විකිපීඩියා සාකච්ඡාව:ඔබගේ පළමු ලිපිය

මායා ශිෂ්ටාචාරය සංස්කරණය

          මුළු මහත් මධ්‍යම ඇමරිකාව පුරා පැතිරුණු මායා ශිෂ්ටාචාරය සැලකෙන්නේ වර්තමාන ඇමරිකා මහද්වීපය බටහිර ජාතිකයන් විසින් අත්පත් කර ගන්නා තෙක් පැවති දියුණුතම ශිෂ්ටාචාරයක් ලෙසයි. අති දැවැන්ත පිරමීඩ සහ මහා පරිමාණ නගර මායාවරුන් විසින් නිර්මාණය කළ අතර ලේඛන කලාව, තාරකා ශාස්ත්‍රය ආදී බොහෝ විෂයයන් පිළිබඳ උසස් දැනුමක් මායාවරුන් සතුව තිබුණා. නමුත් ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇතුළු ස්පාඤ්ඤ යටත් විජිත ආක්‍රමණිකයන් එම ප්‍රදේශ වලට වඩා කඩාවැදීමත් සමග මෙම සුවිශේෂී ශිෂ්ටාචාරය වසර කීපයක් තුළ මහ පොළොවෙන් අතු ගෑවී ගියා. මේ සටහන මායා ශිෂ්ටාචාරය සතු  සුවිශේෂීතා කිහිපයක් පිළිබඳවයි.

==

තවමත් ගවේෂණය නොකළ මායා නගර සහ පිරමීඩ == සංස්කරණය

පිරමීඩ කියවූ සැණින් අපට මතක් වෙන්නේ ඊජිප්තුවයි. නමුත් ඊජිප්තු වාසීන්ටත් වඩා සංකීර්ණතා වලින් යුතු වූ පිරමීඩ පද්ධතියක් මායාවරුන් විසින් ගොඩ නඟනු ලැබුවා. ඒවා නිර්මාණය කිරීමට හේතු සහ ඊට පදනම් වූ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අදටත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ඉතා මෑතක දී පවා ඝන වනාන්තරයකට යටවී තිබූ මායා මහානගර දෙකක් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගත් අතර කඳුගැටයක් යයි මෙතෙක් කලක් ඔවුන් වරදවා වටහා ගෙන තිබුණේ පිරමීඩයකුයි

චොකලට් ලෝකයට හඳුන්වා දීම සංස්කරණය

මීට වසර දෙදහස් හයසියයකට පමණ පෙර ලෝකයේ පළමු වතාවට කොකෝවා කෘෂිකාර්මික වගා කිරීම සහ ඒ ඇසුරෙන් චොකලට් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද්දේද මායාවරුන් විසින්. වතුර, පැණි, විවිධ මිරිස් වර්ග ආදිය භාවිතා කරමින් සැර චොකලට් පානයක් නිර්මාණය කිරීම ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. උත්සව සහ අභිචාර වල දී මෙලෙස චොකලට් පානය කිරීම අනිවාර්යය අංගයක් බවට පත් වුණා.


== • 'සංකීර්ණ ලේඛන කලාව ' ==

මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළා වගේම මායාවරුන් සතුව සංකීර්ණ ලේඛන කලාවක් පැවතුණා. ඒ සඳහා ඔවුන් භාවිතා කරන ලද්දේ රූපාක්ෂර මාලාවක්. වසර ගණනාවක් තිස්සේ මේ රූපාක්ෂර කියවීම පුරාවිද්‍යාඥයන් අතර නොවිසඳිය හැකි ගැටළුවක් බවට පත්ව තිබූ අතර පසුව ටටියානා පොරොසොරියාකොෆ් නම් ආධුනික කෞතුකාගාර පාලිකාව විසින් ඒ සඳහා යම් රටාවක් සොයා ගනු ලැබුවා.


යුරෝපීයයන් අතින් විනාශ වුණ මායා ඥාන සම්භාරය සංස්කරණය

ගස්වල දිග පොතු ආශ්‍රයෙන් සකස් කර ගත් පොත් සකස් කිරීම මායාවරුන් විසින් සිදුකළ අතර ඒ මත විවිධ විෂයයන් පිළිබඳව කරුණු සටහන් කිරීම සිදු කරනු ලැබුවා. නමුත් අවාසනාවකට මෙන් අද වන විට ලොවටම ඉතිරි වී ඇත්තේ එවැනි ලේඛන තුනක් පමණක් බව කියවෙනවා. ආගමික විශ්වාස වලින් උමතුව සිටි ස්පාඤ්ඤ ජාතික ආක්‍රමණිකයන් මෙම පොත පත තමන්ට අවස්ථාවක් ලැබුණු වහාම විනාශ කිරීම ඊට හේතුවයි.

• == මායාවරුන්ගේ දින දර්ශනය ===
== 

මීට වසර කීපයකට පෙර ලෝක අවසානය සිදුවන බවට ලෝ පුරා සුවිශාල කැළඹීමක් ඇති ව ගිය බව ඔබට මතක ඇති. ඊට හේතුව වූයේ මායා දින දර්ශනයක අවසාන දිනය ලෙස 2012 දෙසැම්බර් 21 සඳහන් වීමයි. නමුත් මේ පිළිබඳව අධ්‍යයනය කළ විද්වතුන් පවසන්නේ මෙම පදනම් විරහිත විශ්වාසයට හේතුව වී තිබුණේ මායාවරුන්ගේ එක් දින දර්ශනයක් පමණක් බවයි. එහි වසර 5125ක දින ගණන් කිරීම සිදු වී ඇති අතර එම කාල පරිච්ඡේදය අවසන් දිනය ලෙස 2021 දෙසැම්බර් 21 සඳහන්ව තිබුණා.

• මායාවරුන්ගේ විලාසිතා සංස්කරණය

මුල් කාලයේ යුරෝපීයයන් විසින් මිලේච්ඡ‍යන් ලෙස මායාවරුන් හැඳින්වූවත්, මායාවරුන් විසින් වර්ණවත් ඇඳුම් ආයිත්තම් භාවිතා කරනු ලැබුවා. ඊට අමතරව තම සිරුරේ සායම් තවරා ගැනීම මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමත් ඔවුන් විසින් සිදු කළා. කුඩා කාලයේදී දරුවන්ගේ හිස බැඳ තබා ගැනීම මගින් හිස් කබලේ හැඩය වෙනස් කිරීම සිදුවුණා. එය සිදු වූයේ විවිධ සමාජ ස්ථර නිරූපණය වීමටයි. ඊට අමතරව ඔවුන්ගේ ඉදිරි දත් පෙළ විඳ මැණික් වැනි විසිතුරු ගල් වර්ග ඊට අල්ලනු ලැබුවා.

මත්පැන් වස්තිය සංස්කරණය

මායාවරුන් අතර තිබූ විශ්වාස වලට අනුව දෙවියන්ට සහ විවිධ ආත්ම සමග සන්නිවේදනය කිරීමේ හොඳම මාධ්‍යය වන්නේ මත් වීමයි. ඔවුන් ඒ සඳහා මධ්‍යසාර අඩංගු විවිධ පාන වර්ග භාවිතා කළ අතර එහිදී වමනය සිදුවීම වැළැක්වීමට ඔහු විසින් අපූරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ බව කියවෙනවා. ඒ අදාළ මත්පැන් වර්ගය සහ ඖෂධ වර්ග අධෝ මාර්ගයෙන් ශරීරගත කර ගැනීමයි.

Return to the project page "ඔබගේ පළමු ලිපිය".