වස්සාන සමය
වස්සාන සමය හෙවත් වස්සාන ලිය යනු ජුලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්‍ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ ම රැදී සිටිති. සමහරක් ආරාමයන්හි භික්ෂුන් වහන්සේලා වස්සාන සමය භාවනාව සඳහා යොමු වීමට භාවිතා කරති. බෞද්ධ බැතිමතුන් මෙම සමයේ දී තම ශ්‍රද්ධාව වැඩිදියුණු කර ගැනීම, මස් මාංශ හා මධ්‍යසාර වලින් තොරවීම වැනි ක්‍රියාවල නිරත වේ. තායිලන්තය වැනි රටවල සමහරක් ගිහියෝ වස්සාන සමයේ දී තාවකාලික පැවිද්ද ලබාගනිති. භික්ෂුවක් භික්ෂු ජීවිතය ගත කළ කාලය මැන බැලෙන්නේ ගත කළ වස්කාල ගණන අනුවය. මෙම සම්ප්‍රදාය මහායාන බුදුදහමේ දක්නට නොලැබේ. එයට හේතුව මහායාන බුදු දහම ප්‍රචලිතව පැවතුනේ වැසි සමයක් රහිත ප්‍රදේශයක වීමයි.
වස්සාන කාලයේ ආරම්භය බෞද්ධ ඉතිහාසයේ මුල් යුගය දක්වා දිවේ. වෙනත් ආගම් වලට අයත් වන තාපසයෝ මෙම සමයේ පැලවීගෙන එන වගාවන්ට හානිකිරීමට ඇති අකමැත්ත නිසා මෙම සමයේ දී ගමන්වල නොයෙදේ. එම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වස්කාලය ආරාම තුළ ගතකරන ලෙස විනය නීතියක් පැණවුහ.
වස්සාන සමය ආරම්භය 8 වන චන්ද්‍ර මාසය හෙවත් ඇසළ මස දී ආරම්භ වේ. ඇසළ පුජාවේදී ගිහියෝ ආරාමවලට අවශ්‍ය දේ පූජා කරති. වස්සාන කාලය අවසාන වන්නේ කථින පින්කමෙනි. මෙම පූජාවේ දී ගිහියන් විසින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය සිවුරු පිරිකර පූජා කරති.