විදුලි ඉංජිනේරු විද්‍යාවේ 19 වන සියවසේ දී ඇතිවූ වර්ධනය

විදුලි ඉංජිනේරු විද්‍යාවේ 19 වන සියවසේ දී ඇතිවූ වර්ධනය

මයිකල් ෆැරඩේගේ (Michael Faraday), තෝමස් ෆිලිප්ස් (Thomas Phillips)විසින් අඳින ලද චිත්‍රයකි. c1841-1842

19 වන සියවසේ දී, නවීන පර්යේෂණ ක්‍රම සමගින් විදුලි ඉංජිනේරු විද්‍යාව නැමති විෂය වැඩිදියුණු වීමට පටන් ගත්තේය. මෙම සියවසේදී සිදු වූ විශේෂ වර්ධනය වීම් අතර, ජෝජ් ඕම් (Georg Ohm) විසින් 1827 දී ප්‍රමාණාත්මකව සන්නායකයක ගලායන ධාරාව සහ විභව අන්තරය අතර සම්බන්ධ සොයාගැනීම, මයිකල් ෆැරඩේ විසින් 1831 දී විද්‍යුත් චුම්භක ප්‍රේරණය සොයාගැනීම සහ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් (James Clerk Maxwell) විසින් 1873 දී විදුලිය හා චුම්භකත්වය පිළිබඳ නිබන්ධනයෙහි විදුලිය හා චුම්භකත්වය ඒකාබද්ධ කරමින් ඉදිරිපත් කල න්‍යාය වැදගත් වේ. එක්දහස් අටසිය තිස්ගණන් වල ජෝජ් ඕම් විසින් ස්ථිති විද්‍යුතය සම්බන්ධව උපකරණයක් ද නිර්මාණය කරන ලදී. 1831 දී සිදු කල පර්යේෂණ වලදී මයිකල් ෆැරඩේ විසින් ප්‍රථම වරට සමධ්‍රැවීය උත්පාදක යන්ත්‍රයක් (homopolar generator) නිර්මාණය කරන ලදී. එය නවීන ඩයිනමෝවල (චුම්භක ක්ෂේත්‍රයක් මගින් ක්‍රියාත්මක වන උත්පාදක යන්ත්‍රවල ) මූලාරම්භය විය.1866 දී වර්නර් වොන් සීමන්ස් (Werner von Siemens) විසින් නිපදවූ බාහිර කාන්දම් බලයක් භවිතා නොකල කාර්මික උත්පාදක යන්ත්‍රය, ඉන්පසුව නිපද වූ බොහෝ නිමැවුම් සඳහා පාදක විය. 1878 දී ජේම්ස් විම්ෂර්ස්ට් (James Wimshurst) නැමැති බ්‍රිතාන්‍ය ජාතික නිමැවුම්කරු දඬු දෙකක් මත තැබූ වීදුරු තැටි දෙකක් සහිත උපකරණයක් නිපදවිය.(නමුත් ඔහු පිලිබඳ වාර්තා වූයේ 1883 දීය.)

තෝමස් එඩිසන් ප්‍රථම මහා පරිමාණයේ විදුලි සැපයුම් ජාලය සාදන ලදී. එක් දහස් අටසිය ගණන් වල දී විද්‍යුතය පිලිබඳ හැදෑරීම භෞතික විද්‍යාවේම කොටසක් ලෙස සලකන ලදී.විශ්ව විද්‍යාල මඟින් විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධි පිරිනැමීම ආරම්භ කරන ලද්දේ 19 වන සියවසේ අග භාගයේදීය. 1883දී කෝනෙල් විශ්වවිද්‍යාලය (Cornell University) ප්‍රථම විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ පාඨමාලවක් ආරම්භ කල අතර 1885දී එක්සත් රාජධානියේ ප්‍රථම විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ සභාපති ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්(University College London) බිහි විය.මිසුරි විශ්ව විද්‍යාලය(University of Missouri) ක්‍රමයෙන් 1886දී එක්සත් ජනපදයෙහි ප්‍රථම විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ දෙපාර්තමේන්තුව පිහිටුවිය.

මෙම කාල වකවානුවේදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ වැඩ කටයුතු සීඝ්‍ර ලෙස වර්ධනය විය. 1882 දී එඩිසන් විසින් පහල මැන්හටන්හි සිටි පාරිභෝගිකයන් 59 දෙනෙකුට වෝල්ට් 110ක සරල ධාරා සැපයුමක් ලබා දෙමින් ලොව ප්‍රථම මහා පරිමානයේ විදුලි සැපයුම් ජාලය නිර්මාණය කලේය. 1887 දී නිකොලා ටෙල්සා(Nikola Tesla) විසින් විදුලි සැපයුම් ක්‍රමයක් වන ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුම සම්බන්ධ පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන ලදී. මෙම සැපයුම් ක්‍රමය සම්බන්ධව එඩිසන් හා ටෙල්සා අතර ඉදිරි වසර කිහිපය අතුලත තරඟයක් ද(War of Currents) ඇතිවිය. ක්‍රමයෙන් සරල ධාරාව වෙනුවට බල ශක්ති උත්පාදනය හා බෙදා හැරීම සඳහා ප්‍රත්‍යාවර්ත ධාරාව භාවිතා විය.


නිකොලා ටෙල්සා, විශාල දුර ප්‍රමාණ සඳහා විදුලි සැපයුම් ජාලයක් නිර්මාණය කරන ලදී.

මේ දෙදෙනාගේ උත්සාහයන් විදුලි ඉංජිනේරු විද්‍යාවේ අභිවෘද්ධිය සඳහා බෙහෙවින් ඉවහල් විය. ටෙල්සා, ප්‍රේරණ මෝටර සහ බහුපේනු පද්ධති සම්බන්ධව කටයුතු කල අතර ඒවා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සඳහාද ඉවහල් විය. එඩිසන් විද්‍යුත් තැපෑල පිලිබඳ කටයුතු කල අතර ඔහුගේ ස්ටොක් ටිකර්(stock ticker) නමැති යන්ත්‍රය, පසුකාලීනව ජෙනරල් එලෙක්ට්‍රික් ලෙස හැඳින් වූ ඔහුගේ සමාගමටද වාසිදායක විය.

19 වන ශතවර්ෂයේ අග භාගය වන විට විදුලි ඉංජිනේරු විද්‍යාවේ අනෙකුත් වැදගත් පුද්ගලයන් බිහි විය. චාල්ස් ප්‍රෝටියස් ස්ටයින්මියට්ස් (Charles Proteus Steinmetz), ඉංජිනේරුවන් සඳහා ගණිතමය න්‍යායන් ඉදිරිපත් කරමින් එක්සත් ජනපදයෙහි විදුලිය සම්බන්ධ කර්මාන්තයෙහි ව්‍යාප්තිය සඳහා ප්‍රත්‍යාවර්ත ධාරාවේ විකාශනය සම්බන්ධව කටයුතු කරන ලදී.

කොන්‍රඩ් සූස්(Konrad Zuse) ප්‍රථම විදුලි පරිගණකය වූ Z22 නිපද විය. එය තවමත් ක්‍රියාකාරී වන අතර බර්ලින්හි තබා ඇත.