විදයුත් චුම්භක ඉතිහාසය

1820 අප්රේල් 02 වන දින සවස දේශනයකට සූදානමින් සිටි Hans Christian Orsted ට විශ්මය ගෙන දෙන සාධක රැසක් පරීක්ෂණයක් අතරතුර සිදුවිනි. ඔහු විසින් සකසන උපාංග වල බැටරිය ඇති නැති (on/off) කරන අවස්ථා වල මාලිමා කටුව චුම්භක උතුරින් යම් චලනයක් දක්වන බව පෙනිනි. මෙම චලනය දැකීමෙන් ධාරාව ගලා යන වයරය වටා චුම්භක ක්ෂේත්රය පැතිරී ඇති බව ඔහුට වැටහිනි. තවද විදයුතය සහ චුම්භකත්වය අතර ඍජු සම්බන්ධයක් ඇති බව තහවුරු විය.

එම සොයාගැනීම ගැන පිලිගත හැකි පරිදි සංසිද්ධිය පැහැදිලි නොකල අතර ගණිතමය රාමුවක් තුල නිරුපණයට උත්සහ කලහ. කෙසේ හෝ මාස 3කට පසුව ඔහු තීව්රර විමර්ශනයක් පටන් ගන්නා ලදි. මෙම සිදුවීමෙන් කෙටිකලකට පසු ඔහු ,ඔහුගේ සොයාගැනීම් ප්රසිද්ධියට පත් කරන ලද අතර , ඔහු ධාරාව ගලාගෙන යන වයරය වටා චුම්භක ක්ෂේත්රයක් පැතිරී ඇතිබව තහවුරු කරන ලදි. විදයුත්-චුම්භක ක්ෂේත්රයේ දායකත්වයට ගරු කිරීමක් වශයෙන් CGS ඒකකය මඟින් චුම්භක පේරණයට oersted යන නම තබන ලදි.

ඔහුගේ සොයගැනීම් හි ප්රතිඵල විද්යුත් ගතික විදයයාත්මක පදනම සම්පූර්ණයෙන්ම තිව්ර පරීක්ෂණයකට භාජනය කරන ලදි. සන්නායක අතර විදයුතය ගෙන යාමේදී චුම්භකත්වයේ බලපෑම නිරූපනයට ප්රංශයේ හෞතික විදයයාඥ Andre-Marie Ampere ගේ සරල ගණිතමයන් යොදා ගැනීමට අනුබල දුනි. එසේම Orsted ගේ සොයාගැනීම නිරූපනයට ප්රධාන පියවරක් ශක්තිය සංකල්පය සොයාගන්නා ලදි.