විකිපීඩියා:මූලධර්ම
සිංහල විකිපීඩියාවට මූලධර්ම පද්ධතියක් සකසා ගැනීමේ කර්තව්‍යය ඇරඹීමේදී නිතැතින්ම අපගේ මනැස යොමු වන්නේ ඉංග්‍රීසි විකිපීඩියාව වෙතටය. ප්‍රජාවගේ සාරධර්ම සහ මූලධර්ම මේ යැයි දැක්වෙන ඒක රාශී, ස්ථීර ප්‍රකාශයක් ඉංග්‍රීසි විකිපීඩියාව වෙත හෝ සොයාගැනුම උගහටය. එය පැවැති පසු ගිය කාලය පුරා, ඉංග්‍රීසි විකිපීඩියාවේ සංස්කාරකවරුන් කිහිප දෙනෙක් මෙම සාරධර්ම හා මූලධර්ම පිළිබඳ සාරාංශ මෙන්ම කුමක් වැදගත් වන්නේද යන්න හුවාදක්වමින් ඔවුන්ගේ අදහස් ගැබ් කොට විවිධ රචනා ලියා දක්වා ඇත. මෙම ජනප්‍රිය පිටු වල ලැයිස්තුවක් පහත දැක්වේ:
- පරිශීලක:ජිම්බෝ වේල්ස්/මූලධර්ම ප්රකාශනය: පැරණිතම එකක් වන මෙම මූලධර්ම ප්රකාශනය, ප්රාරම්භකයා විසින් ලියන ලද්දකි.
- විකිපීඩියා:පංචස්ථම්භ: වඩාත්ම ජනප්‍රිය යැයි සැලකෙන මෙය, නව සංස්කාරක වරුන් සිහි දරාගෙන ලියා දක්වා ඇති සරල සාරාංශයකි.
- විකිපීඩියා:ත්රිමාපක: මෙම තෙවැදෑරුම් සරලකෘත නීතිමාලාව, පංචස්තම්භ පිටුවට පූර්වගයක් ලෙස ක්‍රියා කර ඇත.
- විකිපීඩියා: අන්තර්ගත මූලධර්ම හරය: අපගේ අන්තර්ගත මූලධර්මයන්හී හරය පිළිබඳ පසුබිමෙන් බිඳක් සහ කෙටි සාරාංශයකි.
- විකිපීඩියා:විකිපීඩියා යනු විශ්වකෝෂයකි: විකිපීඩියා යනු කුමක්ද යන්න නොවලහා දක්වන නොවක්, සෘජු හා නියමාකාර රචනය
- විකිපීඩියා:විකිපීඩියා කෙටියෙන්: ව්‍යාපෘතියෙහි විශ්වකෝෂමය ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමකි.
- විකිපීඩියා:සරලකෘත නීතිමාලාව: වැඩි විස්තර සහිත දිගු පිටුවක්.
- විකිපීඩියා:ආචාරධර්ම: විවිධ ආචාරධර්ම සංග්රහයන්හි ලැයිස්තුවක්
- විකිපීඩියා:අභිප්‍රාය: විකිපීඩියාවේ අභිප්‍රාය
- විකිපීඩියා:පරිශීලක දහම: විකිපීඩියානුවන් අදහන දෑ
- විකිපීඩියා:නිෂ්පාදිතය, ක්‍රියාවලිය, ප්‍රතිපත්තිය
- විකිපීඩියා:අපගේ විශ්වකෝෂය සංස්කරණය කිරීමට සරල නීති 8 ක්
- විකිපීඩියා:විශ්වකෝෂයක් ගොඩනැගුම: ව්‍යාපෘතිය ගොඩනඟන හෝ විනාශමුඛයට ඇද දමන චර්යාවන්.
- meta:මූලික මූලධර්ම: සමස්ත විකිමාධ්‍ය ප්‍රජාවන් මගින් පොදු ලෙසින් අනුමත කෙරෙන මූලධර්ම
- wmf:සාරධර්ම: විකිමාධ්‍ය පදනමෙහි සාරධර්ම හය
මෙම සමස්ත පිටු මාලාවෙහි අභිමතාර්ථය වන්නේ සංස්කාරකවරුන්ට තොරතුරු සැපයීම හා උපකාර වීමයි. මෙම පිටුවලින් කිසිවක් ඉංග්‍රීසි විකිපීඩියා ප්‍රජාවෙහි නිල ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශ නොවේ.
මෙනයින් සිංහල විකිපීඩියාව සඳහාද මෙම ලිපි වල ගැබ්වන අදහස් උපයෝජනයට අවකාශ ඇති මුත් ඉන් කිසිවක් නිල ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශ ලෙසින් නොසැලකීමට අප ප්‍රජාව පරිස්සම් විය යුතුය.
මෙය බලන්න
සංස්කරණය- විකිපීඩියා:විකිපීඩියා ප්‍රජාවෙහි අපේක්ෂා හා ප්‍රතිමාන, මාර්ගෝපදේශයක් ලෙසින් වර්තමානයෙහි යෝජිත වී ඇත
- විකිපීඩියා:හැඳින්වීම / විකිපීඩියා:පිළිබඳ, හඳුන්වන පිටු
- විකිපීඩියා:විකිපීඩියානු ක්රියාවලියන්හී හා ප්‍රජාවෙහි ඉතිහාසය, ඓතිහාසික
- විකිපීඩියා:නිර්නාමිකයන්ද මනුෂ්‍යයෝය, රචනයක්
- විකිපීඩියා:සියළු නීති මූලධර්ම වෙති, රචනයක්
- විකිපීඩියා:විකිපීඩියාව මෙතරම් උතුම් වන්නේ ඇයි, රචනයක්
- විකිපීඩියා:අනාර්ථකාරී පංචස්ථම්භය, හාස්යඋත්පාදන රචනයක්