විලාසිතා සතිය යනු ආසන්න වශයෙන් සතියක් පුරාවට පැවැත්වෙන විලාසිතා කර්මාන්ත උත්සවයක් වන අතර එහිදී විලාසිතා නිර්මාණකරුවන්ට හෝ සමාගම්වලට ඔවුන්ගේ නවතම එකතු ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දෙයි. කැට්වෝක් සංදර්ශන සමාන්‍යයෙන් විලාසිතා සතිවල වඩා ඉස්මතු වී පෙනෙන අවස්ථා වේ. වඩාත් ප්‍රසිද්ධ විලාසිතා සති පැවැත්වෙනු ලබන්නේ මිලාන්, පැරිස්, ලන්ඩන් හා නිව් යෝර්ක් වැනි විලාසිතා නඟරවලදීය. 2000 මුල් භාගයේ හා මැදභාගයේ දී විවිධ පැතිවල සිටින නිර්මාණකරුවන්ගේ අවධානය දිනා ගැනීම සඳහා ලොව පුරා විලාසිතා සති පැවැත්වෙන ලදී.

විලාසිතා සතියෙහි කැට්වෝක් එකක්.
නිව් යෝර්ක් විලාසිතා සතිය අතරතුර වෝග් සංස්කාරකවරුන් වන ඇනා වින්ටර් හා ඇන්ඩ්‍රි ලියෝන් ටැලි.
ෆැෂන් රයෝ සරත්/ශීත 2007 කැට්වෝක් එක මත සිටින බ්‍රසීල සුපිරි නිරූපිකා ජිසෙල් බූන්ඩ්චෙන්.

ඉතිහාසය සංස්කරණය

1943 දී නිව් යෝර්ක් හි පැවති මුල්ම විලාසිතා සතිය දෙවන ලෝක යුද්ධය අතරතුර දී ප්‍රංශ විලාසිතාවලින් ඔබ්බට අවධානය දිනා ගැනීම සඳහා නිර්මාණය කරන ලදී.ඒ විලාසිතා කර්මාන්තයේ නියුතු වූවන්ට ප්‍රංශ විලාසිතා සංදර්ශණ නැරඹීම සඳහා ප්‍රංශයට ගමන් කළ නොහැකිව තිබූ කාලයේ දීය. විලාසිතා ප්‍රචාරිකාවක වන එලනර් ලැම්බර් විසින් විලාසිතා ජනමාධ්‍යකරුවන් සඳහා මුලදී එතරම් තැකීමක් නොකළ ඇමරිකානු නිර්මාණකරුවන් ප්‍රදර්ශනය කිරීමට ඇය විසින් ප්‍රෙස් වීක් ලෙස හැඳින්වූ උත්සවයක් සංවිධානය කරන ලදී. (ගැණුම්කරුවන් සංදර්ශණවලට ඇතුල් කර නොගන්නා ලද අතර ඔවුන්ට නිර්මාණකරුවන්ගේ ප්‍රදර්ශනාගාර වෙත යාමට සිදු විය. මෙම ප්‍රෙස් වීක් උත්සවය සාර්ථක වූ අතර සාමාන්‍යයෙන් ප්‍රංශ සැලසුම්වලින් පිරී තිබූ වෝග් වැනි විලාසිතා සඟරා ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු විලාසිතා නිරූපණය කිරීම ආරම්භ කරන ලදී. කෙසේ නමුත් යුද්ධයෙන් පසුව මිනිසුන් නැවතත් පැරිස් හා අනෙකුත් විලාසිතා ස්ථාන කරා (ලන්ඩන් හා මිලාන්, අලුතෙන් ඇති වූ විලාසිතා සති සඳහා) නැවත ගියහ. මෙම කාලය වන විට මෙම නඟර 4 විලාසිතා දින දර්ශනය පාලනය කරන ලද අතර වර්තමානය දක්වා අඛණ්ඩව එහි පාලනය නතු කරගෙන සිටී. මිළදී ගැනීම් අන්තයෙන් හා ජනමාධ්‍ය අන්තයෙන් එය හොඳය. මන්දයත් නිව් යෝර්ක් සිට ලන්ඩන් දක්වා ද ඉන්පසු මිලාන් දක්වා ද අවසානයේ පැරිස් දක්වා ද පහසුවෙන් ගුවන් මඟින් මාසයක් තුළ දී සංචාරය කළ හැක. පිටරටවල සිටින මිළදී ගන්නන් සඳහා ලන්ඩන් සිට මිලාන් හා ඉන්පසු පැරිස් දක්වා වූ ආසන්න බව නිසා විලාසිතා සතිය වඩාත් වැදගත් බවට පත්විය.

එක් ප්‍රධාන විවේචනයක් වන්නේ ලොස් ඇන්ජලීස් හෝ සාඕපාලෝ වැනි විලාසිතා සතිවලින් මතුවෙන දක්ෂ විලාසිතා නිර්මාණකරුවන්ට සාම්ප්‍රදායික විලාසිතා සති 4 වන පැරිස්, ලන්ඩන්, මිලාන් හෝ නිව් යෝර්ක් සංදර්ශණවලින් මතුවන නිර්මාණකරුවන්ට තරම් පිළිගැනීමක් නොලැබෙන බවයි. තවද යම් ස්ථානයක් අයත් කරගෙන සිටින නිර්මාණකරුවන් විසින් වෙළඳපොළ පාලනය කරන අතර ආර්ථිකමය වශයෙන් අඩු දියුණුවකින් යුත් රටවලින් පැමිණෙන නව නිර්මාණකරුවන් සඳහා විලාසිතා අගනඟර 4 දී පැවැත්වෙන විලාසිතා සති දින සටහනේ ඉඩක් වෙන් කර ගැනීමට නොහැකි වනු ඇත. එමනිසා ඔවුන් දක්ෂතාවලින් යුක්ත වුණත් ඔවුන්ගේ දක්ෂතා පෙන්වීම සඳහා වූ හැකියාවට බාධා පැමිණී ඇත.

ලක්ෂණ සංස්කරණය

ප්‍රධාන මෝස්තර නිර්මාණ නගරවල මෝස්තර නිර්මාණ සති අර්ධ වාර්ෂික උත්සව ලෙස පැවැත්වෙයි. සරත් සෘතුවේ මොස්තර නිර්මාණ සතිවලදී සැළසුම් කරුවාගේ එකතූන් කුටි තුළ දක්නට ලැබෙයි. එය ජනවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන අතර සිසිර සෘතුවේ මොස්තර නිර්මාණ සති සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා පැවැත්වෙයි. මොස්තර නිර්මාණ සති මාස ගනනාවක් පුරා රැස්කළ පිරිසට හා මිල දී ගන්නන්ට මීළග උත්සව සමයේ මෝස්තර නිර්මාණ පෙර දැකීම සදහා අනිවාර්යයෙන් පැවැත්විය යුතුවේ. මෙය සිල්ලර වෙළෙන්දන්ට ඔවුන්ගේ සිල්ලර වෙළද පොළට නිර්මාණ ඉදිරිපත් කිරීමට කල්ලබා දේ.

මිල දී ගන්නන්, මෝස්තර නිර්මාණ සඟරා වල කර්තෘවරුන් මාධ්‍යයන් සමරන්නන් හා විනෝදාත්මක කර්මාන්තයේ සාමාජිකයන් මෝස්තර නිර්මාණ සති වලට සහභාගි වේ. අවුරුදු ගණනකට පෙර මෙය වෙළද පොල සදහා පමණක් පැවැත් වුවද අද ඒවා මාධ්‍ය හා විනෝදාත්මක උත්සව බවට පත් විය. සජීවි සංගීතඥයන් සැමරුම් අමුත්තන් මිල අධික උත්සව අවස්ථාවන් හා පුන්‍ය කටයුතු මීට සමගාමීව පැවැත්වෙන අතර ඇතමුන් මහජනයාට අත්බෑග්, ආභරණ, සපත්තු, තොප්පි හා රූපලාවණ්‍ය කටයුතු අඩංගු ප්‍රදර්ශණයන් නැරඹීමට ඉඩ ලබාදෙයි. වැදගත් මෝස්තර නිර්මාණ පාර්සල් රැසක්ද මීට සහභාගි වෙයි.

ඇතැම් මෝස්තර නිර්මාණ සති සුවිශේෂි වෙයි. උදාහරණ ලෙස Miami මෝසතර නිර්මාණ සතිය (පිහිනුම් ඇදුම්), Preta Porter (ඇඟලුමට සුදානම) , Couture (ප්‍රබව නිර්මාණක ආකාරයක්), මනාලියන්ගේ මෝස‍්තර නිර්මාණ සතිය ගත හැකි අතර Portland (Oregon ඇ.එ.ජ) නිර්මාණ සිතය තුළදී පරිසර හිතකාමී නිර්මාණයන් දැක ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා_සතිය&oldid=375643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි