වාස්තවික විද්‍යාවේ මූලධර්ම

වාස්තවික විද්‍යාවේ අඩංගු වන්නේ අහඹු ලෙස ද්‍රව්‍ය සොයා ගැනීම හා ඒවායින් ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය පමණක්ම නොවේ. එමගින් අදාල ද්‍රව්‍යයේ මූලධර්ම නිවැරදිව වටහා ගැනීම හා නව සොයාගැනීම් සිදු කිරීමටත් අනුබල දෙයි.

වාස්තවික විද්‍යාවට මූලික වනුයේ අදාල ද්‍රව්‍යයේ ලක්ෂණ හා සාපේක්ෂ ක්‍රියාකාරිත්වය, එම ද්‍රව්‍යයේ පරමාණුක ව්‍යුහ හා පවතින අවස්ථා අනුව විස්තර කිරීමයි. ද්‍රව්‍යයක ව්‍යුහය හා එහි ලක්ෂණ තීරණය වන ප්‍රධාන සාධක වනුයේ එහි අඩංගු වන රසායනික මූලද්‍රව්‍ය හා එහි අවසාන ආකෘතිය දක්වා සකස් කළ ක්‍රමයයි. ඉහත සඳහන් කරුණු තාප ගතියේ නියමයන් අනුව සම්බන්ද අදාල ද්‍රව්‍යයේ ක්ෂුද්‍ර ආකෘතිය පාලනය කරයි.

වාස්තවික විද්‍යාවේ පැරණි පිරුලක් මෙසේ පවසයි. “ද්‍රව්‍ය මිනිසුන් වැනිය, එම දෝෂය ඔවුන් වෙත අපව ආකර්ෂණය කරවයි” සම්පූර්ණයෙන්ම දෝෂ රහිත ද්‍රව්‍ය ස්ඵටිකයක් සෑදීම භෞතිකව විය නොහැක්කකි. එම නිස‍ා අවශ්‍ය ලක්ෂණ ලබා ගැනීමට වාස්තවික විද්‍යාඥයින් ස්ඵටිකරූපී ද්‍රව්‍යවල දෝෂ හසුරුවයි. (උදා - අවක්ෂේප, අංශු මාත්‍ර සීමාව (හෝල් - පැච් සම්බන්ධය) , විවර සහිත පරමාණු, ආදේශක පරමාණු)

සෑම ද්‍රව්‍යයක් සඳහාම නිශ්චිත ස්ඵටික ආකෘතියක් නොපවතී. බහු අවයවක පොලිමර් ස්ඵටිකරූපී සංයෝගවල නොයෙකුත් දිශානති දැක්වුව‍ ද, ඒවා බොහෝමයක් අස්ඵටික රූපී වේ. වීදුරු සෙරමික් හා තවත් බොහෝ ස්වාභාවික ද්‍රව්‍යය නිශ්චිත හැඩයක් නොමැති ඒවාය. එම ද්‍රව්‍යයන්හි ක්‍රමවත් දිගුදාම සැකැස්මක් නොපවතී. පොලිමර පිළිබඳ අධ්‍යයනය රසායන විද්‍යාවේ හා තාපගතික සංඛානයේ මුලික කරුණු එකතු කොට භෞතික ලක්ෂණ තාපගතික හා යාන්ත්‍රික විද්‍යාවට අනුව විස්තර කරයි.

කාර්මිකරණය පිළිබඳ ඇති උනන්දුව හැර , වාස්තවික විද්‍යාව සංක්ෂිප්ත ගැටළු/ ස්ඵටික පිළිබඳ නියම විසඳන ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ. නව භෞතික විද්‍යාවක් බිහි වන්නේ මෙලෙස වෙනස් වන ද්‍රව්‍ය ලක්ෂණ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය බැවිනි.

http://en.wikipedia.org/wiki/Materials_Science#Fundamentals_of_materials_science