ව්ලැදිමිර් පුටින්

(ව්ලැඩීමිර් පූටින් වෙතින් යළි-යොමු කරන ලදි)

ව්ලැදිමිර් ව්ලැඩිමිරීච් පුටින් (රුසියානු: Владимир Владимирович Путин; උපත 7 ඔක්තොම්බර් 1952), 2012 මැයි 7 වැනිදා සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙසින් සේවය කරයි. පෙරදී, 2000 සිට 2008 දක්වා ජනාධිපතිවරයා ලෙසින් සේවය කල හෙතෙම, ඉන්පසුව 1999 සිට 2000 සහ නැවතත් 2008 සිට 2012 දක්වා රුසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළේය. අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළ අවසන් ධූරකාලය තුලදී, යුනයිටඩ් රෂියා දේශපාලන පක්ෂයේ සභාපති ලෙසින්ද ඔහු කටයුකු කළේය.

ව්ලැඩීමිර් පූටින්
Владимир Путин
රුසියාවේ 2වන සහ 4වන ජනාධිපතිවරයා

පුටින්, සෝවියට් සංගමයේ ලෙනින්ග්‍රාඩ් හි දී උපත ලැබීය. ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් නිතිය හැදෑරු ඔහු 1975 දී උපාධිය සම්පූර්ණ කළේය. පුටින් විදේශ බුද්ධි නිලධාරියෙකු වශයෙන් KGB සංවිධානයට වසර 16 ක් සේවය කළේය. 1991 දී විශ්‍රාම ගත් පුටින් ශාන්ත පිටර්ස්බර්ග් හි දේශපාලන කටයුතු වලට ඇතුළත් විය. 1996 දී මොස්කව් වෙත ගිය පුටින් ජනාධිපති බොරිස් යෙල්ට්සින් ගේ ආණ්ඩුවට සම්බන්ධ විය. ඉක්මනින් තනතුරුවලින් ඉහලට ගිය පුටින්, යෙල්ට්සින් පදවිය අත් හැරීම නිසා 1999 දෙසැම්බර් 31 වැඩබලන ජනාධිපති බවට පත් විය. 2000 ජනාධිපතිවරණය ඡන්ද 53% ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2004 ජනාධිපතිවරණය ඡන්ද 72% ක් ලබා ගනිමින් ඔහු ජයග්‍රහණය කළේය. ඔහුගේ පලමු ජනාධිපති ධුර කාලයේදී රුසියාවේ ආර්ථිකය වසර තිස්සේ වර්ධනය විය. මිලදී ගැනීමේ හැකියාව පිලිබඳ GDP අගය 72% කින් ඉහල නැංවිණි. මෙම වර්ධනයට 21 වන සියවසේ මුල් කාලයේදී ඇති වූ වෙළඳ භාණ්ඩ මිල උත්පාතය (2000s commodities boom), ඉහල තෙල් මිල සහ යහපත් ආර්ථික ප්‍රතිපත්ති හේතු විය. ව්‍යවස්ථාවෙන් අවහිර කර ඇති නිසා පිට පිට තුන්වන වරටත් 2008 වර්ෂයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පුටින් ට අවස්ථාව නොලැබුණි. 2008 ජනාධිපතිවරණය දිමිත්‍රි මෙද්වදෙව් විසින් ජයග්‍රහණය කරන ලදී.

2011 සැප්තැම්බරයේදී ජනාධිපති ධුර කාල සිමාව වසර 4 සිට 6 දක්වා දීර්ඝ කිරීමත් සමග තමා තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පුටින් නිවේදනය කළේය. 2012 ජනාධිපතිවරණය ඔහු ඡන්ද 64% ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. තෙල් මිල පහල බැසීම සහ රුසියාව ක්‍රිමියාව අත්පත් කරගැනීම හා නැගෙනහිර යුක්රේනය තුල සිදුකල හමුදා මැදිහත්වීම් නිසා 2014 මුල් කාලයේදී පනවන ලද අන්තර්ජාතික සම්බාධක හේතුකොටගෙන 2015 දී GDP අගය 3.7% කින් අඩු විය. එම තාවකාලික ආර්ථික පසුබෑම නිමාවට පත් කරමින් 2016 වන විට 0.3% ක GDP වර්ධනයක් සමඟ රුසියානු ආර්ථිකය වැඩි දියුණු විය. 2018 මාර්තු මස පවතී ජනාධිපතිවරණය 76% ක ඡන්ද ප්‍රතිශතයක් සමගින් පුටින් ජයග්‍රහණය කළේය. ඒ අනුව 2024 දක්වා ජනාධිපති ධුරය දැරීමට ඔහුට අවස්තාව ලැබෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ව්ලැදිමිර්_පුටින්&oldid=586991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි