පෞද්ගලික පරිගණකය වනාහි තනි පුද්ගල පාවිච්චිය වෙනුවෙන් ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්‍රමාණය සමඟ අනෙකුත් පහසුකම් වලින් සමන්විත වන පරිගණකයක්  මෙහෙයවන්නෙකුගේ සහයෝගයක් නොමැතිව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණක මාදිලියකි. නූතන යුගය වන විට ඩෙස්ක්ටොප් පරිගණකය හෝ ටැබ්ලට් පරිගණකය පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරනු ලබයි. වඩාත් ප්‍රචලිතව ඇති පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් වන අතර වඩාත් ප්‍රචලිත මයික්‍රොප්‍රොසෙසර වනුයේ x86 සහ පවර් පීසී ඊපීය. පෞද්ගලික පරිගණකවල භාවිතාවන මෘදුකාංග අතර වචන සකසන සහ පැතුරුම්පත්, පරිගණක ක්‍රීඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකයක් මඟින් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අතර අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි අධිවේගී හෝ අංකන සම්බන්ධතා ඇත. පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ තත් පෙදෙසින් ජාලයක් එකකට සම්බන්ධ වී ඇති කාර්යාලවල පවතින පරිගණකයක් හෝ විය හැක. මෙම පරිගණකවල පැහැදිලි ගුණාංගයක් නම් වරකට එක් පුද්ගලයෙක් විසින් මූලිකව භාවිතා කළ හැකි වීමයි. මෙය විශාල පිරිසක් විසින් එකම වේලාවකදී භාවිතා කළ හැකි විශාල මිල අධික පරිගණක පද්ධති හෝ කාර්යක්ෂමව ක්‍රීයාකිරීමට විශාල කණ්ඩායමක් අවශ්‍ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් විශාල කණ්ඩායමක් අවශ්‍ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් වේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය