විකිපීඩියා:සංකීර්ණ නොවන බව

විකිපීඩියාවේ මූලික යාන්ත්‍රණය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට දින කිහිපයක් ගත වෙතත්, එය කෙළ පැමිණි කල්හී, සම්පූර්ණ විශ්වකෝෂය පරිහීලනය කිරීමේ පූර්ණ නිදහස ඔබ සතු වෙයි. මෙම පිටුව සරල ලෙසින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සංස්කරණය විගසින් ඇරඹුම‍ට හා ප්‍රධාන අවහිරයන් මග හැරුමට ඔබ කල යුතු දෙයයි.

විකිපීඩියාවේ මූලධර්ම හා ප්‍රගුණනයන් ගැන මේ හා සමසම හැඳින්වීමක් සඳහා, සරලකෘත නීතිමාලාව වන WP:සරල බලන්න.

සංස්කරණය කිරීම සංස්කරණය

  • සංස්කරණය කිරීම. විකිපීඩියාවේ සෑම පිටුවකම පාහේ [සංස්කරණය කරන්න] යන්නක් හෝ [සංස්කරණය] යන්නක් හෝ ඇති අතර, එය පිටුව තුල හෝ තිරයේ ඉහළ වම් කෙළවරෙහි පිහිටා ඇත. [සංස්කරණය කරන්න] හෝ [සංස්කරණය] යන්න ක්ලික් කල විට අකුරු ටයිප් කල හැකි සහ වෙනස් කම් කල හැකි සරියක් ඔබට දිස් වනු ඇත. 'සලකුණු' ('මාක්අප්') නමැති භාෂාවක් විකිපීඩියාව තුල භාවිතා කරන බැවින් එය සුපුරුදු සංස්කරණ සරියකට වඩා මදක් වෙනස් ලෙසින් ඔබට දිස් වනු ඇත. එය තැතිගන්වන සුළු නම් කලබල නොවන්න. සුළු වෙනස්කම් කිහිපයක් අත්හදාබලා අනෙකුන් කරන දෙයක් ආදර්ශයට ගෙන ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලඟා කර ගන්න.
  • මූලික සලකුණු. සංකේත ඇසුරෙන් ආකෘතිකරණය එක්කිරීමට ඉතා සරල ක්‍රමයක් අප හට ලබා දීමට සලකුණු භාෂාව සමත් වෙයි. සංස්කරණ මෙවලම් තීරුව භාවිතයෙන් හෝ හස්තීය ලෙසින් හෝ මේවා එක් කල හැක. මේවා අනවශ්‍ය නම්, සාමාන්‍ය ලෙසින් ටයිප් කරන්න.
පෙනෙන අයුරු
- ඇලකුරු සඳහා, අපවර්තන ලකුණු ( ' ) දෙකක් බැගින් වචනය දෙපසින් මෙලෙසින් යොදන්න ''ඇලකුරු''.
- තදකුරු සඳහා අපවර්තන ලකුණු තුනක්: '''තදකුරු''' .
- තද හා ඇලකුරු සඳහා පහක්: '''''තද හා ඇලකුරු''''' .
ඛණ්ඩ සහ ලැයිස්තු
-ඛණ්ඩ ශීර්ෂක තැනෙන්නේ එක් එක් පැත්තක සමාන කිරීමේ ලකුණක් (=) යෙදීමෙනි. ==මෙය දෙවන මට්ටමෙහි ශීර්ෂකයකි==. වැඩිමනත් සමාන කිරීමේ ලකුණු එක් කිරීමෙන් වඩාත් කුඩා අනු-ඛණ්ඩ තැනේ. ===මෙය තුන්වන මට්ටමෙහි ශීර්ෂකයකි===, ආදි වශයෙන් වෙයි. ඔබ විසින් පළමු මට්ටමෙහි ශීර්ෂකයක් භාවිතා නොකරනු ඇත්තේ එය පිටුවේ ශීර්ෂකයම වන බැවිනි.
-බුලට සහිත ලැයිස්තු තනන්නේ එක් එක් ‍පේළිය ඉදිරියෙන් * යෙදීමෙනි.
-අංකිත ලැයිස්තු තනන්නේ එක් එක් පේළිය ඉදිරියෙන් # යෙදීමෙනි.
සබැඳි
-එක් විකිපීඩියා පිටුවකින් තවත් විකිපීඩියා පිටුවකට සබැඳියන් ඇති කරන්නේ වචනය දෙපස කොටු වරහන් දෙකක් බැගින් [[විකිසබැඳිය]] ආකාරයට යෙදීමෙනි.
-බාහිර වෙබ් අඩවියන් වෙත සබැඳියන් ඇති කරනුයේ එක් පසක එක් කොටු වරහන බැගින් [බාහිර සබැඳිය] ආකාරයට යෙදීමෙනි. එනමුදු මේවා භාවිතා කරන්නේ ලිපියක බාහිර සබැඳි ඛණ්ඩයෙහි පමණි.
-රූප එක් කරනුයේ [[ගොනුව: රූපනාමය|thumb|රූපවිස්තරය]] ලෙසිනි. 'Thumb' යනු රූපය දැක්විය යුතු ප්‍රමාණය වෙයි.
ඡේද සහ ආශ්‍රිත
-පේළි කඩනයන් හා ඡේදයන් ඇතිකෙරුමට [return] එබීම හෝ [enter] දෙවරක් එබීම හෝ (අතරමැද හිස් පේළියක් දක්වයි), <br> හෝ <p> භාවිතා කිරීම අවශ්‍ය වෙයි.
-ආශ්‍රිත දැක්වෙන්නේ ref ටැග අතරය: <ref>ආශ්‍රිත මෙහි දැක්වේ </ref>. මෙය භාවිතා කෙරෙන වාක්‍යයක විරාම ලකුණට පසුව මෙය භාවිතා කරන්න.
  • පෙරදසුන සහ සුරැකීම. ඔබ විසින් සිදු කල වෙනස්කම් වල කෙටුම්පතක් දැකීමට ඔබට අවශ්‍ය නම්, [පෙරදසුන පෙන්වන්න] ක්ලික් කරන්න; නොඑසේනම් [පිටුව සුරකින්න] ක්ලික් කල විට ඔබගේ සංස්කරණ එළිදැක්වේ.
  • පිටු සැලැස්ම. සියළු ලිපි පොදු ආකෘතියක් භාවිතා කරති. ඇරඹෙන්නේ හැඳින්වීමකින් වන අතර, පිටුව සාරාංශගත කෙරෙන ඡේද කිහිපයකින් මෙය සමන්විත වෙයි. පිටුවෙහි මාතෘකාව ප්‍රථමයෙන්ම දැක්වීමට තදකුරු භාවිතා කරන්න.