විකිපීඩියා:තෝරාගත් ලිපි/ඔක්තෝම්බර් 2010

ගොනුව:Airforce50.jpg
ගුවන් හමුදාව ලංකාවේ ස්ථාපිත කරන ලද්දේ 1951 මාර්තු 1 වනදාය. එය මූලික වශයෙන් ආරම්භ කරන ලද්දේ, රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙසිනි. 1951 දී ආරම්භ වූ රාජකීය ගුවන් හමුදාව 1972 මැයි 22 දින ශ්‍රි ලංකා ගුවන් හමුදාව ‍ලෙස පාර්ලිමේන්තු ව්‍යවස්ථානවේ ව්‍යවස්ථා ගත විය. ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව මෙම වෙනස් කිරීම සිදුකරන ලදී. ශ්‍රි ලංකා රාජකීය ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය. ශ්‍රි ලංකා ගුවන්හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, එයාර් මාෂෙල් ජී. එම්. මෙන්ඩිස් ය. ආරම්භයේ සිට අද දක්වා ගුවන්හමුදාව තුළින් ලංකාවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කෙරේ. විශේෂයෙන් ශ්‍රි ලංකා යුධ හමුදාව සහ ශ්‍රි ලංකා නාවික හමුදා මෙහෙයුම් උදෙසා ගුවන්හමුදාවෙන් අති විශාල මෙහෙයක් ඉටු කෙරේ. ශ්‍රී ලංකාව වසර 450 කට අධික කාලයක් පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවතුනි. බ්‍රිතාන්‍යයන් හෙවත් ඉංග්‍රීසීන් යටතේ ලංකාව පාලනය වන සමයේ දෙවන මහා ලෝක යුද්ධය ආරම්භ විය. 1939 දී දෙවන මහා ලෝක යුද්ධය ඇතිවන විට සතුරු බෝම්බ ප්‍රහාර හමුවේ ලංකාව ආරක්ෂා කිරිම බ්‍රිතාන්‍යය වගකීම විය. එසේම එය යුතුකමක් ද විය. මේ වගකීම මනා ලෙස තේරුම් ගත් එංගලන්ත මහ රැජින විසින් ජෙෂ්ට් ඩේකන් නැමැති නිළධාරියාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා රාජකීය ගුවන් හමුදාව පිහිටුවන ලදී. මොවුන් මුල දී කොළඔ, කටුනායක, චීන වරාය, මන්නාරම, කොග්ගල, මින්නේරිය සහ සීගිරිය යන ස්ථානවල තම ගුවන් කටයුතු ආරම්භ කළ අතර පසු කලෙක චීන වරාය හා කටුනායක යන ස්ථානවල ස්ථිර ගුවන් කඳවුරු පිහිටුවන ලදී.

1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රි ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුනි. මේ අතර මෙය අවබෝධකරගත් එවක සිටි පාලකයින් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ශ්‍රි ලංකා යුධ හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී, එහෙත් රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ, 1951 මාර්තු පළවනදාය.(තව දුරටත්...)

පැරණි ලිපි