ජෛව සිනෙරු වර්ධනය අදියර 5 කදී සිදුවේ.

1. ආරම්භක ඇමිණීම.
2. අප්‍රතිවර්ත ඇමිණීම.
3. පරිණතිය I
4. පරිණතිය II
5. විසරණය

සෑම පියවරක්ම “එයරොජිනෝසා” ජෛව සිනෙරු වර්ධනයේ සම ප්‍රමාණ ප්‍රකාශ ක්ෂුද්‍ර ඡායාරූපයක් සමඟ යුගල් කොට ඇත.

යම් උපස්ථරයක් මතට නිදැල්ලේ පාවෙන ක්ෂුද්‍ර ජීවියකු ඇලීම සමඟ විකසනය ආරම්භ වේ. ආරම්භක ජනාවාස දුර්වල වැන්ඩර්වාල්ස් බලවලින් උපස්ථරයට ප්‍රතිවර්ත්‍යව ඇමිණේ. එම ජනාවාස ක්ෂණිකව වෙන් නොවුන‍හොත් ඒවා පිලයි වැනි සෛලීය ඇලවුම්කාරක අණු යොදාගෙන ස්ථිරව උපස්ථරයේ ලැගුම් ගනී.

ප්‍රාමාරම්භක ජනාවාස වඩාත් විහිදුණු ක්ෂේත්‍ර සපයමින් ජෛව සිනෙරු එකිනෙක තදින් ඇද බැඳ තබා ගන්නා පලසක් තැනීම ආරම්භ කරයි. ඇතැම් ජීවීන්ට සෘජුවම උපස්ථරය මත ඇලීමට නොහැකි වුව ද ඒවා පහසුවෙන් පළමු ජනාවාස මතට හෝ පලස මතට ඇලේ. මෙම ජනාවාසකරණයේ දී සෛල ගණපූරතා සංවේදනයන් මඟින් සන්නිවේදන හැකියාව ලබා ගනී. ජනාවාස ඇති වු පසු සෛල විභාජනයේ හා අන්තර්ගතකරණයේ සංයෝජන හරහා ජෛව සිනෙරු වැඩේ. වර්ධනය නම් වූ විකසනයේ අවසාන පියවරේදී ජෛව සිනෙරු එලි දැක්වෙන අතර එහිදී පමණක් සෛල හැඩය හා ප්‍රමාණය වෙනස් කරගනී. ජෛව සිරකරුවල මෙම වර්ධනය සෛලවලට ප්‍රති ජීවක ප්‍රතිරෝධීතාවයක් ලබාදේ.


http://en.wikipedia.org/wiki/Biofilms

"https://si.wikipedia.org/w/index.php?title=විකසනය&oldid=465217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි