විලාසිතා නිර්මාණය

විලාසිතා නිර්මාණය යනු යම් නිශ්චිත කාලයක දී සංස්කෘතිකමය හා සමාජීය බලපෑම් යටතේ නිර්මාණය වන ඇඳුම් පැළැඳුම් හා ජීවන රටා උපකරණ සඳහා වූ ව්‍යවහාරික කලාවකි.

අවසන්වරට පැවති විලාසිතා දැක්ම, 2009

විලාසිතා නිර්මාණය ඇඳුම් නිර්මාණයෙන් වෙනස් වන්නේ ඒවා සාමාන්‍යයෙන් ඍතු 1 හෝ 2 ක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර තිබීමයි. ඍතුවක් ලෙස අර්ථ දැක්වෙන්නේ සරත්/ සීත හෝ වසන්ත/ ගිම්හාන යන සෘතුයි. විලාසිතා නිර්මාණකරණය 19 වැනි සියවසේ දී චාල්ස් ෆෙඩ්‍රික් වර්ත් මඟින් ආරම්භ කරන ලද්දේ යැයි සැලකේ. ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඇඟලුම් සඳහා ඔවුන්ගේ වෙළෙඳ නාමය අසන ලද ප්‍රථම පුද්ගලයා වූයේ ඔහුය. ඕනෑම කාල පරිච්ඡේදයකට ගැලපෙන ඇඳුම් නිර්මාණය කරන්නට ශිෂ්‍යයන් විසින් ඉගෙන ගනු ලැබුවත් 1858 න් පසුව බිහි වූ ඇඳුම් පමණක් විලාසිතා නිර්මාණ ලෙස සැලකිය හැකිය.

විලාසිතා නිර්මාණකරුවන් කාන්තාවන් සඳහා ද ඇඳුම් පැළැඳුම් නිර්මාණය කරයි. සමහරක් උසස් විලාසිතා නිර්මාණකරුවන් තනිව සේවයේ යෙදී සිටින අතර තනි පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කිරීම සිදු කරයි. අනෙකුත් උසස් විලාසිතා නිර්මාණකරුවන් විශේෂිත සාප්පුවලට හෝ උසස් විලාසිතා දෙපාර්තමේන්තු ගබඩාවලට තම සේවය ලබා දේ. මෙම නිර්මාණකරුවන් විසින් හොඳම තත්ත්වයේ රෙදි පිළි නිපදවන අතර ඒවා මඟින් නව විලාසිතා ප්‍රවණතා ද ඇති වේ. කෙසේ නමුත් බොහෝමයක් විලාසිතා නිර්මාණකරුවන් විශාල වෙළෙඳ පොළ සඳහා කාන්තා පිරිමි හා ළමා විලාසිතා නිර්මාණය කරන රෙදි පිළි නිපදවන්නන් සඳහා තම සේවාවන් ලබා දෙනු ලැබේ. කැල්වින් ක්ලෙයන් හෝ රැල්ෆ් ලෝරන් හෝ වෙළෙඳ නාම මෙම නිපදවීම් කරනු ලබන්නේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිටින ස්වාධීන නිර්මාණකරුවන් කණ්ඩායමක් මඟිනි.

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා_නිර්මාණය&oldid=464168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි