ව්‍යාපෘති කළමනාකරු

ව්‍යාපෘති කළමනාකරු ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තියකි.සාමාන්‍යයෙන් ඉදිකිරීම් කර්මාන්තයට,ගෘහ නිර්මාණ ශිල්පයට,පරිගණක ජාලකරණයට,විදුලි සන්දේශනයට හෝ මෘදුකාංග ප්‍රවර්ධනයට සම්බන්ධ කිසියම් ව්‍යාපෘතියක් සැලසුම්කරණය,සම්පාදනය කිරීම හා නිමකිරීම ව්‍යාපෘති කළමනාකරුගේ වගකීම වේ.නිෂ්පාදනය,සැලසුම් නිර්මාණකරණය හා සේවා කර්මාන්තය ආදි විවිධ ක්ෂේත්‍ර වල ව්‍යාපෘති කළමනාකරුවෝ සිටිති.

ගොනුව:Project management - Copy.jpg
ව්‍යාපෘති කළමනාකරු

දළ විශ්ලේෂණය සංස්කරණය

ප්‍රකාශ කරන ලද ව්‍යාපෘති අරමුණු සම්පූර්ණ කරගැනීමේ වගකීම භාර වන පුද්ගලයා ව්‍යාපෘති කළමනාකාරුයි.පැහැදිලි සහ ලබාගත හැකි ව්‍යාපෘති අරමුණු නිර්මාණය,ව්‍යාපෘති අවශ්‍යතා නිර්මාණය සහ වියදම,කාලය සහ තත්වය යන ව්‍යාපෘතිවල ත්‍රිවිධ සංරෝධන කළමනාකරණය යනාදිය ව්‍යාපෘති කළමනාකරණයේ ප්‍රධාන වගකීම් වලට අයත් වේ. ව්‍යාපෘති කළමනාකරු බොහෝ විට සේවාලභියා නියෝජනය කරන අතර නියෝජනය කරන ව්‍යාපාරයේ දැනුම පදනම් කරගනිමින් සේවලාභියාගේ අවශ්‍යතා නියම ලෙස නිශ්චය කිරීම සහ දියුණු කිරීම කළ යුතුය.වියදම,කාලය හා තත්වය යන ප්‍රධාන වාදපද සහතික කිරීමට, පොරොන්දු ඇති කරගත් පක්ෂ වල විවිධ අභ්‍යන්තර ක්‍රියා පටිපාටීන් වලට අනුරූප වීමේ සහ පත්කළ නියෝජිතයන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇතිකර ගැනීමේ හැකියව අත්‍යාවශ්‍ය වේ.

ව්‍යාපෘති කළමනාකරණ මාතෘකා සංස්කරණය

ව්‍යාපෘති කළමනාකරණය සංස්කරණය

ව්‍යාපෘති කළමනාකරණය සම්පූර්ණ වශයෙන් ව්‍යාපෘති කළමනාකරුට අයිති විෂය ක්ෂේත්‍රය වන අතර එය ඔහුගේ වගකීමද වේ.ඔහු අවසාන ප්‍රතිඵලයට අදාල ක්‍රියාකාරකම්වලට කලාතුරකින් සම්බන්ධ වන නමුත් දියුණුව සහ අන්තර් ක්‍රියා පවත්වා ගැනීමට මෙන්ම සිදුවිය හැකි සියලුම ආකාරයේ දෝෂ වල අවදානම අඩුකිරීමටත් වියදම පාලනය කරමින් ලබාගත හැකි ප්‍රයෝජන උපරිම කිරීමටත් උත්සාහදරයි.

නිපැයුම් සහ සේවාවන් සංස්කරණය

කුමන ආකාරයක නිෂ්පාදන හෝ සේවාවන්(ඖෂධ,ගොඩනැගිලි ඉදිකිරීම,වාහන,ඉලෙක්ට්‍රොනික විද්‍යාව,පරිගණක මෘදුකාංග,මූල්‍ය සේවාවන් යනාදිය ) ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම ව්‍යාපෘති කළමනාකරු සිදුකරන අතර ක්‍රියාත්මක කිරීම නිෂ්පාදන කළමනාකරු විසින් සිදුකරයි.

ව්‍යාපෘති උපකරණ සංස්කරණය

බොහෝ විට ව්‍යාපෘති කළමනාකරණය කිරීමට යොදා ගන්නා උපකරණ, දැනුම සහ තාක්ෂණය ව්‍යාපෘති කළමනාකරණයට සුවිශේෂි වේ.කාර්ය අනුඛණ්ඩන ආකෘතිය,විවේචනාත්මක පථය සහ උපයාගත් අගය කළමනාකරණය ඒවාට නිදසුන් වේ.හොඳ පුහුණුවීම් ලෙස හඳුනාගත් උපකරණ සහ තාක්ෂණයන් තේරුම් ගැනීම හා යෙදවීම හුදෙක් ඵලදායි ව්‍යාපෘති කළමනාකරණයට ප්‍රමාණවත් නොවේ.තේරුම් ගැනීම සහ අඩුම වශයෙන් ප්‍රවීණතාවය ලැබූ ක්ෂේත්‍ර හතරකින්වත් ලබාගත් කුසලතා සහ දැනුම ව්‍යාපෘති කළමනාකරු විසින් ප්‍රයෝජනයට ගැනීම ඵලදායි ව්‍යාපෘති කළමනාකරණයට අවශ්‍යවේ.PMBOK උපයෝගි ක්ෂේත්‍ර දැනුම :ව්‍යාපෘති කළමනාකරණයට සම්බන්ධ ISO ප්‍රමිති සහ රෙගුලාසි,සාමාන්‍ය කළමනාකරණ කුසලතා සහ ව්‍යාපෘති වටපිටාව කළමනාකරණ ඒවාට නිදසුන් වේ.

ව්‍යාපෘති කණ්ඩායම් සංස්කරණය

බඳවාගැනීමේදී සහ ඵලදායි කණ්ඩායම් ගොඩනැගීමේදී කළමනාකරු විසින් සෑම පුද්ගලයෙකුගේම තාක්ෂණික කුසලතාවන් පමණක් නොව සේවකයන් අතර විවේචනාත්මක චරිත සහ රසායන සලකා බැලිය යුතුය.ව්‍යාපෘති කණ්ඩායමක් ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති කළමනාකරු,කණ්ඩායම් හරය සහ කණ්ඩායම් සංක්ෂිප්තය ලෙස ප්‍රධාන හා වෙන්වූ සංරචක තුනකින් යුක්තවේ.

අවදානම සංස්කරණය

ව්‍යාපෘතිය විසින් නිපදවනු ලබන බොහෝ අවදානම් වලට ව්‍යාපෘති කළමනාකරණ වාදපද හේතුවෙයි.බොහෝ විට විවෘත සංනිවේදන ප්‍රතිපත්තින් අනුගමනය කිරීමෙන් සහ ව්‍යපෘතියට සහභාගිවන්නන්ට ඔවුන්ගේ අදහස් සහ අපේක්ෂාවන් ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇතිබව සනාථ කිරීමෙන් අවදානම සැලකිය යුතු මට්ටමෙන් අඩුකිරීමට සාර්ථක ව්‍යාපෘති කළමනාකරුවෙක් ඔහුගේ අවධානය සහ උත්සාහය යොදවයි.

විවිධ ව්‍යාපෘති කළමනාකාරවරු සංස්කරණය

ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරු සංස්කරණය

අතීතයේදී ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරුවන් තනි පුද්ගලයෙකු වශයෙන් ඉදිකිරීම් හෝ උපස්තම්භක කර්මාන්තවල වැඩකළ අතර වැඩ මූලිකයා ලෙස තත්වයෙන් උසස් කරන ලදී.ඉදිකිරීම සහ ඉදිකිරීම් කළමනාකරණය විශේෂ ක්ෂේත්‍ර බවට 20වැනි සියවස අගභාගය වන තුරුම පත්නොවුනි. මෑතක් වනතුරු ඇමරිකානු ඉදිකිරීම් කර්මන්තය කිනම් හෝ ප්‍රමිතිකරණ මට්ටමක හිඟකමින් පෙළුනි.කෙසේවෙතත් ව්‍යාපෘති කළමනාකරණ නිපුණත්වය නිශ්චය කිරීමට සහ පොදුවේ පිළිගන්නා සුදුසුකම් කට්ටලයක් නිර්මාණය කිරීමට එක්සත් ජනපදයේ වෙළඳ සංගම් කීපයක් මූලරම්භය තැබූහ.

  • ව්‍යපෘති කළමනාකරණ ආයතනය ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිය නිර්මාණය කරමින් ප්‍රමිතිකරණය කිරීම සඳහා ඉදිරිපියවර තබා ඇත.
  • ඇමරිකානු ඉදිකරන්නන්ගේ ආයතනයේ ඉදිකිරීම් සහතික පත්‍ර කොමිෂන් සභාව දේශීය වශයෙන් අර්ධ වාර්ශිකව විභාග පවත්වයි.ඉදිකිරීම් කළමනාකරණ ප්‍රථම විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට පෙර මෙම විභාග වලට මුහුණ දී තිබීම ඇමරිකානු ඉදිකිරීම් කළමනාකරණ වැඩසටහන් අටක් සඳහා අවශ්‍ය වේ. එසේම 15ක් වූ අනිකුත් විශ්වවිද්‍යාල ඔවුන්ගේ සිසුන්ට මේ විභාග වලට මුහුණ දීමට අනුබල දෙයි.
  • ඉදිකිරීම් අධ්‍යාපනයට සම්බන්ධ විද්‍යාල ඉදිකිරීම් පිළිබඳ වූ අධ්‍යාපන වැඩසටහන්වල ජාතික ප්‍රමිති දියුණු කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක් ලබා ඇත.

දොලසක් පමණ වූ ඉදිකිරීම් කළමනාකරණ ප්‍රථම විද්‍යාවේදී උපාධි වැඩසටහන් කීපයකට ඉඩදීමට තරම වෘත්තීය මෑතකදී දියුණු වී ඇත. මුහුදු බඹරු යන විකට නාමයෙන් හඳුන්වන එක්සත් ජනපදයේ නාවික ඉදිකිරීම් බලසේනාව සෑම මට්ටමකදීම පරිශ්‍රමයෙන් කළ යුතු පුහුණු වීමට හා සහතික කිරීමට අණ දී ඇත.මේ බලසේනාවේ ප්‍රධාන බලයලත් නිලධාරි තනතුරට පත්වීම ඉදිකිරීම් කළමනාකරණ ප්‍රථම විද්‍යාවේදී උපාධිය හා සමවන අතර වසර කිහිපයක අත්දැකීම් ඔවුන්ගේ කීර්තියට ප්‍රයෝජනවත් වේ.ACE accreaditiation[1] පිටුව බලන්න.

 
එක්සත් ජනපදයේ නාවික ඉදිකිරීම් බලසේනාවේ ලාංජනය

ගෘහනිර්මාණ ව්‍යාපෘති කළමනාකරු සංස්කරණය

ගෘහනිර්මාණ ශිල්ප ක්ෂේත්‍රයට අදාල ව්‍යාපෘති කළමනාකරුවන් මේ නමින් හඳුන්වයි.ඉදිකිරීම් කර්මාන්තයට අදාල බොහෝ කුසලතා මේ කළමනාකරුවන් හටද තිබේ.ගෘහනිර්මාණ ශිල්පියා සාමාන්‍ය කොන්තරාත්කරුවාගේ කාර්යාලයේ සිටින ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරු සමඟ කිට්ටුවෙන් වැඩ කරයි.එසේම ඔහු ඉදිකිරීම් ව්‍යාපෘතියට සහභගිවන බොහෝ උපදේශකයන් සහ සැලසුම් නිර්මාණය කරන කණ්ඩයමේ ක්‍රියාකාරකම් සමකක්ෂ්ය කරන අතර සේවාලාභියා සමඟ සන්නිවේදනයේ යෙදෙයි.

මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරු සංස්කරණය

අනිකුත් කර්මාන්තවල කළමනාකරුවන්ගේ බොහෝ කුසලතා මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරුහටද තිබේ.මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරුට ඉදිකිරීම් සහ නිෂ්පාදන කර්මාන්ත වැනි සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණයට අවශ්‍ය කුසලතා ඉක්මවා යන මෘදුකාංග ප්‍රවර්ධනය සම්බන්ධ පුළුල් පසුබිමක් අවශ්‍ය වේ.බොහෝ මෘදුකාංග ප්‍රවර්ධන කළමනාකාරවරු පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණ හෝ වෙනත් ඊට අදාල ක්ෂේත්‍රයක උපාධියක් සහ මෘදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් රැකියාවක් කර ඇත. සාම්ප්‍රදායික ව්‍යාපෘති කළමනාකරණයේදී ජලධරා ආදර්ශකය වැනි පුරෝකථ්‍ය ක්‍රමවේදයන් බොහෝ විට යොදා ගනියි.නමුත් මෘදුකාංග ව්‍යාපෘති කළමණකාරවරු DSDM,SCRUM සහ XP වැනි අනුවර්තක ක්‍රමවේදයන් යොදාගනියි.මේ ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේදයන් වලට පදනම් වී තිබෙන්නේ නව මෘදුකංග පද්ධති සහ කුඩා,වෘද්ධි ප්‍රවර්ධන වක්‍ර දියුණු කිරීමේදී ඇතිවෙන අවිනිශ්චිතභාවයයි.මේ වෘද්ධි හෝ පුනහ්කරණිත වක්‍ර දන්නා කාල පරිච්ඡේදයකට සීමා වී ඇති සේම සෑම පුනහ්කරණයක් අවසානයේදීම දියුණු කළ හැකි සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරි උපකුලකයක් උපදවයි.මෘදුකාංග අවශ්‍යතා බොහෝ දුරට වෙනස් වීමට ඉඩ අති හෙයින් සැහැල්ලු ක්‍රමවේදයන් තෝරා ගැනීම වැඩි වී ඇත.එමෙන්ම මෘදුකාංග ප්‍රවර්ධනය ආරම්භ කිරීමට ප්‍රථම තනි ව්‍යාපෘති අවධියක සියලු වියහැකි අවශ්‍යත පැහැදිලි කිරීම අතිශයින් දුෂ්කරය. මෘදුකාංග දියුණුකිරීමේ ජීව චක්‍රයට හුරුපුරුදු වීම මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරුවන්ගෙන් බලාපොරොත්තුවේ.මේ සඳහා අවශ්‍යතා ආයාචනය,නියලුම දියුණු කිරීම්,තර්කානුකූල සහ භෞතීය දත්ත ගබඩා සැලසුම් නිර්මාණය සහ ජාලගතකරණය යනාදියේ ගැඹුරු දැනුමක් අවශ්‍ය වේ.මේ දැනුම නියම වශයෙන් ඉහතකී අධ්‍යාපන සහ අත්දැකීම්වල ප්‍රතිඵලයකි.මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරුවන් විශාල ලෙස පිළිගන්නා සහතික කිරීමක් නොමැතිමුත් බොහෝ දෙනා ව්‍යාපෘති කළමනාකරණ ආයතනය මගින් පිරිනමන ව්‍යාපෘති කළමනාකරණ වෘත්තීයවේදී නිලනාමය හෝ MSPM වැනි කළමනාකරණ ඉහල උපාධියක් හෝ අනිකුත් තාක්ෂණවේදී කළමනාකරණ උපාධියක් දරයි.

වගකීම් සංස්කරණය

කර්මාන්තය,සමාගම් ප්‍රමාණය,සමාගමේ පරිණතිය සහ සමාගමේ සංස්කෘතිය අනුව ව්‍යාපෘති කළමනාකරුගේ විශේෂ වගකීම් වෙනස් වේ.කෙසේවෙතත් සමහර වගකීම් සියලු ව්‍යාපෘති කළමනාකරුවන්ට පොදු ඒවා වේ.

  • ව්‍යාපෘති සැලැස්ම දියුණු කිරීම
  • ව්‍යාපෘති පරදු දරන්නන් කළමනාකරණය කිරීම
  • ව්‍යාපෘති කණ්ඩායම කළමනාකරණය කිරීම
  • ව්‍යාපෘති අවදානම් කළමනාකරණය කිරීම
  • ව්‍යාපෘති න්‍යායපත්‍රය කළමනාකරණය කිරීම
  • ව්‍යාපෘති අයවැය කළමනාකරණය කිරීම
  • ව්‍යාපෘති ඝට්ටන කළමනාකරණය කිරීම

අධ්‍යාපනය,සහතික කිරීම් සහ ජාලගතකිරීම් සංස්කරණය

විවිධ සංවිධාන මගින් ලබාදෙන වෘත්තිය සහතික කිරීම් එකක් හෝ කීපයක් ලබා ගැනීමට සෑම දෙනාම කැමතිය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනය පහත සඳහන් අක්තපත්‍ර ව්‍යාපෘති කළමනාකරුවන්ට පිරිනමයි.

  • ව්‍යාපෘති කළමනාකරණ වෘත්තියවේදී(PMP)
  • ව්‍යාපෘති කළමනාකරණයට සම්බන්ධිත සහතිකය(CAPM)
  • වැඩසටහන් කළමනාකරණ වෘත්තියවේදී(PgMP)
  • ව්‍යාපෘති කළමනාකරණ විශේෂවේදී(MPM)
  • PMI අවදානම් කළමනාකරණ වෘත්තියවේදී(PMP-R‍MP)
  • PMI උපලේඛණය කිරීම පිළිබඳ වෘත්තියවේදී(PMI-SP)

අනිකුත් ආයතන සහ සංවිධාන

  • විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමනාකරණ විශේෂවේදී සහතිකය

[2]

  • පරිඝනක තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (COMPTIA) ව්‍යාපෘති+සහතිකය
  • කැනේඩියානු ඉදිකිරීම් සම්මේලනය ව්‍යාපෘති කළමනාකරු වශයන් GSC පිරිනමයි.
  • එක්සත් රාජධානියේ රාජ්‍ය වාණිජ කාර්යාලය (PRINCE2) සහතිකය පිරිනමයි.
  • ඕස්ට්‍රේලියානු ව්‍යාපෘති කළමනාකරණ ආයතනය(AIPM) ලියාපදිංචි ව්‍යාපෘති කළමනාකරු(RegPM)සහතිකය පිරිනමයි.
  • ආරක්ෂක ප්‍රතිග්‍රහණ විශ්වවිද්‍යාලය(DAU)සහ එහි වැඩසටහන් කළමනාකරණ පාසල පෙඩරල ආණ්ඩු,ආරක්ෂක කර්මාන්ත සහ එක්සත් ජාතින් ආදියේ සාමාජිකයන්ට ව්‍යාපෘති කළමනාකරණයේ සෑම අංගයක් පිලිබඳවම පුහුණුවක් ලබාදෙයි.

මේවාට අමතරව MSPM වැනි ව්‍යාපෘති සහ තාක්ෂණවේදී කළමනාකරණ උපාධි ඇත.කෙසේවෙතත් බොහොමයක් ව්‍යාපෘති කළමනාකරණ කුසලතා දියුණුවන්නේ Ph.D,D.Phil හෝ ඊට සමාන,උසස් උපාධි සම්පූර්ණ කිරීමෙනි. IPMA යනු එක්සත් රාජධානියේ ව්‍යාපෘති කළමනාකරණ සම්මේලනය වැනි ජාතික ව්‍යාපෘති කළමනාකරණ සංගම් වල අන්තර්ජාතික ජාලයකි.

ව්‍යාපෘති කළමනාකරණ පුහුණුකිරීම් සංස්කරණය

ව්‍යාපෘති කළමනාකරණ පුහුණුකිරීම් ක්‍රම නානාප්‍රකාරය.පුහුණු කිරීම් ලබාගන්නා බොහෝ ව්‍යපෘති කළමනාකාරවරු රැකියා පුහුණුවීම් ලබන අයයි.අනිත් පුහුණුකිරීම් වලට

  • ව්‍යාපෘති කළමනාකරණ සහ සම්බන්ධ විශ්වවිද්‍යාලය උපාධි වැඩසටහන්
  • කිසියම් දුරකට ව්‍යාපෘති කළමනාකරණය අවධාරණය කරන ව්‍යාපාර උපාධි වැඩසටහන්
  • සහතික කිරීම් වලට සූදානම් වශයෙන් කරන පන්ති සහ පුහුණු කිරීම්
  • බ්ලොග් අඩවි සහ පොඩ්කාස්ට්
  • ග්‍රන්ථ
  • වැඩමුලු සහ සම්මන්ත්‍රණ
  • ප්‍රාදේශීය කණ්ඩායම් රැස්වීම් ආදිය ඇතුලත් වේ.

මේවාත් බලන්න සංස්කරණය

  • සිද්ධි සැලසුම්කරණය සහ උත්පාදනය(Event Planning and Production [3])
  • ව්‍යාපෘති කළමනාකරණ විද්‍යාවේදී විශේෂ්‍ය උපාධිය(Master of Science in Project Management [4])
  • ව්‍යාපෘති ඉංජිනේරු ශිල්පියා(Project engineer[5])
  • ව්‍යාපෘති කළමනාකරණය(Project management[6])
  • ව්‍යාපෘති සැලසුම්කරණය(Project planning[7])
"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාපෘති_කළමනාකරු&oldid=249960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි