වැලි තලප
සාම්ප්‍රදායික සිංහල පැණි රසති කැවිලි වර්ගයකි.
වැලි තලප සාදන ක්‍රමය සහ එහි ගුණ (පැරැණි කවියක්)
සංස්කරණය- කැකුළු හාල් පිටියෙන් ද - වටකර ඔලු ඇට මෙන් ද
- තම්බා කඩ පිම්මෙන් ද - සුරැකිව තබා යෙහෙන්
- කිතුල් හකුරු පැණියෙන් ද - මදක් සීනි සමගින් ද
- සැඳිගා කකාරමින් ද - ලුණු වැටෙනා පදමින් ද
- තිවග දෙදුරු සමඟින් ද - එක එක පමණ යසින් ද
- බැද සුන්කර ගනිමින් ද - එකතුව සෑම දෙයින්
- බඳුනක ලා සතොසින් ද - සමකර යස විලසින් ද
- එදවස පසුව ගොසින් ද - ගනිමන් නැවත තොසින්
- කැබලිව සැනින් කපා ම - රඔකැන් සමඟ කදී ම
- ලොව සතහට සොඳ කදී ම - අසනුව නැණැති සියල්
- උදය - උදය සැමදා ම - වළඳා උණු පැන් බී ම
- සත සිත් පිනවා ම - මියුරු දෙයකි සුවිපුල්
- වැලි තලප යන නා ම - පැවැසුව පෙරැදුරු සෑ ම
- වා, පිත් සමන් කිරී ම - කදිමට වේ නිරවුල්
- කතිරග කිරඟ කිදෙන් ද - කිටිතක තක්කිට කින් ද
- දෙමිකිට කිටිතක කුන් ද - ජෙනෙකිට ගුදිත ගුදන්