වානිජ නීතිය (සමහර අවස්ථාවන්හි ව්‍යාපාරික නීතිය ලෙසින්ද හැඳින්වේ) යනු ව්‍යාපාර සහ වානිජ්‍ය සමබන්ධයෙන් බලපැවැත්වෙන නීතියේ ශාඛාවයි. එය සිවිල් නීතියේ කොටසක් ලෙසින් සැලකෙන අතර පුද්ගලික නීතිය මෙන්ම මහජන නීතිය යන දෙඅංශයේම ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වෙයි. සංස්ථාපිත ගිවිසුම්, කුලියට දීමේ පරිචයන් සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සහ විකිණීම යනාදිය සම්බන්ධයෙන් නියාමනය කිරීම වානිජ නීතිය විසින් සිදු කරනු ලබයි. බොහෝ රටවල් සිය වානිජ නීතිය සම්බන්ධයෙන් වන සර්වව්‍යාපී ප‍්‍රකාශයන් ඇතුලත් සිවිල් නීති සංග‍්‍රහයන් නිර්මාණය කොට ඇත. එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලය සතු අභ්‍යන්තර වානිජ්‍යය පාලනය කිරීමේ බලය සහ පොලිස් බලතල කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රාන්ත සතු බලය හේතුකොටගෙන එරට වානිජ නීතිය මෙම ආයතන දෙකේම බලප‍්‍රදේශයන් තලට ඇතුලත් වෙයි. එක්සත් ජනපදය තුල වානිජ නීතිය සම්බන්ධ ඒකාබද්ධ නීතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උත්සාහයන් දරනු ලැබ ඇති අතර ඒකීය වානිජ නීති සංග‍්‍රහය එහි එක් ප‍්‍රතිඵලයකි.

වානිජ්‍යය කි‍්‍රයාවට නංවනු ලබන ආකාරය විවිධ නියාමන පරික‍්‍රමයන් විසින් පාලනය කරනු ලබයි. පුද්ගලික නීතීන්, ආරක්‍ෂක නීතීන් (එක්සත් ජනපදයේ වෘත්තීය ආරක්‍ෂාව සහ සෞඛ්‍ය පනත), ආහාර සහ ඖෂධ සම්බන්ධ නීතීන් මෙයට උදාහරණයන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=වානිජ_නීතිය&oldid=471666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි