විකිපීඩියා:සිද්ධ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේ - අලුත්නුවර

සිද්ධ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේ - අලුත්නුවර

ශ්‍රී ලක්දිව පුරවරයේ රාවනා නම් මහා බලසම්පන්න රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එතුමානන් ගේ බාලම සහෝදරියක් වන සුමිත්‍රා මාතාව කුසින් පිලිසිදගත් පුත් කුමාරයෙක් කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් පරිනත වෙන විට අසම සම අධිෂ්ඨාන ශක්තියකුත්,අසම සම තේජසකුත්, දුටු දුටුවන් මන බදිනා සුලු රූප ශ්‍රීයකිනුත් යුතුව සියලු දෙවි වරුන් අදහාගෙන බැතියෙන් සුගතියෙන් කටයුතු කරන්නට විය. සිද්ධ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේ - අලුත්නුවර

ඉන් අනතුරුව දෙව්ලොව වරම් ලබාගෙන හිසකෙස් රැලි සහිතව උපත ලබන නිසා "මුන්ඩ දේව" (මුන්ඩ = රැලි සහිත හිසකෙස් ඇති තැනැත්තා) යන නාමෙයෙන් උත්පත්තියක් සිදුවිය.ලොවතුරා තථාගතයානන් වහන්සේ ලක්දිව පුරවරයට වැඩම කර එවකට මහියංගන පුරවරයහි හිටි මහා යක්ශ බල සේනාව එකතු කර ධර්ම දේශනාවක් කලද එම ධර්මයට පටහැනිව ක්‍රියා කල නිසා "සක්වල ගල" යැයි හදුන්වන පර්වතයෙන් එපිටට එලවන්නට තීණ්දුවක් යෙදිනි.උන්වහන්සේගේ මහා බලසම්පන්න ශ්‍රී බුද්ධ බලයෙන්, මුඛ විවරනයෙන් ,ශ්‍රී මුඛයෙන් දේශනා කල ධර්මය ඉවසාගෙන ඉන්න බැරි උන උදවිය නොයෙක් නොයෙක් ආකාරයෙන් වද වේදනා විදි අතර ගිනිදැල් දහසක් මවාගෙන,නෙත් දහසක් මවාගෙන, උර දහසක් මවාගෙන හිටි යක්ශ සේනාව පවා පලා යන්නට යෙදුනි.. ඒවෙනවිට විටත් මුන්ඩ දේව නම් වූ දේවතාවුන් වහන්සේගේ සේනාවේ සෙන්පතියන් ලෙස හිටි "සොහොන් යක්ශ" "රීරී යක්ශ" කියනු ලබන්නා වූ යක්ශයන් දෙදනාවත් සඟවාගෙන ආරක්ශාව සපයන අතරේ මුන්ඩ දේව නම් වූ දෙවියන් "එක යකෙක් යක්ශනියක් සම්මා සම්බුදු රජානන් වහන්සේට හානියක් කරන්නට ඉදිරියට පැමිනියොත් බුදුරජානන් වහන්සේ ව ආරක්ශා කරම්" යැයි දැඩි අධිෂ්ඨානයකින් රන් හියක් දුන්නක් අත දරාගෙන සම්මා සම්බුදු රජානන් වහන්සේ ට ආරක්ෂාව සපයන විට අනෙකුත් දෙවි වරුනුත් සත් මුහුදු මතින් එතරව පලා ගොස් ඇත

මේ ආකාරයෙන් සියලුම දෙවි වරුනුත් පලා යන අතරේ මුන්ඩදේව නම් වූ දෙවියන් පමනක් දැඩි සිතකින් යුතුව කටයුතු කල නිසා, දැඩි සිතකින් කාර්ය්‍ය නිම කල නිසා "සිත දැඩි හිසකෙස් රැලි සහිත දෙවියන්" යන තේරුම ඇතුව "සිද්ධ දැඩිමුන්ඩ දේවතා" කියන ගරු නම්බු නාමයෙන් ලක්දිව පුරා ප්‍රචලිත විය.


ඉන් අනතුව කාලයාගෙන් ඇවෑමෙන් උත්තර දේශයෙන් මධ්‍ය දේශයට,මධ්‍ය දේශයෙන් නග්ගින දේශයට,නග්ගින දේශයෙන් දකුනු පුරවරට ,රුහුනු පුරවරට , මලය පුරවරට ආදි වශයෙන් ගමන් කර ඒ ඒ ස්ථාන වලින් වැදුම් පිදුම් ලබාගෙන නැවත මධ්‍ය දේශයට පැමින කෑරගල් පුරවරයෙහි නැවැත්තකෑගල්ල නින්දගම් කුටියක් සාදා ගැනීමට කුඩා ස්ථානයක් සාදාගෙන මලල,කවඩි,බංගලි වැනි දහ අට දේශයෙන් යකුන් යක්ශනියන් ගෙන්වා මා වේවැල් රැහැනින් ගල් කප්පවා උඩ වීදිය,පහත වීදීය, මැද වීදිය මගුල් වීදීය යන්නා වු වීදී සතරක් ඉදිකරවා, උඩ වාහල් කඩ, පහත වාහල් කඩ යන්නා වූ වාහල් කඩ දෙකක් දි කරවන්නට යෙදුන බව කියවේ. [1]

  1. http://aluthnuwara.org