වාස්තවිකත්වය (පත්‍රකලාවේදය)

විශේෂයෙන් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ, පත්‍රකලාවේද වෘත්තියේ වැදගත් ප්‍රතිපත්තියක් ලෙස වාස්තවිකත්වය සලකයි. පත්‍රකලාවේදයේ වාස්තවිකත්වය යන්නෙන් අදහස් කෙරෙන්නේ සාධාරණත්වය, අර්ථ විරහිත බව, සිද්ධි මාමක බව සහ අපක්ෂපාති බවේ සම්මිශ්‍රණයකි. වාස්තවික පත්‍රකලාවේදයේ විකල්පය නම් පක්ෂක්ග්‍රාහී පත්‍රකලාවේදයයි.

වාස්තවික පත්‍රකලාවේදය පිළිබඳ නිර්වචන

බොහෝ පත්‍රකලාවේදීන් වාස්තවිකත්වය හදුනාගන්නේ එය නොමැති විටය. සම්පූර්ණ අපක්ෂපාතීත්වයට කැමැත්ත දක්වන්නේ සුළු පත්‍රකලාවේ දී පිරිසකි. බොහෝදෙනා උත්සාහ කරන්නේ ප්‍රවෘත්ති කාර්යයන්වලදී සිය පුද්ගලික නැඹුරුවන්ගෙන් ඉවත් වීමටය. ( ඩිස්කවරින් ද නිවුස් ) ( 1975 )හි සමාජ විද්‍යාඥ මයිකල් ෆුඩ්සන් පවසන්නේ, වාස්තවිකත්වය පිළිබද විශ්වාසය යනු කරුණු පිළිබදව විශ්වාසයත් , අගයන් පිළිබදව අවිශ්වාසයත් සහ ඒවා වෙන් කිරීමට උත්සාහයත් වශයෙනි. එක්සත් ජනපදයේ වාස්තවික වාර්තාවක් ලෙස සලකන්නේ දේශපාලන අන්ත දෙකක් අතර මැදි මාර්ගයේ ගමන් කිරීමය. එක් අන්තයකට නැඹුරුවීමේ දී වාස්තවිකත්වය බිදී යයි.


සමහරුන් පවසන්නේ වාස්තවිකත්වය යනු සිද්ධි පිළිබදව ඇසින් දුටු සාක්ෂි සොයා යන , කරුණු මූලාශ්‍ර අතර තුලනයක් සෙවීමට වෙහෙසෙන, ප්‍රවෘත්ති රැස් කිරීම හා වාර්තාකරණය පිළිබද මතාවාදය බවය. එසේම මේ හරහා රජය සහ බලපෑම් කණ්ඩායම් හැරුණු කොට පත්‍රකලාවේදීන්ට රගපෑ හැකි ආයතනක භුමිකාවක් ද එකල සිදුවී ඇත.


තවත් අදහසකට අනුව වාස්තවිකත්වය යනු නැඹුරුවකින් තොරව, එනම් තමන් දැන් ප්‍රෘථිවියට ලගාවූ ආකාරයෙන් පූර්ව නිගමනයන් ගෙන් තොරව වාර්තා කිරීමය. මෙය වාර්තාකරණයේ විශාල වෙනසක් සිදු කෙරෙතැයි අපේක්ෂා කෙරුන ද, ප්‍රායෝගිකව භාවිතා නොවේ.


තවත් සමහරුන් පවසන්නේ පත්‍රකලාවේදීන්ට අපක්ෂපාතී දෘෂ්ටි කෝණයක් පැවතිය යුතු අතර කිසිම සිදුවීමක් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී නොවිය යුතු බවය. ඔවුන් ගැටලුවක් දෙපාර්ශවයටම වාර්තා කල යුතුය. සමහරුන් මෙය පත්‍රකලාවේදියාගේ පුද්ගලික ජීවිතයට පවා ව්‍යාප්ත කරමින් ඔවුන්ට දේශපාලන ක්‍රියාවලිය පවා තහනම් යැයි පවසයි. උදාහරණ “වොශින්ටන් පොස්ට් ” හ විධායක අධ්‍යක්ෂ ලෙනාඩ් ඩවුනි පවසන්නේ ඡන්ද ප්‍රකාශ කිරීම හැර අනෙක් සියලු දේශපාලන ක්‍රියා සිය පත්‍රකලාවේදීන්ට සදාචාර සංග්‍රහය මගින් තහනම් කර ඇති බවය. තමන් පුවත්පතේ ආරක්ෂකයා බවට පත් වූ පසු ඡන්දය පවා ප්‍රකාශ නොකල බව ඩව්නි පවසයි.

වාස්තවිකත්වය පිළිබඳ විවේචන සංස්කරණය

වාස්තවිකත්වය පිළිබදව අදහස පක්ෂපාතී පත්‍රකලාවේදන සහ ප්‍රචාරණ පත්‍රකලාවේදීන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ එමගින් සත්‍ය සෙවීමට උත්සාහ නොකරන බැවිනි. ප්‍රායෝගිකව එවන් වාස්තවිකත්වයක් සැපයීමට නොහැකි බවත්, කුමන සිද්ධීන් ආවරණය කල යුතුද යන්න තීරණය කිරීමේ දී පවා පුවත්පත් කිසියම් දෘෂ්ටියකට එලබෙන බවත් මොහු පවසයි. එඩ්වට් හර්මන්, නෝම් වෝඩ්ක යන මාධ්‍ය විචාරකයන් ඉදිරිපත් කල ප්‍රචාරක ආකෘතිය හරහා ඔවුන් පෙන්වා දී ඇත්තේ වාස්තවිකත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ රජයේ හෝ ප්‍රබලආයතනවල දෘෂ්ටියට පක්ෂපාතී වීම බවය.


වාස්තවිකත්වය සම්බන්ධ තවත් විවේචනයක් වශයෙන් මාධ්‍යවේදී ඩේවිඩ් මීඩ් දක්වන්නේ 1990 ගණන්වල අප්‍රිකානු ඇමෙරිකානුවන්ට ද වදහිංසා පැමිණ වූ ආකාරය ප්‍රධාන පුවත්පත්වල විශේෂයෙන් "නිව්යෝක් ටයිම්ස් ” විසින් වාර්තා කල ආකාරයයි. මේ කාලයේ කාන්තාවන්, දරුවන් හා පිරිමින් මරා දැමීම, අතපය කපා දැමීම වැනි කරුණු පුවත්පත් මගින් වාර්තා කෙරිණි. වාස්තවිකත්වය උදෙසා ඔවුන් මෙම කරුණු වාර්තා කිරීම මීඩ් දක්වන්නේ වදහිංසනය සාධාරණීකරණය කිරීමක් ලෙසය.

                       ]