විල්බර් පැපිරසය යනු, 1893 වසරෙහිදී චාල්ස් එඩ්වින් විල්බර් නමැති නිව්යෝර්ක් මාධ්‍යවේදියා විසින් අස්වාන් අසල එලිෆන්ටයින් දිවයිනෙහි කල සංචාරය අතරතුර මිලදී ගත් පැපිරසයකි. එහිදී දේශීය ගොවියෙකුගෙන් ඔහු පැපිරස දහහතක් මිලදී ගෙන ඇත. ඔහුගේ මෙම ලාභයෙහි වටිනාකම පිළිබඳ තේරුම් ගැනීමට ඔහු අසමත් වූ අතර, පැරිසියෙහි හෝටලයක ඔහු මිය ගිය පසු, පැපිරසද ( බෲක්ලීන් පැපිරසය සහ එලිෆන්ටයින් පැපිරස එය අතර විය) ඇතුළු ඔහුගේ දේපළ, හෝටලය විසින් ගබඩාවෙහි බහාලන ලද අතර, අඩ සියවසක පමණ කාලයක් ඉක්මවන තුරු ඔහුගේ පවුල වෙත යළි භාර නොදෙන ලදි. ඔහුගේ වැන්දඹුවගේ ඉල්ලීම පරිදී, ඒවා බෲක්ලීන් කෞතුකාගාරය වෙත ප්‍රදානය කෙරිණි.

වර්තමානයෙහි අපට ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යමක් වෙයිද පුරාතන ඊජිප්තු වැසියනට විල්බර් පැපිරසය එය විය.

"https://si.wikipedia.org/w/index.php?title=විල්බර්_පැපිරසය&oldid=422070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි