විද්‍යා ජෝති (ඉංග්‍රීසි: Vidya Jyothi) යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් "ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] මෙය තෝරගත් විෂය ක්ෂේත්‍රයක් යටතේ සමර්පිත ක්‍රියාවන් මගින් දේශය සංවර්ධනය කිරීමට දැක්වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම විද්‍යා ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් විද්‍යා ජෝති යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. විද්‍යා ජෝති අභිධානය, වීර චූඩාමණී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යා_ජෝති&oldid=396425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි