වැලිවැටියක සැකැස්ම

භෞතික භූ විද්‍යාවට අනුව වැටියක් යනු වායුව ක්‍රියාවලියක අනුව ගොඩනැගුනු වැලි කන්දකි. සුළගේ බලපෑම අනුව වැටියේ හැඩය හා ප්‍රමාණය වෙනස්කම් වලට භාජනය වේ. බොහෝ වැඩි සුළං මුහුනතේ වැලි ඉහළට එසවීම නිසා දික් හැඩයක් ගන්නා අතර අතුරු මුහුනකේදි බෑවුම කෙටිවේ. වැටි අතර පිහිටන නිම්නය හෝ පල්ලම ස්ලැක් ලෙස හැදිනවේ. වැටි පිටිය යනු වැලි වැටි බොහෝ සංඛ්‍යාවක් ඇති ප්‍රදේශයකි. මෙවැනි විශාල බිම් අර්ග් ලෙස නම් කෙරේ.

සමහර වෙරළාශ්‍රිත ප්‍රදේශ වල වෙරළ තීරයට සමාන්තර වැටි එකක් හෝ කිහිපයක් දක්නට ලැබේ. බොහෝ ස්ථාන වල මුහුදේ කුණාටු රැළි වලින් සිදුවන විනාශය අවම කර ගැනීමට වැලි වැටි උපකාරී වේ. වඩා පැතිරැණු වැටි පවතින්නේ වෙරළාශ්‍රිතව වුවුද ප්‍රමාණයේ මහත් වැටි හමුවන්නේ රට තුළ පවතින අතීතයේ විලක් හෝ මුහුදු වෙරළක් ලෙස පැවතුනු වියලි බිම් ප්‍රදේශ වලිනි. වැලි, ගං ඉවුරැ, බොරළු සහිත ප්‍රදේශ, විශාල මෝය හා මුහුදු ප්‍රදේශ වල ජලය ගලායාමෙන්ද වැලි වැටි ඇතිවේ (දුරියම් ක්‍රියාවලිය)

කාන්තිකාරීකරණය - මාර්ග දෙපස වැලි ගොඩ ගැසීම වළක්වාලිය හැකි එක් ක්‍රමයක් වන්නේ මාර්ග අවට ගස් හා වෙනත් වගාවන් ඇති කිරීමයි. වැලි වැටි ‍මගින් ඇතිවන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ මනුෂ්‍ය වාස වල ඉඩ ප්‍රමාණය අඩු කිරීමයි. වැලි වැටි වල පිහිටිම වෙනස් වන ආකාර කිහිපයක් වන අතර මේ සෑම ආකාරයට සුළග උපකාරි වේ. මෙසේ වැලි වැටි චලනය වන එක් ආකාරයක් වන්නේ ප්ලවනයයි. මෙහිදී පොකුණක් මතින් විසින කරන ලද ගලක් ජලය මතින් පැන පැන යන ආකාරයට වැලි අංශු පොළොව මතින් ගමන් කරයි. මෙසේ ගමන් කරන අංශු තවත් වැලි අංශු මත ගැටීම නිසා එම අංශුද චලනය වීමට පටන් ගනී. වැඩි වේගයන් යුත් සුළගක් හේතුවෙන් අංශ වාතයේදි ගැටී ඇතිරිල්ලක් ආකාරයට ගමන් කරයි. විශාල වැලි කුණාටු වලදී වැලි වැටි 10m වැනි දුර ප්‍රමාණයක් වුවද මේ ක්‍රමයෙන් චලනය වේ. තවද හිම දෙකාරවයට ම වැලි ද හිමධාව (ඇවලාන්ඩ්) ලෙස සුළගෙන් ආවරණයව ඇති වැටි වල බැවුම් වලින් පහළට වැටේ. මෙමගින්ද වැටි ඉදිරියට ගමන් කරයි.

පින්තූරය - වැලිවැටියක සැකැස්ම 1m 2 - Mesquite Death valley - ජාතික උද්‍යාන 3 - අව්බරි ආර්ග් - ලිබියාවේ ෆෙසාන් හි සහාර කාන්තාරය කොටස 4- සමහර වැටි විනෝදාස්වාදය සැපයීම සදහා යොදාගත හැක. අප්‍රිකාවේ ගොඩනැගිලි හා වගාවන්ට වැලි කදු නිසා තර්ජන ඇතිවේ. මැද පෙරදිග හා චීනයේ වැලි කදු වාණිජ තෙල් මගින් පෙගවිමෙන් එහි චලනය නැවැත්වීමට උත්සහ කර ඇත.මෙය වැටි වල ජීවත්වන ජීවින්ට ඉතා හානි දායක වන අතර මෙය සදහා යොදාගන්නා තෙල් සිටිත සම්පතකි. වැලි බාධක ද මේ සදහා යොදා ගත හැකි නමුත් වඩාත්ම ඵලදායි බාධක නිර්මාණය සම්බන්යෙන් තවමත් පර්යේෂණ කෙරෙමින් පවතී. වැලි වැටි මගින් නගර හා කෘෂිකාර්මික ප්‍රදේශය විනාශ වීම වැළැක්වීම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධාන කාර්යයක් වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වැලිවැටියක_සැකැස්ම&oldid=472064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි