අතීතයේ මිනිසා හා පරිසරය අතර පැවතියේ නොබිදිය හැකි සම්බන්ධතාවයකි.මිනිසා පරිසරයට ආදරය කරන තරමටම පරිසරය මිනිසාට කීකරු විය. නමුත් මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණවත්ම මෙතෙක් පැවති සම්බන්ධතාවයට ප්‍රබල පහරක් එල්ල විය.මිනිසාගේ හිතුවක්කාර ක්‍රියා හේතුවෙන් පෘථිවියේ උණුසුම ක්‍රමිකව ඉහල යමින්ද ඊට සාපේක්ෂව දේශගුණිකවිපර්යාස වර්ධනය වෙමින්ද ඉදිරියට යන්නට විය. මිහිතලය මත උෂ්ණත්වය තැනින් තැනට වෙනස් වීම නිසාද එය සෘතු අනුව වෙනස් වීම නිසාද සමස්තය පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී උෂ්ණත්වය 133 0C කින් ඉහල ගොස් ඇත. තවත් විශේෂත්වයක් නම් වැඩිම ඉහලයාම පෙන්නුම් කරන්නේ 1950 න් පසුව වීමයි. උණුසුම් වීමද වේගවත් වී ඇතිබව පැහැදිලිය. විද්‍යාඥයන් ගණන් බලා ඇති අන්දමට 21 වන ශතවර්ෂය තුල මිහිතලයේ උෂ්ණත්වය ඉහලයාම අවම වශයෙන් 11oC කි.එය ඉදිරියේදී 64oCදක්වා ඉහල යා හැකිය. මෙලෙස ගෝලීය උණුසුම් වීම කෙරෙහි ප්‍රධාන සාධක 2 ක් හේතු වී ඇත. හරිතාගාර වායු වායු ගෝලයට මුක්ත වීම එක් හේතුවක් වන අතරම වනාන්තර ඒළිපෙහෙළි කීරීමද එයට බලපා ඇත.හරිතාගාර වායු ලෙස ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රොක්සයිඩ්, මීතේන්, ක්ලෝරෝෆ්ලූරෝකාබන් (CFC), බ්රෝමීන් හදුනාගෙන ඇත. පහල වායු ගෝල පරිසරයන්හි ජල වාෂ්ප හා ඕසෝන් ද හරිතාගාර වායු ලෙස ක්‍රියාකරයි. මේ වායු අතරින් කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් හා මීතේන් ආදිය මිහිතලය තුල ස්ථායි උෂ්ණත්වයක් පවත්වාගෙන යාමට උදව් වෙයි. මේතාක් තුලිතව පැවති චක්‍රීය ක්‍රියාවලියට අමතරව එකතු වූ හරිතාගාර-වායූන් වායු ගෝලයට එක්වීම නිසා වායු ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමේ හැකියාව ඉහල ගොස් ඇත.
පැරණි ලිපි
|