ව්‍යවසායකත්ව ආර්ථික විද්‍යාව

ව්‍යවසායකත්වය අන් කවරදාටත් වඩා ආර්ථිකයට වැදගත් අංශයක් ලෙස පවතින්නේ නම්, ව්‍යවසායකත්වය පිළිබඳව ප්‍රමාණාත්මක විස්තරයක් සැපයීමට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව දිගින් දිගමට අසමත් වීමෙන් පෙනී යන්නේ එහි මූලික සිද්ධාන්තයන් යළිත් ඇගයීමකට බඳුන් කළ යුතු බවයි. ව්‍යවසායකත්වය ආර්ථික විද්‍යාව යනු ආර්ථිකය තුළ ව්‍යවසායකයා සහ ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයනයයි. ව්‍යවසායකත්ව ආර්ථික විද්‍යාවේ (ප්‍රාදේශීය හෝ ජාතික මට්ටමේ) ලක්ෂණයන් නම්, නව ව්‍යාපාර මෙන්ම නව අංශයන් හා නව කර්මාන්තයන් බිහිවීමට තුඩු දුන් විශිෂ්ට මට්ටමේ නව සොයා ගැනීම්ය.

ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාවට ව්‍යවසායකත්වය ඇතුළු නොවන්නේ එම ආර්ථික ඉගැන්වීම්වල ව්‍යවසායකත්වය පිළිබඳ සිද්ධාන්තයක් හෝ විශ්ලේෂණාත්මක සැකිල්ලක් නැති නිසාම නොවේ. ව්‍යවසායකත්වය ප්‍රධාන ආර්ථික විද්‍යා ධාරාවට අයත් වූවක් නොවීම මෙයට හේතුවකි. ඇත්ත වශයෙන්ම ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාවන්ට කේන්ද්‍රීය වූ සමතුලිත ආකෘතීන් ගොඩනැඟීමේ දී නිර්වචනයේ දීම ව්‍යවසායකත්වය අත්හැර දමනු ලැබීමයි. ජෝශප් ආච්ස්ට්ර්ට හා ඊශ්‍රායෙල් කර්ස්නර් ඔවුන්ගේ ලේඛනවලින්, ව්‍යවසායකයා සමතුලිතතාවය දරා සිටින්නෙකු නොවන බවට තර්කකොට තිබේ. බාවුමෝල්ට අනුව අදාල නොවන ව්‍යවසායකත්වය ඉවත් කිරීමෙන් ප්‍රධාන ආර්ථික විද්‍යා සිද්ධාන්තයට වැරැද්දක් කොට නැත.

ව්‍යවසායකත්වය, ව්‍යාකූල, පුරෝකථනය කළ නොහැකි ආර්ථික ක්‍රියාදාමයක් ලෙස අදහස් කරනු ලැබේ. ප්‍රධාන ධාරාවේ භාවිතා වන සමතුලිතතාව පදනම්කොටගත් විශ‍්ලේෂණ ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ව්‍යවසායකත්වය පිළිබඳ ආකෘතීන් නිර්මාණය කළ නොහැක. සෛද්ධාන්තික පහදා දීම් හා පවතින මූලධර්මයන් දික් කිරීමෙන් පමණක් ව්‍යවසායකත්වය සඳහා සිද්ධාන්තයක් සැපයීමට හැකියාව ඇති බව තව දුරටත් බලාපොරොත්තු විය නොහැක. ව්‍යවසායකත්ව ආර්ථික විද්‍යාව අධ්‍යයනය සඳහා, සෛද්ධාන්තික භෞතික විද්‍යාව (තාප ගති විද්‍යාව, එන්තැල්පිය) වැනි වෙනත් ඉගැන්වීම්හි අන්තර් දෘෂ්ටිය භාවිතා කිරීමෙන්, සමතුලිත ආකෘති , බුද්ධිමය නියෝජිත, මූලාදර්ශ උපරිමායනය, වැනි අභියෝගාත්මක මූලධර්මයන් හරහා මාවතක් විවිර කර ගත හැකිය. ගැටළු මත නිගමනයන් ප්‍රමුඛතාවය අයත් කර ගන්නා මූලධර්මයක් බවට පත්ව ඇති සිද්ධාන්ත විසින් මෙහෙයවන විෂයක් බවට ආර්ථික විද්‍යාව පත්ව ඇතැයි ආර්ථික විද්‍යා, ක්ෂේත්‍රයේ සමීක්ෂණයක් කිරීමෙන් පසු “ කොඅස්” විශ්වාස කරයි. ඔබ “නේචර්” වැනි විද්‍යාත්මක සඟරාවක පිටුවක් දෙස බැලුවොත්, සෑම සතියකම “අපට ඒ ගැන යළි සිතා බලන්නට සිදුව තිබෙනවා. මෙම ප්‍රතිඵල අප බලාපොරොත්තු වූ ආකාරයේ ඒවා නොවේ” යනුවෙන් කළ ප්‍රකාශයන් ඔබට හමුවේ. එහෙත් ආර්ථික විද්‍යාවේ දී සැම විටම අප සිතු අයුරින්ම සිදුවේ. ඒ මන්දයත්, අපි ප්‍රශ්න කිහිපයක් පමණක් අසමින් ගැටළුව වෙත එකම ස්වරූපයෙන් ප්‍රවේශ වන නිසාය. ස්වාභාවික විද්‍යාවන්හි ආකෘතීන් හා සිද්ධාන්තයන්හි අන්තර්දෘෂ්ටිය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායකත්වය ආර්ථික විද්‍යා මූලික සිද්ධාන්තයන් අභියෝගයට ලක් කරයි. යනුවෙන් ඔහු පැවසුවේය.