විකල්ප ආරවුල් විසඳීම


විකල්ප ආරවුල් විසඳීම යන්නෙන් අදහස් වන්නේ රජයේ අධිකරණ කි‍්‍රයාදාමයෙන් බැහැරව ආරවුල් විසඳීමේ කි‍්‍රයාවලිය සහ ශිල්ප ක‍්‍රමයයි. ඵෙතිහාසිකව විකල්ප ආරවුල් විසඳිම පිලිබඳ දෙපාර්ශ්වයේම ප‍්‍රතිවිරෝධයක් පැවතියද පසුගිය වසර කිහිපයේදී විකල්ප ආරවුල් විසඳිම පොදු මහජනතාව අතර මෙන්ම නීති වෘත්තිය තුලද ජනපි‍්‍රයත්වයක් අත්කරගෙන ඇත. සමහර අධිකරණ එකී අධිකරණය වෙත ආරවුලක් ඉදිරිපත් කිරීමට පෙර සමථකරණය වැනි කිසියම් ආකාරයක විලක්ප අරවුල් විසඳිමේ ක‍්‍රමවේදයක් අත්හදා බලා තිබීම අනිවාර්යකොට ඇත. සාම්ප‍්‍රදායික අධිකරණයන්හි නඩු ගොඩගැසීම, අධිකරණයේ නඩු කටයුතු සඳහා වැයකිරීමට සිදුවන අධික මුදල, රහස්‍යභාවය රැුකගත හැකිවීම, සිය ආරවුල විසඳීමට තොරාගනු ලබන තැනැත්තන් පිලිබඳව සිය අභිමතය බලවත් ලෙස ප‍්‍රකාශ කිරීමට හැකිවීම යනාදී කරුණු හේතුවෙන් දැන් දැන් විකල්ප ආරවුල් විසඳිම ජනපි‍්‍රය වෙමින් ඇත.

විකල්ප ආරවුල් විසඳිම ආකාර හතරකට බෙදා දක්වනු ලැබේ. සාකච්ඡාව, සමථකරණය, සහයෝගිතා නීතිය සහ බේරුම්කරණය මේ හතර වේ (සමඟි කිරීමද සමහරවිට පස්වන විකල්ප අරවුල් විසඳිමේ ආකාරය ලෙස ඉදිරිපත් වුවද මේවන විට එය සමථකරණයේම අංගයක් ලෙස සැලකේ). මේ එක් එක් ක‍්‍රමවේදයේ ප‍්‍රධාන ලක්‍ෂණ පහත පරිදි වේ.

x සාකච්ඡා කිරීමේදී සහභාගීවන්නන් සහභාගී වන්නේ ස්වේච්ඡාවෙනි. ගැටලූව විසඳීම සඳහා වන විසඳුමක් යෝජනා කරන හෝ ඒ සඳහා පහසුකම් සලසන තුන්වන පාර්ශ්වයක් මෙයට සහභාගී නොවේ. x සමථකරණයේදී සමථකරු තුන්වන පාර්ශ්වයක් ලෙස සහභාගී වන අතර ඔහු විසඳුමකට එළැඹීම සඳහා පහසුකම් සලසයි (සමහර අවස්ථාවලදී ඔහු විසින් විසඳුමක්ද යෝජනා කරනු ලැබිය හැක). නමුත් කිසිදු විසඳුමක් සඳහා පාර්ශ්වයන් වෙත බලපෑම් ඇති නොකරයි. සමහර රටවල (උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ) වෙනත් රටවල් විකල්ප ආරවුල් විසඳිම ලෙස හඳුන්වන ක‍්‍රමවේදයන් සමථකරණය සමඟ සමපාත වෙයි. x සහයෝගිතා නීතියේදී විශේෂිතව එකගවූ කොන්දේසි යටතේ විසඳුමකට එළැඹීම සඳහා පහසුකම් සලසන නීතිවඥවරුන් එක් එක් පාර්ශ්වය වෙනුවෙන් සහභාගී වෙති. පාර්ශ්වයන් නීතීඥවරුන්ගේ (මෙම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් පුහුණුව ලැබූ) සහායද ඇතිව සම්මුතියකට එළැඹෙති. කිසියම් විසඳුමකට එළැඹීම සඳහා මෙහිදීද කිසිවකු පාර්ශ්වයන් වෙත බලපෑමක් සිදු නොකරනු ලැබේ. x බේරුම්කරණයේදී සහභාගීවීම සිදුවන්නේ ස්වේච්ඡාවෙනි. මෙහිදී විසඳුමක් යෝජනා කර සිටින තුන්වන පාර්ශ්වයක්ද වෙයි. ඔහු බොහෝවිට පුද්ගලික්ව පෙනී සිටින විනිශ්චයකාරවරයෙක් වේ. බොහෝවිට බේරුම්කරණයන් සිදුවන්නේ පාර්ශ්වයන් ගිවිසුම්වලට එළැඹෙන අවස්ථාවේදීම අනාගතයේ ඇතිවිය හැකි ආරවුල් බේරුම්කරණය මගින් විසඳාගැනීමට එකඟවීම හේතුවෙනි. මේ බව දක්වමින් ගිවිසුමක ඇතුලත් කරනු ලබන වගන්තිය හඳුන්වනු ලබන්නේ ස්කොට් ඇවුරි වගන්තිය ලෙසිනි. පසුගිය වසරවලදී බේරුම්කරණ වගන්තීන් බලාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් පාරිභෝගික ගිවිසුම් සම්බන්ධයෙන් (උදා. ණය කාඞ්පත් ගිවිසුම්) අධිකරණයන්ගේ අවධානය යොමුවී ඇත. බේරුම්කරණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් පාර්ශ්වයන්ට අධිකරණය වෙත අභියාචනය කිරීමේ හැකියාව පැවතුනද එවැනි ඉල්ලීම් දෘඩ සමාලෝචන කි‍්‍රයාවලියකට ලක්වේ.

ආරවුල් නිරවුල් කිරීමේ මූලික ආකාරයන්ට අමතරව වෙනත් ආකාරයන්ගේ ක‍්‍රමවේදයන්ද පවතී. තත්ව සමාලෝචනය- පාර්ශ්වයන් තමන්ගේ කරුණු මධ්‍යස්ථ තත්ව සමාලෝචකයකු වෙත පදිරිපත් කරනු ලබයි. ඔහු දෙපාර්ශ්වයට දෙපාර්වයේම ශක්තිය හා දුර්වලතාවයන් පිලිබඳව පහදා දී ජූරියක් හෝ වෙනත් තීරකයකු විසින් මෙම ආරවුල කෙසේ විසඳනු ඇතිදැයි පැහැදිලි කරදෙයි - පූර්ව මධ්‍යස්ථ සමාලෝචනය - මෙය අධිකරණයක් ඉදිරියේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව කි‍්‍රයාවට නැංවෙන කි‍්‍රයාදාමයකි. මෙහිදී විශේෂඥයෙක් වෙත ආරවුල ඉදිරිපත්කොට සමබර හා මධ්‍යස්ථ සමාලෝචනයක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දෙනු ලැබේ. විශේෂඥයගේ සමාලෝචනය පාර්ශ්වයන්ට සිය නඩුව පිලිබඳ අදහසක් ලබාගැනීමට උපකාරීවන අතර සමහරවිට සමථයකට එළැඹීමටද බලපෑම් සහගත වනු ඇත - සමූහ කණ්ඩායම් සමුළුව - සමූහ ව්‍යපාරයේ සාමාජිකයන් අතර රැස්වීමක් කැඳවනු ලබයි. සාමාජිකයන් අතර සිදුවන වැරදි වැලැක්වීම සඳහා සැලැස්මක් සකස්කිරීම මෙහිදී සිදුවේ. මධ්‍යස්ථ තොරතුර සෙවීම - ආරවුලට මැදිහත් දෙපාර්ශ්වය විසින් හෝ අධිකරණය විසින් තෝරාගත් මධ්‍යස්ථ තුන්වන පාර්ශ්වයක් විසින් කරුණු විමර්ෂනයකොට අධිකරණය වෙත වාර්තා කරනු ලැබේ. සංකීරණ, විiාත්මක හා සිද්ධිවාචක ආරවුල් විසඳිම සඳහා මේ ක‍්‍රමවේදය වැදගත් වේ. දුක්ගන්නාරාල - විශ්ව විද්‍යාලයක්, රෝහලක් වැනි ආයතනයක් විසින් තොරාගනු ලබන තුන්වන පාර්ශ්වයක් සිය සේවකයින්ගේ සේවාදායකයින්ගේ හෝ ගණුදෙනුකරුවන්ගේ පැමිණිලි විභාග කිරීම සඳහා පත්කරගනු ලබයි. දුක්ගන්නාරාල ආයතනය තුල හිඳිමින් ස්වාධීනව හා අපක්‍ෂපාතීව පැමිණිලි විභාග කිරීම සිදුකරයි.

විකල්ප’ ආරවුල් විසඳීම නඩුකීමට විකල්ප ක‍්‍රමවේදයක් ලෙස සැලකෙයි. එය ආරවුලක් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීම වැලැක්වීම සඳහා යොදාගත හැකි ක‍්‍රමවේදයකි.

විකල්ප ආරවුල් විසඳීම තාක්‍ෂණය උපයෝගී කරගනිමින් ආරවුල පැනනැගුනු අවස්ථාවේදීම සිදුකළ හැක. ආරවුල් විසඳීමේ මෙම ශාඛාව මාර්ගගත ආරවුල් විසඳීම ලෙස හැඳින්වේ. මෙවැනි සේවාවන් රාජ්‍ය ආයතනයන් විසින් සපයනු ලැබිය හැකි අතර එය නඩු කීමේ කි‍්‍රයාවලියේ කොටසක් ලෙසින්ද කි‍්‍රයාත්මක විය හැක. එක් රටක් තුල ඵලදායී විසඳුම් සැපයිය නොහැකි අවස්ථාවන්හිදී ගෝලීය මට්ටමින්ද මෙම මාර්ගගත ආරවුල් විසඳීමේ ක‍්‍රමවේදයන් කි‍්‍රයාත්මක කළහැකි අතර වෙබ් අඩවිවල ඩොමේන් නම් පිලිබඳ ඇතිවන ආරවුල් විසඳීම මීට උදාහරණ ලෙස දැක්විය හැක.


ආශ්‍රිත සංස්කරණය

http://en.wikipedia.org/wiki/Alternative_dispute_resolution

"https://si.wikipedia.org/w/index.php?title=විකල්ප_ආරවුල්_විසඳීම&oldid=465098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි