වාස්තු විද්‍යාත්මක ශේෂයන්
මෞර්ය සමයේ වාස්තු විද්‍යාත්මක ශේෂයන් ඇත්තේ කිහිපයකි. මි.10 උස කුළුණු 80 කින් යුතු ටැම් මතු මහල් ගොඩනැගිල්ලක නටඹුන් දැකිය හැකි කුම්හ්රාර් එම අතළොස්ස අතරින් එක් ප්‍රදේශය කි. පට්නා දුමිරිය ස්ථානයට කි.මි. 5 ක් නුදුරින් වු එය මෞර්ය අධිරාජ්‍යය යටතේ පාලනය වුවකි. මෙම ශෛලිය පර්සියානු ආකිමේනිඩ් වාස්තු විද්‍යාව සිහිගන්වයි.
බරබාර් ලෙන්වල තැණුනු ගුහා මෞර්ය වාස්තු විද්‍යාවට තවත් උදාහරණයකි. ලෝමාස සෘෂි ගැහාවේ සකස් කළ ඉදිරිපස මෙහිලා විශේෂ ස්ථානයක් ගනියි. එය බෞද්ධ නිකායක් වූ ආජිවිකා උදෙසා මෞර්යයන් විසින් ජුජා කරන ලද්දකි. මෞර්ය වාස්තු විද්‍යාව සදහා වඩා ප්‍රචලිතම උදාහරණය වන විශිෂ්ට ලෙස නිමවන ලද අශෝකාස්ථම්භ මුළු උප මහද්වීපය පුරා 40 කට වඩා ව්‍යාප්තව පවතියි.