විජලනය (ඉංග්‍රීසි:  Dehydration) යනු යම්කිසි වස්තුවකින් ජලය ඉවත් වීමකි. වෛද්‍ය විද්යානුකූලව මෙය විග්‍රහකරනුයේ සිරු‍රේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගැනීමට අවශ්‍යතරම් ප්‍රමාණයට දේහය තුළ ජලය නොපැවතීමයි.

Dehydration
Nurses encourage a patient to drink an oral rehydration solution to reduce the combination of dehydration and hypovolemia he acquired from cholera. Cholera leads to GI loss of both excess free water (dehydration) and sodium (hence ECF volume depletion—hypovolemia).
විශේෂතාවCritical care medicine


විජලනය මගහරවාගැනීම. සංස්කරණය

පාචන තත්වයක් නොමැති අවස්ථාවලදී (සැලකිය නොහැකි තරම් කුඩා ප්‍රමාණයෙන්)වලක්වාගත හැක්කේ ඇතිතරම් ලෙස ජලය පානය කිරීමෙනි. සිරුරෙන් බහුලවම ජලය ඉවත්වන්නේ දහඩිය වාෂ්පවීමෙනි. මෙලෙස ඉවත් වූ ජලය නැවත සිරුරට ලබාදීම සඳහා ප්‍රමාණවත්ලෙස ජලය පානය කළයුතුවේ. අප සිරුරට විශාල වශයෙන් සිදුවන ජලය ඉවත්වීම් හා අධිකව ජලය සිරුරට ඇතුලුවීම දැකගත නොහැක. ජලය පානය කිරීම දල වශයෙන් අප සිරුරෙන් ජලය ඉවත්වීම හා සමාන විය යුතුවේ. වකුගඩු මගින් අප සිරුරට අවශ්‍යතාවයට වඩා අමතරව ලැබෙන ජලය ඉතා කාර්යක්ෂම ලෙස ඉවත් කරන නිසා අධිකව ජලපාලනය කිරීම මගින් සිරුරට සිදුවන හානිය ඉතාඅවම වේ.

එක්සත් රාජධානියේ උණුසුම් කාලගුණයක් ඇති සාමාන්‍ය දිනයකදී පුද්ගලයෙකුගේ සිරුරෙන් ලීටර් 2.5 ක් පමණ ජලය ඉවත්වේ. මෙය පෙනහළු හරහා ජලවාශ්ප ලෙස සම, හරහා දහඩිය ලෙසට හෝ වකුගඩු හරහා මුත්‍ර ලෙස ඉවත්වෙයි. ඉතා සුළු ප්‍රමාණයක් වූ ජලය මලපහ සමග පිටවේ.(පාචනය තත්තවයක් නොමැති අවස්ථාවල) අධික රස්නයක් ඇති හෝ වායුගෝලයේ දරිද්‍රතාවය ඉහළ අවස්ථාවලදී හෝ අධිකව ව්‍යායාම් නිරත වන අවස්ථාවන්හිදී බහුලව දහඩිය ලෙස පිටවන ජලය ප්‍රමාණය මනාලෙස නැවත සිරුරට ලබාදිය යුතුවේ. ඉහත සඳහන් කල අවස්ථාවන්හීදි සිරුරෙන් ඉවත්වන ජලය ප්‍රමාණය ආහාර ජීරණ පද්ධතින් අවශෝෂනය කරගත හැකි ජලය ප්‍රමාණයට වඩා අධිකවේ. මෙවන් අවස්ථාවකදී විජලනය මගහරවා ගැනීම සඳහා ජලය පානය කිරීම පමණක් කළනොහැකි බැවින් සිරුරෙන් දහඩිය ලෙස පිටවන ජල ප්‍රමාණය අවම කිරීමට ක්‍රියාමාර්ග ගතයුතුය. ( විවේක ගැනීම හා වඩාත් සිසිල් වටපිටාවක් වෙත ගමන් කිරීම )

උෂ්ණාධික හෝ ඉහළ දරිද්‍රතාවයක් ඇති පරිසර වලදී හෝ ඇඟ වෙහෙසා වැඩ කරන ව්‍යායාම් වලදී විජලනය වළක්වා ගැනීම සඳහා මුත්‍ර පිටවන වාර ගණන හා ප්‍රමාණය පිළිබඳව අවධානයක් යොමු කිරීම උපකාරීවේ. පැය තුනකට හෝ පහකට වරක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවී, මුත්‍ර ඉතා ලා පැහැයක් ගෙන හෝ අවර්ණ වී ඇති නම් විජලනයට පත්නොවේ. නමුත් මුත්‍රා තද පැහැයෙන් යුක්ත වීමෙන් හෝ මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ප්‍රමාද වීම හෝ මුත්‍රා පිට නොවීම සිරුරට ලබාගන්නා ලද ජලය ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පෙන්නුම් කරනු ලබයි.

දහඩිය මගින් ඉතා විශාල ප්‍රමාණයක් ජලය සිරුරෙන් ඉවත්ව ගිය පසු ඒවා පානීය ජලය මගින් නැවත යථාතත්වයට පත්කරගත් පසුව නිවැරදි ආකාරයට සිරුර තුල අයන සමතුලිතතාව පවත්වා ගැනීම ගැටලුවකි. සිරුර තුළ ඇති තරලවල සාන්ද්‍රනයට වඩා අඩු හෝ වැඩි සාන්ද්‍රනයකින් යුතු දියර වර්ග පානය කිරීම මගින් අනිටු ප්‍රතිවිපාක ඇති විය හැක. මෙමගින් රුධිරයේ සෝඩියම් අයන ප්‍රමාණය අඩු හෝ වැඩිවීම සිදුවිය හැක.

වමනය හෝ පාචනය මගින් අමතරව සිදුවන ජලය ඉවත්වීම මගින් ඇතිවන අසමතුලිතතාවයන් මගින් අවධානම් තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. කුඩාදරුවන්ට ඇතිවන පාචනය හා කොළරාව වැනි රෝග තත්ත්වයන් මගින් එම රෝගීන් විජලනයෙන් සහ අයන වල අසමතුලිතතාවයන් මගින් මරණයට වුවද පත්විය හැක. ක්‍රීඩාවන් පැවැත්වෙන අවස්ථාවන්හිදී සිසිල්පැන් පානය කිරීම සඳහා ක්‍රීඩකයන්ට ලබාදෙන විරාමයන් මගින් විජලනය වලකා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදේ.

"https://si.wikipedia.org/w/index.php?title=විජලනය&oldid=517826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි