විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනය

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය යනු විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ගොඩනගා ඇති ලාභ නොලබන පෞද්ගලික ආයතනයකි. එය ගොඩනැගීමේ සහ පවත්වාගෙන යෑමේ මුලික අරමුණ වී ඇත්තේ විද්‍යුත් තාක්‍ෂණය වැඩි දියුණු කිරීමයි. ලොව පුරා රටවල් 150 මෙම ආයතනයේ සාමාජිකත්වය දරයි.

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනය නිව්යොර්ක් පාර්ක් ඇවිනිව් හී 17 වන තට්ටුවේ පිහිටා ඇත

1963 ජනවාරි 01 වන දින මෙම ආයතන ආරම්භ කරන ලද අතර මෙහි මුලස්ථානය නිව්යෝක් නගරයේ පිහිටා ඇත්තේය.ආයතනය රටවල් 160ක පමණ ප්‍රමණයක් නියෝජනය කරමින් සාමාජිකයින් 400,000ක පමණ සමන්විත වන අතර ඉන් 55% පමණම ඇමරිකා එක්සත් ජනපදයට අයත් වේ.

විද්‍යුත් සහ ඉලේට්‍රොනික ඉංජිනේරු ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ නිවීයොක්හිදී ලාභ නොලබන ආයතන නීතිය යටතේ ස්ථාපනය කරන ලදී. 1963 වර්ෂයේ මෙය පිහි‍ටුවිමෙදී 1912 දී පිහි‍ටුවන ලද ගුවන්විදුලි ඉංජිනේරු අයතනය සහ 1884 දී පිහි‍ටුවන ලද ඇමෙරිකා විද්‍යුත් ඉංජිනේරු ආයතනය යන ආයතන එකතු කිරිමෙන් සිදු කරන ලදී. ඇමරිකානු විද්‍යුත් ඉංජිනේරු ආයතනය මුලික වශයෙන් ‍රැහැන් සහිත සන්නිවේදනය, අලෝකය සහ ජිව පද්ධති පිළිබද කටයුතු කළ අතර ගුවන්විදුලි ඉංජිනේරු ආයතනය ගුවන්විදුලි ඉංජිනේරු ක්‍රම ශිල්ප කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන ලදී. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයෙහි ව්‍යවස්ථාව මගින් ඔවුන් අධ්‍යාපනික සහ විද්‍යුත්, ඉලෙක්ට්‍රෝනික සහ පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයන් ඉලක්ක කරගෙන සිදු කරන ආයතනයක් ලෙස හඳුන්වා දෙයි. මේ සඳහා ඔවුහු විද්‍යාත්මක සඟරා පල කිරිම, සම්මන්ත්‍රණ සහ වඩමුළු පැවැත්විම වැනි කටයුතු සිදුකරන අතර මෙම ක්ෂේත්‍රයට අදාලව විද්‍යාත්මක ජර්නල ප්‍රකාශයට පත්කිරිම අතින් ඔවුන් ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකේ. විද්‍යුත් සහ ඉලේට්‍රොනික ඉංජිනේරු ආයතනය සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු ප්‍රමුඛතම කර්මාන්තමය සම්මතයන් සහ ප්‍රමිතින් ඉදිරිපත් කරන ආයතනයක් බවට පත්ව සිටි.

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනයෙහි සාමජිකත්වයද සුවිශේෂි තැනක් ගන්න අතර එය විවිධාකාරයෙන් කාණ්ඩගත වී ඇත. මෙහි බහුතරයක් සමාජිකයන් වෘත්තිමය විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවන්ය. ආධුනිකුට ආයතනය වෙත ශිෂ්‍ය සමාජිකයකු, වෘත්තිමය සමාජිකයකු, සහකාර සමාජිකයකු ලෙස සම්බන්ධ විය හැක. සමාජික ස්වභාවය වෙනස් විම් ආදියට විවිධ නීති සහ රෙගුලාසි විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනය භවිතා කරයි. සමාජිකත්ව වර්ගීකරනය යටතේ ශිෂ්‍ය සමාජිකත්වය, සාමාන්‍ය සමාජිකත්වය, ජ්‍යේෂ්ඨ සමාජිකත්වය, ගරු සමාජිකත්වය, පුර්ණ කාලීන සමාජිකත්වය, සාමාජමය සමාජිකත්වය, සහ මිතුරු සමාජිකත්වය යනාදී කණ්ඩයන් පවති.

සටහන් සංස්කරණය

Institute of Electrical and Electronics Engineers