වර්තමාන බුදුදහම


බුදුදහම ඉන්දියාවෙන් සම්පුර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවට රවල් වල බුදුදහම පැවතුනද බුදුදහමේ ව්‍යාප්තියක් සිදු නොවීය. නමුත් වර්තමානයේ එය නැවත ශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන්මිලියන 230 සිට 500 දක්වා ප්‍රමාණයක් ලොව පුරා පැරි සිටින අතර සමහරකන් අස්තමේන්තු වලට අනුව එය මිලියන 310 පමණ වේ. නමුත් මෙම ප්‍රමාණය නියත නොවේ. එයට හේතු,

·බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම

·චිනය, වියෙට්නාමය හා උතුරැ කොරියාව යන රටවල් තත්තවය

එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහමට ලෝකයේ 4 වනුව වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියාන, ඉස්ලාම් හා හින්දු ආගම්ය. බුදුරජාණන්වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනයේ ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි.


·පාලි ධර්ම ග්‍රන්ථ අසුරැ කරන තේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රීලාකාව හා බුරැමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද අනුගමනය කරන්නේ තේරවාදි බුදුදහමය.

·චීනය, ජපානය, කොරියාව, තියිලන්තය සිගප්පුරැව හා වියෙට්නාමයේ පවතින්නේ චීන බසින් ධර්ම ග්‍රන්ථ ලියවුණු මහායාන බුදුදහමයි.

·ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රැසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.

ආගමික සංඛ්‍යාණ සම්බන්ධ වෙඩ් අඩවියකින් පවත්වන ලද සංගණනයතින් හෙලි වුයේ ඉහත සදහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනකට පිළිවෙයලින් මිලියන 124,185 හා 20 පමණ බැතිමතුන් සිටින බවයි.

වර්තමානයේ බුද්ධධර්මයේ ලොවපුරා වයාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල් වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සලකන අතර නැ‍ගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර ඉතා ඉහළ අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වන අතර රාජ්‍යය අනුග්‍රමයක් ලැබේ. බටහිර එය වර්ධනය වන අධ්‍යාත්මකි දර්ශනයකි.

"https://si.wikipedia.org/w/index.php?title=වර්තමාන_බුදුදහම&oldid=471397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි