 'ඔහු විසින් අලෙවිකිරීම' සහ තවත් සමහරකට පරිදි ඒවා 'මුද්‍රනය කිරීම ඔහු විසින්' සිදු කිරීම ආදිය සිදුව ඇත.මෙම කාල වකවානුවේදී බාර්ලි,තෝමස් ක්‍රීඩ්,ඇබල් ජෙෆ්ස් සහ ජෝන් ඩාන්ටර් වැනි විශිශ්ට ගනයේ මුද්‍රන ශිල්පීන් සහ ප්‍රකාශකයන් සමගද හවුල් ව්යාපරයෙහි යෙදුනි.ක්‍රීඩ් සමග "අ ලූකින් ග්ලාස් ෆොර් ලන්ඩන් ඇන්ඩ් ඉන්ග්ලන්ඩ්"(1594) සහ "ද ටෘ ට්‍රෑඩිජි ඔෆ් රිචඩ් 3"(1594) නැමැති පොත් ප්‍රකාශයට පත් කිරීමටද බාර්ලි දායක විය.බාර්ලි මෙම කාර්යයන් කිසිවක් ලිපිද්‍රව්ය වෙලෙන්දන්ගේ ලේඛනයට ඇතුලත් නොකලේය.(මෙම ලේඛනයට තේමාවක් ඇතුලු කිරීමෙන් ප්‍රකාශකයන් එම කාර්යයන්ට තමාට ඇති අයිතිය ලේඛනගත කරනු ලැබේ)මෙයට ප්‍රදාන හේතුව විය හැක්කේ ස්ටේශනර්ස් සමාගම සහ ඩ්‍රේපර්ස් සමාගම අතර පැවති ආරවුලයි.ස්ටේශනර්ස් සමාගම දුටු පරිදි සාමාජික නොවන පුද්ගලයන්ට ලේඛනයට කාර්යයන් ඇතුලු කිරීමට හැකි වීම විශේශ වරප්‍රසාදයකි.කෙසේ වුවද,ඩ්‍රේපර්ස් සමාගම තම අයිතීන් ඇතුලු කරගැනීමට ක්‍රීඩ්,ජෙෆ්ස් සහ ඩාන්ටර් වැන්නන් මත යැපීම සිදු විය.මෙලෙස ඇතුල් කරන්නන් හමුවේ තමන්ගේ සමහරක් කාර්යයන් සදහා අයිතිය තහවුරු කරගනිමින් බාර්ලි පොත් අලෙවිකරන්නෙක් ලෙස ක්‍රියා කලේද,නො එසේනම් පෞද්ගලික එකගතාවන් මත කටයුතු කලේද, යන්න නොපැහැදිලි කරුනකි.

1595 වසරේදී ස්ටේශන්ස් සමාගම බාර්ලිගෙන් නීති විරෝදී ලෙස ප්‍රකාශනයන් ගනනාවක් සිදු කිරීමට එරෙහිව සිලින් 40ක දඩයක් අය කරන ලදී.ඉන් වසර තුනකට පසුව සමාගම ඔහු සහ ඔහුගේ සමකලීන ඩ්‍රේප් සමාගම් සාමාජිකයෙකුට එරෙහිව වරප්‍රසාද හිමි පොත් නීති විරෝදීව ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නඩු පවරන ලදී.ඒකාදිකාරිත්වයක් හිමිව තිබූ "ඇක්සිඩන්ස්" නැමැති ලතින් ව්යාකරන පොතක පිටපත් 4000ක් බාර්ලිගේ මුල් පරිශ්‍රය අලලා සිදු කල වැටලීමකදී සොයා ගන්නා ලදී.ඔහුගේ නිදොස් බව උදෙසා උසාවියේදී කරන ලද ඉල්ලීම් හමුවේ ඒ වෙනුවට බාර්ලි සමගින් ස්ටැෆර්ඩ්,එඩ්වඩ් වෙන්ජ් සහ තෝමස් පේවියර්(බාර්ලිගේ ආධුනිකයා) යන සියල්ලන් වරදකරුවන් ලෙස සිරගත කරන ලදී.නඩු වාරය තුලදී ස්ටේශන්ස් සමාගමේ එලිසබෙතන් පොත් වෙලදාමට ඇති අයිතිය තහවුරු වුණි.ඉන් වසර කිහිපයක් තුළ ස්ටැෆර්ඩ්,පේවියර් සහ අනෙකුත් ඩ්‍රේපර් පොත් අලෙවිකරුවන් තම වෙළදාම් දීර්ඝ කාලීනව කරගෙන යාමේ අරමුණින් එම සමාගමට ම එක් විය.අපූර්ව ලෙස 1606 වසර වන තුරු බාර්ලි ඔවුන් සමග එක්වීමෙන් වැළකිණි.මෙම ප්‍රමාදයට හෙතුව විද්වතුන් අතර දැඩි ලෙස කතා බහට ලක්විය.ග්‍රන්ථ විද්‍යාඥ ජේ.ඒ.ලැවින් යෝජනා කරනා අන්දමට එයට හේතුව බාර්ලිට ග්‍රන්ථ මුද්‍රණයෙහි අත්දැකීම් නොමැති වීම නිසා ස්ටේශන්ස් සමාගම ඔහුව ප්‍රතික්ශේප කරන්නට ඇති බවයි.ගෙරල්ඩ් ඩී.ජොන්සන් දරන මතය වනුයේ ඊට හේතුව බාර්ලි සහ තෝමස් මෝර්ලි අතර පැවති හවුල් ගණුදෙනුවයි.තෝමස් යනු සංගීත ප්‍රකාශනයන් කිරීමට,ඕනැම නීතිමය බාධාවන් මග හැරිය හැකි රාජකීය පේටන්ට් බලපත්‍ර හිමි අයෙකි.මෙලෙස රාජකීය බලපත්‍ර හිමි ප්‍රකාශන හමුවේ කිසිදු බාධාවක් කිරීමට ස්ටේශන්ස් සමාගමට නොහැකිය.

සංගීත ප්‍රකශනයන්

සංස්කරණය

එන්ගලන්තයේ එලිසබෙතෙන්හි සංගීත මුද්‍රණය පාලනය වුයේ එහි රැජිණගේ රාජ ස්වධිකාරී බල ඩෙකකිනි. ඉන් එකක් පද්‍යමය ගීතිකා පොතවන අතර අනික අනිත් සියලු වර්ගයේ සංගීතයන්ගෙන් සමන්විතය. එනිසා එකධිකරියක් ඇතිවිය. ස්වධිකාරී බලය ඇත්තන් හා ඔවුන්ගේ පැවරුම්ලඹ්හින්ට පමනක් මෙය හිමිවිය. ජොන් ඩේ යන මුද්‍රණකරුවාගේ වියෝවෙන් පසු ඔහුගේ පුත් රිචඩ් ඩේපද්‍යමය ගීතිකා පොත් වල ස්වධිකාරී බලය හිමිවිය. මෙය ලිපි ද්‍රව්‍ය සමගමේ පැවරුම්ලභින්ගෙ පරිපාලනයට ලක්විය. 1575 ජනවරියෙදි ප්‍රධාන රචකයන්ට තෝමස් ටලිස් සහ විලියම් බ්‍රයිඩ්ට හිමිවිය. එකධිකරියක් තිබුනඩ ඔවුන් අසර්ථක විය. ඔවුන්ගේ 1575 සංග්‍රහයේ "Cantiones quae ab argumento sacrae vocantur" යන ලතින් පල්ලියේ ගීතිකව විකිනීමට අපහසු විය. 1585 ටලිස්ගේ වියෝවෙන් බ්‍රයිඩ් දිගටම ස්වාධිකාරී බලය සමග තම පවරුම්ලඹ්හියවන තොමස් ඊස්ට් සමග කටයුතු කලේය. 1596දී එකධිකරිය නිමවිය. බාලිවැනි රචකයන්ට මෙය රුකුලක් විය.

 
"හොල්බොන්ස්, පවාන්ස්, ගලියඩ්ස්, අල්මේන්ස්".

1596දී නිවැරදි සංගීත ආරම්භයක් නොතිබුනද බාලි (සැන්ටර්ගේ සහය සමගා "ද පාත්වේ ටු මියුසික්"යන සංගීත මතයන් ඇති පොත සහ "අ නිවු බුක් ඔෆ් ටැබ්ලිටුඅර්" වීණාවට ගුරුවරයෙක් සහ අනිත් උපකරන ඇතුලත්ය. ජෝන් ඩොලන්ඩ් ඵිලිප් රොසෙස්ටර් ඇන්තනි හොල්බොන්ගේ නිභධන ඇතුලත්ය. දෙකෙහිම වැරදි තිබුන අතර, බාලි දෙවැනි පොතට රචකයන්ගෙන් අවසරගෙන නොතිබිනි. හොල්බෝන් තම රචනා අමුත්තකු විසින් දුශිත පිටපත් ලෙස නිකුත් කරන බවට පැමිණිලි කලේය. නවීන සංගීත විද්‍යාඥයන් මෙම කෘති ගැන බලවත් කෝපය හා දීනසුලු පොත් යයි පවසයි. මොලි "ද පාත්වේ ටු මියුසික්" යන කෘතිය විවේචනය කරේ කතෘ තම මහන්සිය පිලිබඳව ලැජ්ජා විය යුතුයැයි පවසාය. මේ සියලුම ප්‍රශ්න මැද කෘතින් දෙකම ලන්ඩ්න් වෙලඳපොලට අවතීර්න විය.

අවුරුදු 2කට පසු හෙබි එකධිපති භාවය මොලිට හිමිවිය. මොලි තම පැවරුම්ලහියා ( පීටර් හෝ ඊස්ට් වැනි අත්දැකිම්ලත් අය වෙනුවට ) බාලි ගැනීම පුදුමයකි.මොලි රිචඩ් ඩේ හා ඔහුගේ පැවරුම්ලභින්ගේ පද්‍යමය ගීතිකා පොතට අභියොඝ කිරීමට උදව් සොයමින් සිටියේය. මෙම කාලය තුල ඊස්ට් සහ ශොර්ට් ස්ටෙෂනර්ස් සමගමේ වැඩ කල අතර ඩේගේ එකධිකරයට රුකුල් දෙමින් සිටියහ. බාලි ස්ටෙෂනර්ස් සමගමේ නොවීය.1599දී බාලි සහ මොලි "ද හෝල් බුක් ඔෆ් සාම්ස්" සහ රිචඩ් අල්ලිසන්ගෙ "සාම්ස් ඔෆ් ඩේවිඩ් ඔෆ් මීටර්"යන කෘතින් එලිදැක්වීය.මුල් පොත කුඩා මුද්‍රණයක් වු අතර 1592 ඊස්ට්ගෙ මුද්‍රණයට සමාන විය.ලුංටිත පිටපතක් වුවද මෙය බාලිගෙ කතෘත්වය විදහාපායි. ඇලිසන්ස් වර්ක් යන කෘතියේ ඔවුන් දෙදෙනා පවසන අන්දමට ඔවුන්ට පද්‍යමය ගීතිකාවට පරම අයිතිවසිකම් ඇත. මෙයට ඩේ කෝප වුණි. නඩුද පැවරීය. නඩුවේ අවසනය නොදන්නා අතර බාලි හෝ මොලි වෙන පද්‍යමය ගීතිකාවන් රචනය නොකලහ.

මොලි යටතේ බාලි පොත් 8ක් ලිව්වේය. මේ පොත් වල කවර අනුව ඒවා බාලි විසින් මුද්‍රණය කලා යැයි පැවසුනද අකුරු මුද්‍රණය එසේ නොකියයි. ඉන් පොත් දෙකක්වත් ලන්ඩන් වල හෙන්‍රි බලාඩ් නම් මුද්‍රණකරුගේ උපන්ගයක නිර්මාණයන්ට සමානය. මින් "හොල්බොන්ස්, පවාන්ස්, ගලියඩ්ස්, අල්මේන්ස්" මුලික තැනක් ගනියි. සංගීත උපාංගවලට හඬ වෙනුවට පලමු සංගීතය සහ මොලිගේ "ද ෆස්ට් බුක් ඔෆ් කොන්සොර්ට් ලෙසන්ස් (1599)" පලමු මුද්‍රණයයි.

ස්ටෙෂනර්ස් සමගම

සංස්කරණය

බාලි හා මොලිගේ සබැඳියාව වැඩිකල් නොපැවැත්වුනි. 1600දී මොලි ඔහුගෙ පැවරුම්ලභියා ලෙස ඊස්ට්ව තොරගත් අතර වසර 3කට මොලිගේ නම යටතේ මුද්‍රන ලබාගැනුමට අනුබලය දී තිබුනි. වසර 2කට පසුව මොලිගෙ අභාවයෙන් ඔහුගෙ සංගීත වල ස්වධිකරි බලය තාවකාලිකව අත්හිටුවන ලදී. මොලිගේ ඒකධිකාරී වරප්‍රසද හා ආරක්ෂාව කෙරෙහි බලපොරොත්තු තබාගැනීමට නොහැකි වු බැවින් ස්ටෙෂනර්ස් සමගමෙන් පීඩා විඳීමට බාලිට සිදුවුනි. තවද ඔහුව ඉලක්කකර ගනිමින් ජෝජ් ගුඩෙල් නැමැති කොකියා දැමූ නඩුව පැරදීමෙන් පවුම් 80ක් ගෙවීමට සිදුවූ අතර මින් ඔහුගේ වියදම් වැඩිවුනි. එම නිස ඔහුගෙ පොත් පත් ඇතූ බොහෝ දේ පරිග්‍රහණය කරන ලදී. එනිසා ඔහුගේ වැඩ කටයුතු බොහෝ දුරට අත්හිටුවුනු අතර 1601 සිට 1605 දක්වා ඔහු පලකරේ පොත් 6ක් පමනි.

තවදුරටත් ස්ටෙෂනර්ස් සමගමට විරුද්ධ වීමෙන් පලක් නැති බව තේරුම්ගත් බාලි 1605 මැයි 15 දින ඩ්‍රෙපර්ස් සමාගමට ලිඛිත ආයචනාවක් කර ස්ටෙෂනර්ස් සමගමට මාරු වුනි.1606 ජූනි 25වන දින ස්ටෙෂනර්ස් සමගම ඔහුව සමජිකයකු ලෙස බාර ගනු ලබයි. එදිනම බාලි ඊස්ට්ට විරුද්ධව සංගීත ප්‍රකශන අයිතිය වෙනුවෙන් ගොනු කෙරූ නඩුව විභාගයට ගනු ලබයි. සමගම් ලේඛ්ණයේ ඔහු එය ඇතුලත් කර බැවින් ඊස්ට් එයට අයිතිවසිකම් කියයි. එයට විරුද්ධව බාලි පැවසුවෙ මොලිගෙ සම්බන්ධය නිස එහි අයිතිය ඔහු සතු බවයි. නඩුව සමතයකට ගෙන ඒමට අධිකරනය ගිවිසුමකට එලබුනි. ඒ මෙම ප්‍රශ්නයට මූලික වූ පොත් මුද්‍රණය කරන විට බාලිට කෘතඥතවය ප්‍රකශ කල යුතු අතර ඔහුට සිලින් 20ක් ගෙවිය යුතුය. ඊට අමතරව බාලිට ඊස්ට් හෝ ඔහුගේ බිරිඳගේ ඇනුමතිය නොමතිව කිසිම පොතක් පල කල නොහැක.

සමතයකට පැමිනියද මොලිගේ සංගීත පේටන්ට් එකට ඇති අයිතිය දැනගත් පසු බාලිට එය ලබාගැනුමට ස්ටෙෂනර් කෙනෙකු වුවද අපහසු විය. බාලිගෙ ආමුද්‍රණය සීයට 50කටත් අඩු පොත් සංඛ්‍යාවක සඳහන් වුණි. බාලි තෝමස් ඇඩ්ම්ව ස්ටෙෂනර් උසවියට 1609 ගෙන ගියේ ඔහුගෙ පොත්වල හිමිකම ගැන අභියෝග කරමිනි. උසවිය බාලි හ ඊස්ට්ට සමාන තීන්දුවක් දුනි. එහෙත් ඇඩ්ම්ගේ පොත් එකකවත් බාලිට පිලිගැනුමක් නොතිබිනි.

බාලිගේ ඔහුගේ පෙටන්ට් බලපත්‍රය යටතේ පොත් 4ක් මුද්‍රණය කලේය. 1612දී ඔහුගෙ සෙවකයකු ප්ලාග් නම් වසංගතක් නිසා මිය ගියේය. ස්ටෙෂනර් සමාගමෙන් වන්දි ලැබුනු පසු ඔහු මුලින්ම සාන්ත කැතරින් ක්‍රීවලටද ඉන්පසු බිෂොප්ගේට්වල නිවසකටද මාරුවුනි. බාලිගෙ මරණය 1614 ජූලි 11වැනි දින විය. ඔහුගෙ බිරිඳ මේරි සහ පුත් විලියම්ට බුදලය උරුම විය.පසුව නැවත විවහාවු මේරි බලිගෙ පේටන්ට් 5ක් ජෝන් බේලි නැමැති මුද්‍රණකරුවාට පවරන ලදී. ඊට අමතරව බාලිගේ සමහරක් ප්‍රකශන අයිතීන් තෝමස් ස්නොදැමට පවරන ලදී.

  1. Lievsay, among others, believed that Barley was also a printer. This notion was discredited by Lavin in "William Barley, Draper and Stationer" (1969).
  2. Jump up to: a b c Miller and Smith
  3. Jump up ^ Johnson 37
  4. Jump up ^ McKerrow 20
  5. Jump up ^ Smith 200
  6. Jump up ^ Lavin 218
  7. Jump up ^ Johnson 12. Johnson refutes Lavin's assertion that Barley was born in Woburn, Bedfordshire, claiming that Lavin based his hypothesis on the erroneous assumption that Barley was apprenticed to Thomas Phipps in 1606. By that date, Barley was 41 years old and had already been publishing books for at least 15 years.
  8. Jump up ^ Lievsay 218
  9. Jump up ^ Johnson 12. Barley's publications reveal that James' Newgate Market address was also used by Barley in 1591 and 1594.
  10. Jump up ^ Johnson 12
  11. Jump up ^ Clark 399. Barley's entry in Oxford's register ("Barley, William; Warw., 35; bibliopola et famulus Doctoris Howson, Vice-Chancellarii") is evidence that he may have been from Warwickshire. Johnson believes that the age discrepancy (Barley should have been 38 in 1603) "is not sufficient to make the identification improbable" (12).
  12. Jump up ^ Crossley, et al. See also Clark 381–386.
  13. Jump up ^ Johnson 18. For an in-depth discussion on the dispute between the two companies, see Johnson, Gerald D. (March 1988). "The Stationers Versus the Drapers: Control of the Press in the Late Sixteenth Century". The Library, 6th series 10 (1): 1–17.
  14. Johnson 18–19
  15. Jump up ^ Johnson 41
  16. Jump up ^ Johnson 18–20
  17. Jump up ^ Johnson 13–15
  18. Jump up ^ Lavin 222
  19. Jump up ^ Johnson 15
  20. Jump up to: a b Smith 77
  21. Jump up ^ Milsom
  22. Jump up ^ Monson
  23. Jump up to: a b c d Johnson 28
  24. Jump up ^ Smith 86. Smith states that the phrase "meere stranger" is an epithet intended to emphasize Barley's lowly social status.
  25. Jump up ^ Smith 86
  26. Jump up to: a b Smith 92–93
  27. Jump up ^ Illing 223
  28. Jump up ^ Lavin 217
  29. Jump up ^ Johnson 30
  30. Jump up ^ Johnson 15–16
  31. Jump up ^ Johnson 16
  32. Jump up ^ Johnson 32
  33. Jump up ^ Johnson 34–35
  34. Jump up ^ Johnson 35
  35. Jump up ^ Johnson 17–18

මූලාශ්‍ර

සංස්කරණය
  • Clark, Andrew, ed. (1887). Register of the University of Oxford. Volume 2, Oxford: Oxford Historical Society.
  • Crossley, Alan, et al. (1979). "Early Modern Oxford" in A History of the County of Oxford: Volume 4: The City of Oxford: 74–180. British History Online. Retrieved on 3 June 2009.
  • Illing, Robert (1968). "Barley's Pocket Edition of Est's Metrical Psalter". Music and Letters, 49 (3): 219–223.
  • Johnson, Gerald D. (March 1989). "William Barley, 'Publisher and Seller of Bookes'". The Library, 6th series 11 (1): 10–46.
  • Lavin, J. A. (1969). "William Barley, Draper and Stationer". Studies in Bibliography, 22: 214–23.
  • Lievsay, John L. (1956). "William Barley, Elizabethan Printer and Bookseller". Studies in Bibliography, 8: 218–25.
  • McKerrow, Ronald (ed., 1910). A dictionary of printers and booksellers in England, Scotland and Ireland, and of foreign printers of English books 1557–1640. London: Bibliographical Society. OCLC 1410091.
  • Miller, Miriam and Jeremy L. Smith. "Barley, William" (subscription required). Grove Music Online in Oxford Music Online. Retrieved on 18 December 2008.
  • Milsom, John (January 2008). "Tallis, Thomas (c.1505–1585)" (subscription required). Oxford Dictionary of National Biography. Retrieved on 30 December 2008.
  • Monson, Craig (January 2008). "Byrd, William (1539x43–1623)" (subscription required). Oxford Dictionary of National Biography. Retrieved on 30 December 2008.
  • Smith, Jeremy L. (2003). Thomas East and Music Publishing in Renaissance England. Oxford: Oxford University Press. ISBN 0-19-513905-4.

අමතර කියවීම්

සංස්කරණය
  • බාලිගේ - A New Booke of Tabliture
"https://si.wikipedia.org/w/index.php?title=විලියම්_බේලි&oldid=300987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි