වල්ලිපුරම් රන් සන්නස

වසභ රජ ලංකාදීපය පාලනය කල සමයේ රන් පතක ලිවූ සටහනකි.

වල්ලිපුරමෙන් හමුවූ රන් තහඩු ලිපිය

අන්තර්ගතය සංස්කරණය

මෙම ලිපිය අද ශ්‍රී ලංකාවේ සොයා ගැනීමට නැත.එය නැතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී ය.

මුල් ලිපිය සංස්කරණය

සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ

වත්මන් සිංහලෙන් සංස්කරණය

වසභ රජතුමාගේ රාජ්‍ය සමයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් ය. මෙහි ඍෂිගිරි නම් ඇමතිවරයකු විසින් (නකදිව) *යාපනය ප්‍රදේශය පාලනයට පත් කර ඇති අතර එහිදී ඔහු විසින් පියංගුකතිස්ස නම් විහාරයක් ඉදි කර ඇති බව දැක්වේ.'

  • සැ.යු. එකල යාපනය අර්ධද්වීපය හැඳින්වූයේ නාගදීපය හෙවත් නකදිව ලෙසය.
"https://si.wikipedia.org/w/index.php?title=වල්ලිපුරම්_රන්_සන්නස&oldid=554129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි