ව්‍යාපාර අධ්‍යයනය-මානව සම්පත් කළමණාකරණය යනු

මානව සම්පත් කළමණාකරණය

මානව සම්පත් කළමණාකරණය යනු සංවිධානයක උපරිම වත්කමක් වන එහි සේවය කරන මිනිසුන් පෞද්ගලිකව සහ සාමූහිකව සමාගමේ ඉලක්ක කරා යන ගමනට දායකවන මානව වත්කම් කළමනාකරණය කිරීමට යොදාගන්නා බැඳී ඇති උපක‍්‍රමික පිවිසීමකි. මානව සම්පත් කළමනාකරණය යන වදන සහ මානව සම්පත් යන වදනද බොහෝසෙයින් සේවා කළමනාකරණය යන වදන මගින් හඳුන්වනු ලැබූ සංවිධාන තුළ මිනිසුන් කළමනාකරණය කිරීමේ කි‍්‍රයාවලිය වෙනුවට යොදාගත්තකි. මානව සම්පත් කළමනාකරණය සීග‍්‍රයෙන් පරිණාමය වෙමින් පවතින ක්ෂේත‍්‍රයකි. එය අධ්‍යාත්මික න්‍යායක් වන අතරම වානිජ පරිචයක් ද වේ. එමගින් න්‍යායාත්මක සහ ප‍්‍රායෝගික ක‍්‍රමවේද මගින් සේවා බලකාය කළමනාකරණය කිරීම ආමන්ත‍්‍රණය කරයි.

න්‍යායාත්මක විෂය තුළ සම්ප‍්‍රදායී වදන් වූ සේවක පරිපාලනය, සේවක කළමනාකරණය, මිනිස් බල කළමනාකරණය සහ කාර්මික කළමනාකරණය ඉතා අඩුවෙන් දක්නට ලැබේ. සමහර අවස්ථාවලදී කාර්මික සබඳතා සහ සේවා සබඳතා ද ගැටළු සහගතව සමාන පද සේ යොදාගෙන තිබේ. මේ සියල්ලක්ම සාමාන්‍යයෙන් අදහස් කරන්නේ කළමනාකාරීත්වයත් සේවකයිනුත් අතර ඇති සබඳතාවත් එම සමාගම් තුළ සේවකයින්ගේ හැසිරීමත්ය.

න්‍යායාත්මක විෂය ප‍්‍රාථමික වශයෙන් පදනම් වී ඇත්තේ සේවකයින් විවිධ ඉලක්ක සහ අවශ්‍යතාවයන් ඇති පුද්ගලයින් ලෙසය. එම නිසා අනෙකුත් ව්‍යාපාරික සම්පත් වන රථවාහන සහ බඩුමුට්ටු ලෙස ඔවුන්ට සැළකිය යුතු නැත. ක්ෂේත‍්‍රය සේවකයින් පිළිබඳව ධනාත්මක දර්ශනයක් දරන අතර සියල්ලන්ම ව්‍යාපාරයට ඵලදායීව දායකවීමට බලාපොරොත්තුවීමයි. ඔවුන්ගේ ප‍්‍රධාන ගැටළුව වන්නේ ඔවුන්ගේ උත්සාහයන්වලට දැනුම සහ පුහුණුව අප‍්‍රමාණවත් සහ කි‍්‍රයාවලිවල තිබෙන අසාර්ථකත්වය නිසාය.

ක්ෂේත‍්‍රයේ නියැලෙන්නන් විසින් මානව සම්පත් කළමණාකරණය දකිනු ලබන්නේ නැවත සොයාගැනීම් වැඩි වශයෙන් යෙදෙන සේවා ස්ථාන කළමනාකාරීත්වයක දර්ශනයකි. එය සම්ප‍්‍රදායික පිවිසීමට වඩා බෙහෙවින් වෙනස්ය. ඔවුන්ට පවරා ඇති කාර්යය සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය සියලූ සම්පත් සැපයීම තුළින් සහ ව්‍යාපාරයේ කළමනාකරණයට ඔවුන්ගේ ඉලක්ක නිශ්චිතව සඳහන් කිරීමට බලපෑම් කෙරෙන අතර එමගින් එය තේරුම්ගෙන සේවා බලකාය මගින් සිදුකරනු ලබයි. ඒ අනුව මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමවේද නිසියාකාරව පරිචියේ යොදාගන්නා විට සමස්ත සමාගමේ කි‍්‍රයාන්විත පරිචයන් සහ ඉලක්ක පහැදිලිව පෙනෙන ආකාරයෙන් පැවතේ. මානව සම්පත් කළමනාකරණය දකින තවත් ආකාරයක් නම් සංවිධාන තුළ අවදානය අවම කිරීමේ ප‍්‍රධාන භූමිකාවක් ඉටුකිරීමයි.

සේවා කළමනාකරණය සහ ඊට සමාන පද බොහෝසෙයින් භාවිතා වන්නේ සීමිත අර්ථයක් දෙන සේවා බලකායට බඳවාගැනීමට අත්‍යාවශ්‍ය සහ සාමාජිකයන්ට පඩිනඩි සහ ප‍්‍රතිලාභ ගෙවීමේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීමටය. නමුත් සත්‍ය නිර්වචනයකට එළඹීමේදී ටොරින්ටන් සහ හෝල් (1987) සේවා කළමනාකරණය නිර්වචනය කරන්නේ : එය කි‍්‍රයාවලි මාලාවකි. එමගින් ප‍්‍රථමයෙන් වැඩ කරන මිනිසුන් සහ සේවා යෝජිත සංවිධානවලට ඉලක්ක සහ සේවා සබඳතාවයේ ස්වභාවය පිළිබඳව එකඟවීමටත්, දෙවනුව එම එකඟතාවය සම්පූර්ණ කරනවාද යන්න තහවුරු කරගැනීමයි.

මිලර් (1987) මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මෙසේ සඳහන් කරයි. තරඟකාරීත්වයට වාසිදායී තත්ත්වයන් නිර්මාණය කිරීමටත් පවත්වාගෙන යෑමටත් කි‍්‍රයාත්මක කරන උපක‍්‍රම සමාගමේ සියලූම තත්ත්වයන් තුළ සේවකයින් කළමනාකරණය කිරීමට වැදගත් වන තීරණ සහ කි‍්‍රයාමාර්ගය.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Human_Resource_Management