වසංගත අධ්‍යයනය සංස්කරණය

වසංගතවේදය (ඉංග්‍රීසි:  Epidemiology) වූ කලී වසංගත අධ්‍යයනය මගින් ජන ගහනයක සෞඛ්‍ය සහ ලෙඩ රෝග සදහා හේතු වන කරුණු පිළිබදව අධ්‍යයනය කිරීම වන අතර එමගින් මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සහ රෝග වළක්වා ගැනීම සදහා ‍ෙනායෙකුත් මැදිහත් වීම් සිදුකරනු ලබයි. මෙය මහජන සෞඛ්‍ය පර්යේෂණ පිළිබදව ඇති මූලික ක්‍රමෝපායක් ලෙස සැලකෙන අතර එය සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව මගින් රෝග සදහා ඇති අවධානම් සාධක හදුනාගැනීමක් සිදුකරන අතර වඩාත් ප්‍රශස්ත ප්‍රතිකාර ක්‍රමෝපායන් සපයා දෙනු ලබයි.

බෝවන සහ බෝ නොවන රෝග පිළිබදව වූ වසංගත වේදියෙකුගේ කෘත්‍ය වසංගත රෝග අවස්ථාවන් පර්යේෂණයට ලක්කිරීම, දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය, සංඛ්‍යාත්මක දත්ත සටහන් කිරීම සහ ඒවායෙහි ප්‍රතිඵල පිළිබදව නොයෙකුත් සගරාවලට ලිපි පලකිරීම දක්වාත් විවිධ වේ. වසංගත වේදියෙකුට රෝග පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා ජීව විද්‍යාව පිළිබදව ද රෝග සදහා ඇති අවධානම් සාධක පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා සමාජ විද්‍යාව සහ දර්ශනවේදය පිළිබදව ද අවබෝධයක් තිබිය යුතුය.

ඉතිහාසය සංස්කරණය

ග්‍රීක ජාතික වෛද්‍ය වරයෙකු වූ හිපොක්‍රටීස් ඇතැම් අවස්ථාවලදී වසංගත වේදයෙහි පියා ලෙස හැදින්වේ. රෝගවල ඇති වීම සහ ඒ සදහා අවට පරිසරයෙහි ඇති බලපෑම පිළිබදව ඇති සම්බන්ධතාව මුල් වරට නිරීක්ෂණය කළ පුද්ගලයා වූයේ ඔහුය. ඔහු විසින් යම්කිසි ප්‍රදේශයකට පමණක් ආවේනික වූ ඒක දේශික රෝග තත්වයන් සහ වසංගත රෝග යන සොයා ගැනීම් සිදුකරන ලදී.

රෝගවල මුලාරම්භය පිළිබදව මුල් යුග වලදී පැවති සිද්ධාන්තයක් වනුයේ එය මිනිසුන්ගේ අති සුඛෝපභෝගි ජීවිතවල ඇති වරදක් නිසා මූලික වශයෙන් ඇති වූවක් බවයි. මෙය ප්ලේටෝ සහ රෝසියෝ වැනි දාර්ශනිකයන් සහ ජොනතන් ස්විෆ්ට් වැනි සමාජ විචාරකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මධ්‍යයතන ඉස්ලාමික ලොවෙහි විසූ ඉස්ලාම් ජාතික වෛද්‍යවරුන් ආසාදිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලදී. පර්සියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඇවිසෙනා නූතන වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත පද්ධතියෙහි හැදින්වේ. ඔහු විසින් ක්ෂය රෝගය සහ ලිංගාශ්‍රිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලද අතර ජලය, පස් හා සිරුරෙන් ස්‍රාවයවන අපවිත්‍ර වූ ද්‍රව්‍යය මගින් රෝග බෝකිරීමට හැකියාව ඇති බව සොයා ගන්නා ලදී. ඔහු රෝග බෝවීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රම, ඒ සදහා ඇති අවධානම් සාධක අධ්‍යයනය කිරීම සහ යම්කිසි රෝගයක් හදුනා ගැනීම පිළිබදව ක්‍රම ඉදිරිපත් කරන ලදී.

14 වන ශත වර්ෂයේදී මහාමාරිය මගින් අල් අන්ඩාලුස් ප්‍රදේශයෙහි කළු මරණ සංඛ්‍යාව ඉහළ යත්ම ඉබන් කාටිමා විසින් කරන ලද උපකල්පනයක් වූයේ ආසාදිත රෝග ඇති වනුයේ මිනිස් සිරුර තුළට ඇතුළු වන ඉතා කුඩා අංශු විශේෂයක් නිසා වන බවයි. තවත් 14 වන ශතවර්ෂයේ විසූ අරාබි ජාතික වෛද්‍යවරයෙකු වූ ඉබන් අල් කාටිබ් විසින් (1313 – 1374) රචිත මහාමාරිය පිළිබදව වූ නිබන්ධයෙහි සටහන් වනුයේ ඇදුම් පැලදුම්, පරිහරණය කරන ද්‍රව්‍ය හා ආභරණ මගින් එක් රෝගියෙකු‍ෙගන් තවත් කෙනෙ‍කුට ස්පර්ශය මගින් රෝග බෝ කිරීමට හැකියාව ඇති බවයි.

16 වන ශතවර්ෂයෙහි මැද භාගයේදී විසූ ෆ්ලෝරන්ස් ප්‍රදේශයෙන් පැමිණි ප්‍රසිද්ධ ඉතාලි ජාතික වෛද්‍යවරයෙකු වූ ගිරෝලේනෝ ෆ්රුකැස්ටොරෝ විසින් යෝජනා‍ කරන ලද සිද්ධාන්තයක් වූයේ ඉතා කුඩා ඇසට නොපෙනෙන ජීවී අංශු මගින් රෝග ඇති කරන බවයි. ඒවා වාතය මගින් ව්‍යාප්ත වීමට හැකි අතර ස්වයං ගුණනය වීමට හැකියාව ලබමින් ගින්දර මගින් විනාශ කළ හැකි බවට ඔවුන් විශ්වාස කළහ. මෙම ආකාරයටම ඔහු ගැලන් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්තයක් වූ රෝගී පුද්ගලයාගෙන් නික්මෙන විෂ වායු පිළිබදව සිද්ධාන්තය නිෂ්ප්‍රභා කරන ලදී. 1543 දී ඔහු De contagione et contagiosis morbis නම් ග්‍රන්ථය රචනා කරන ලදී. එකල ඔහුගේ සිද්ධාන්ත මත පදනම් ව පෞද්ගලික සහ පාරිසරික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට මුල්ම පුරෝගාමියා වූයේ ඔහුය. මෙම සිද්ධාන්ත 1675 දී ඇන්ටන් වෑන් ලීවන් හුක් විසින් මුල්ම අන්වීක්ෂය සොයා ගන්නා තෙක් ඔප්පුකල නොහැකි විය.

 

ආධුනික විද්‍යාඥයකු වූ ජෝන් ග්‍රාන්ට් 1662 දී Natural and Political Observations … upon the Bills of Mortality නම් කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. එමගින් ඔහු මහාමාරිය රෝගය ඇති වීමට ප්‍රථම ලන්ඩනයේ මරණ අනුපාතය අධීක්ෂණය කරන ලද අතර නූතන සහ පැරණි බොහොමයක් රෝගවල කාලයට අනුව ඇතිවන ප්‍රවණතාවය ජීවී දත්ත වගු ආශ්‍රීතව වාර්තා කරන ලදී. ඔහු රෝග පිළිබදව වූ විවිධ සිද්ධාන්තයන් සදහා සංඛ්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළ අතර ඇතැම් ඒවා පිළිබදව පුළුල්ව ව්‍යාප්තව පැවති මති මතාන්තර නිෂ්ප්‍රභා කරන ලදී.

1854 දී ලන්ඩනයේ සොහෝ දිස්ත්‍රික්කයේ වසංගත රෝගයක්ව පැවති කොළරාව මර්දනය කිරීමට පුරෝගාමි වූ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූයේ වෛද්‍ය ජෝන් ස්නෝය. රෝගය ව්‍යාප්ත වීමට හේතුව මාර්ගවල පැවති පොදු ජල පොම්පයක් බව ඔහු හදුනා ගත් අතර එය ඉවත් කිරීම මගින් වසංගත රෝග තත්වය නිමා කිරීමට හැකියාව ලැබුණි. (වෛද්‍ය ස්නෝ විසින් ඉහත කී ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාව වන විට වසංගත රෝග තත්වය ස්වභාවිකවම නිමාවෙමින් පැවතිණි ද යන්න පිළිබදව ප්‍රශනාර්ථයක් පවතී. මෙය ඉතිහාසය තුළ ප්‍රජා සෞඛ්‍ය පිළිබදව සිදු වූ ප්‍රධාන සිදුවීමක් ලෙස සැලකෙන අතර වසංගතවේදය නිර්මාණය වීම සදහා මූලික අඩිතාලම මෙමගින් බිහි වුණි.

මේ හා සම්බන්ධ අනෙකුත් කැපීපෙනෙන පුරෝගාමියෙකු වන්නේ ඩෙන්මාක් ජාතික වෛද්‍ය වරයෙකු වූ පී.ඒ. ශ්ලේස්නර් ය. ඔහු 1849 දී අයිස්ලන්තයේ වෙස්ට්මානා දූපත්වල අළුත උපන් බිලිදුන් තුළ ඇති වූ පිටගැස්ම වසංගත රෝග තත්වය වළක්වා ගැනීම සදහා කටයුතු කරන ලදී. තවත් ඉතා වැදගත් වෛද්‍යවරයෙකු වන්නේ හංගේරියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඉග්නාස් සෙමෙල්විස් ය. ඔහු 1847 දී වියානාවෙහි රෝහල්වල ළදරු මරණ අනුපාතය විෂබීජ මරණ ක්‍රමෝපායන් හදුන්වාදීම මගින් අවම කරන ලදී. ඔහුගේ සොයා ගැනීම් 1850 දී ප්‍රකාශයට පත් කරන ලද අතර ඔහුගේ සමකාලීනයන් විසින් ඔහු කල මෙහෙය එතරම් ඇගයීමකට ලක් නොකළ අතර අකණ්ඩව පවත්වාගෙන නොයන ලදී. බ්‍රිතාන්‍ය ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝසප් ලිස්ටර් විසින් 1865 දී ලුවී පාස්චර්ගේ සොයා ගැනීම් අනුව යමින් විෂබීජ නාශක ද්‍රව්‍යයන් හදුන්වා දෙන තෙක්ම ඒවා බහුල වශයෙන් භාවිතයට ‍ෙනාගැණින.

20 වන ශත වර්ෂයේ මුල භාගයේදී රොනාල්ඩ් රෝස්, ඇන්ඩර්සන් ග්‍රේ මැකෙන්ඩ්‍රික් සහ අනෙක් අය විසින් වසංගත වේදය සදහා ගණිත ක්‍රම හදුන්වාදෙන ලදී.

රිචඩ් ඩෝල් සහ ඔස්ටින් බ්‍රැඩ්ෆෝඩ් හිල් විසින් 1954 දී ප්‍රකාශයට පත්කර බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වූයේ දුම්කොළ පානය සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධතාවය පිළිබදව වූ සැකය ස්ථාපිත කරමින් දැඩි සංඛ්‍යාත්මක වශයෙන් සාක්ෂි ඉදිරිපත් වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=වසංගතවේදය&oldid=575938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි