වැඩිහිටි අධ්‍යාපනය

යාවව නැතිනම් වැඩිහිටි අධ්‍යාපනය බොහෝ රටවල පුළුල් ලෙස පැතිර ඇත. කෙසේවෙතත් තවමත් බොහොමයක් දෙනා අධ්‍යාපනය දකින්නේ දරුවන් ඉලක්ක කොටගත්තක් ලෙසින් වන අතර බොහෝවිට වැඩිහිටි අධ්‍යාපනය වැඩිහිටි ඉගෙනුම හෝ යාවව ඉගෙනුම ලෙසින් නාමකරණය කරනු ලබයි. වැඩිහිටි අධ්‍යාපනය පන්ති කාමරය පදනම්වූ ඉගෙනුමක සිට ස්වයං ඉගෙනුම දක්වා වූ විවිධ ආකාරයන් ගතහැක.

බැහැර දෙන පුස්තකාලයන් විසින් පොත් සහ වෙනත් උපදේශාත්මක ආධාරකයන් වෙත ලාභදායී අවිධිමත් ප‍්‍රවේශයක් සපයනු ලබයි. පරිඝනක හිමිකාරත්වය සහ අන්තර්ජාලය වෙත ප‍්‍රවේශය වැඩි වීමත් හේතුකොටගෙන වැඩිහිටියන්ට සහ දරුවන්ට විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපනය වෙතද ප‍්‍රවේශවීමට මහත්වූ අවස්ථාවක් උදාකරදී ඇත. ස්කැන්ඩිනේවියාවේ අනුගමනය කරනු ලබන ‘ජනබන්ධනය’ (folk binding) යන නමින් යුත් වැඩිහිටි අධ්‍යාපන ක‍්‍රමයක් දිගු කාලයක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

අධ්‍යාපන මාදිලීන්

1. විධිමත් අධ්‍යාපනය - ධුරාවලිගත ලෙස ව්‍යුහගත වසර පිලිවෙළට සකස්කළ ප‍්‍රාථමික පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා පැවැත්වෙන අධ්‍යාපන පද්ධතියකි. පොදු විෂය ධාරා අධ්‍යාපනයට අමතරව විවිධාකාර පූර්ණකාලීන තාක්‍ෂණික සහ වෘත්තීය පුහුණුව ලබාදෙන විශේෂිත වැඩසටහන් හා ආයතනයන්ද මෙම අධ්‍යාපන මාදිලිය තුල කි‍්‍රයාත්මකය.
2. අවිධිමත් අධ්‍යාපනය - එදිනෙදා අත්දැකීම්, අධ්‍යාපනමය බලපෑම් සහ සිය පවුල, අසල්වැසියන්, වෙළඳසැල, පුස්තකාලය, ජනමාධ්‍ය ආදී වූ දෛනික කි‍්‍රයාකාරකම් තුලින් සෑම තැනැත්තකුම ආකල්ප, වටිනාකම්, හැකිවන් සහ දැනුම ලබාගන්නා ජීවිත කාලය පුරාම කි‍්‍රයාත්මකව පවත්නා අධ්‍යාපන මාදිලියකි .
3. නොවිධිමත් අධ්‍යාපනය - ස්ථාපිත විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් බැහැර කි‍්‍රයාත්මක වන සංවිධානාත්මක අධ්‍යාපන කි‍්‍රයාකාරකම් මෙම මාදිලියට අයත් වේ. වෙනමම ඒකකයක් ලෙස හෝ පුළුල් ක්‍රියාකාරකමක අංගයක් ලෙස මෙම මාදිලිය පැවතිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=වැඩිහිටි_අධ්‍යාපනය&oldid=471964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි