විකිපීඩියා:දෙමව්පියන්ට උපදෙස්

මෙම රචනය වෙතින්, දෙමව්පියන් සහ නෛතික භාරකරුවන් සඳහා, විකිපීඩියාව පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරයි. විකිපීඩියාව වෙත අතිමහත් තොරතුරු සම්භාරයක් සතු වන අතරම, අතිශයින් දැඩි කාමෝද්දීපක ප‍්‍රබන්ධ කුඩා ප්‍රතිශතයක්ද එහි අඩංගු වෙයි. අප වනාහී, විශ්වකෝෂයක් ගොඩනැගීම අරමුණු කරගත් මිත්‍රශීලි සහ විවෘත ප්‍රජාවක් වන මුත්, ඔබ විසින් දැන සිටිය යුතු කරුණු කිහිපයක් තිබිය හැකිය...
A white swan followed by nine little cygnets
මෙම පිටුව වෙතින් අදහස් කරනුයේ ඔබගේ මුළු පවුල සඳහාම ප්‍රයෝජනවත් උපදෙස් සැපයීමයි.

විකිපීඩියාවෙහි ඉලක්කය වන්නේ, එය වෙතින් පිටපත් කිරීම, එය වෙනස් කිරීම සහ එහි අන්තර්ගතය යළි බෙදා හැරීම සඳහා නෛතික බාධාවක් නොමැති (ප්‍රකාශන හිමිකම් රහිත, අපගේ භාෂිතයේ සැටියට) සහ අමතර වැයක් නොදැරිය යුතු ආකෘතියකින් "සමස්ත මානව දැනුමෙහි එකතුව" පිළිගැන්වීමයි.