• අංග රචනය.
      අංග රචනය විග්‍රහ කිරීමේ දී "අංග" යනුවෙන් අදහස් කරන්නේ මුහුණ ප්‍රධාන කොට ඇති ශරීරයේ අඟ පසඟ වේ."රචනය" ලෙස හඳුන්වා ඇත්තේ අඟ පසඟ චරිතයේ ස්වභාවයට අවශ්‍ය පරිදි සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කිරීමයි.ඒ අනුව "අංග රචනය" යනු,වර්ණ හා හැඩතල උපයෝගී කර ගනිමින් කෙනෙකුගේ බාහිර පෙනුම චරිතයට උචිත ලෙස හැඩගැන්වීමයි.

•අංග රචනයේ දී භාවිතා කරන වර්ණ භාවිතා කරමින් ත්‍රිමාණ බව මතු කිරීමේ ශිල්ප ක්‍රමය " අඳුර එළිය ශිල්ප ක්‍රමය" වේ.

  • අංග රචනය කිරීමේ ක්‍රම විධි.
1) ස්වභාවික අංග රචනය.
     කෙනෙකුගේ බාහිර ස්වරූපය ඒ 
     අයුරින්ම ඉදිරිපත් කෙරේ.
2) චරිතාංග අංග රචනය.
     බාහිර ස්වරූපය වෙනස් කර 
     චරිතයට අවශ්‍ය පරිදි සකස් කර 
     ගැනීම. 
3) ශෛලීගත අංග රචනය.
     රැවුල,කොණ්ඩා සැකසීම ආදිය 
     උපයෝගී කර ගැනීමෙන් යම් 
     ශෛලියක් අනුව සිදු කෙරේ.
4) විකාර රූපී / ෆැන්ටසි අංග රචනය.
     කෝලම්,අභිරූපන ආදි චරිත 
     නිරූපණය සඳහා යොදා ගනී.
  • නර්තන අංගයක් සඳහා අංග රචනයේ දී සැලකිලිමත් විය යුතු කරුණු.

•මුහුණේ පිහිටීම පිළිබඳ අධ්‍යයනය කිරීම. •මුහුණේ ප්‍රධාන කොටස් අවබෝධ කර ගැනීම. •මුහුණ ට සාපේක්ෂව බෙල්ලේ සහ අත්වල මූලික ආලේපන යෙදීම. •ශිල්පියාගේ සමේ වර්ණය ගැන සැලකිලිමත් වීම.

  • අංග රචනයක දී මුහුණේ බෙදා දැක්වෙන ප්‍රධාන කොටස්.

• කොටස් ගණන - 05

   °නළල 
   °ඇස්
   °නාසය
   °කට
   °නිකට

• අංග රචනයට මුලින්ම භාජනය කරනුයේ "නළල" යි.

  • අංග රචනය අවශ්‍ය වන්නේ ඇයි ?

° චරිත නිරූපණයක දී නම්,

 • එම චරිතයේ ස්වරූපය වඩාත් තීව්‍ර 
  කර දැක්වීමට.
 • රංගාලෝකය භාවිතයේ දී චරිතය 
  ඉස්මතු කර පෙන්වීමට.

° නර්තනයක දී නම්,

•මුහුණේඇහිබැම,ඇසිපිය,දෙතොල,කම්මුල් 
 ආදී ස්ථාන ක්‍රමවත්ව හා අලංකාරව 
 නිරූපණය කිරීමට.
•වේදිකාවට භාවිතා කරන රංගාලෝකය 
 තුල දී නර්තන ශිල්පීන් වඩාත් ඉස්මතු 
 කර පෙන්වීමට.
  • අංග රචනයේ දී භාවිතයට ගන්නා ද්‍රව්‍ය.

•මූලික ආලේපන මෙය ස්පොන්ච් කැබැල්ලක් තමා ආලේපනය කළ හැකිය.

•රේඛා ඇඳීම අංග රචනයේ දී විවිධ හැඩ,රූප,වර්ණ මතු කිරීම සඳහා භාවිතා කරයි.

•ආලේපන පැන්සල් රේඛා ඇඳීමටත්,හැඩතල මතු කිරීමටත් භාවිතා කරයි.

•බුරුසු හා ස්පොන්ච් වර්ණ,බේස් පවුඩර් ආලේප කිරීම සඳහා භාවිතා කරයි.

•දත් වර්ණ •Removing cream •powder •Powder puff •rooch •Eye shadows •lipstick •Eye Lashes

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:Article_creation&oldid=499528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි