බොහෝමයක් රූපවාහිනී පර්යේෂකයන් වර්ණ රූප සම්ප්‍රේශණය අගය පැසසීමට ලක් කරයි. 1889 දී රුසියාවේ දී යාන්ත්‍රිකව පරිලෝකනය වන වර්ණ පද්ධති සඳහා වූ පේටන්ට් යෙදුම වර්ණයේ වැදගත්කම කෙතරම් කාලයකට කලින් තේරුම් ගියේ ද යන්න පෙන්වයි. ජෝන් ලොගී බෙයාර්ඩ් 1928 ජූලි 3 වනදා ප්‍රථම වර්ණ සම්ප්‍රේශණය ප්‍රදර්ශණය කරන ලදී. මේ සඳහා ඔහු සම්ප්‍රේශණ හා ප්‍රතිග්‍රාහක කෙළවරවල පරිලෝකනය කිරීමේ තැටි දඟර ඇත උපකරණ 3ක් සමඟ යොදා ගත් අතර එක් එක් දඟරය වෙනස් ප්‍රාථමික වර්ණවල පෙරහනක් සමඟ වූ අතර ප්‍රතිග්‍රාහක අන්තයෙහි ආලෝක ප්‍රභව තුනක් හා ඒවායේ දීප්තිය විචල්‍ය කිරීමට කොමියුටේටරයකින් ද යුක්ත විය.බෙයාර්ඩ් 1938 පෙබරවාරි 4 වනදා යාන්ත්‍රිකව පරිලෝකනය කරන ලද 120-line රූපයක් බෙයාර්ඩ්ගේ ක්‍රිස්ටල් පැලස් රූපාගාරයේ සිට ලන්ඩනයේ ඩොමීනියන් රංග ශාලාවේ ප්‍රක්ෂේපණ තිරයකට යැවීමෙන් ලොව ප්‍රථම වර්ණ විකාශනය සිදු කරන ලදී. 1938 දී වර්ණ රූපවාහිනී සඳහා වූ ෂැඩෝ මාස්ක් තාක්ෂණය සඳහා ජර්මනියේ වර්නර් ‍ෆ්ලෙෂිග් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. 1939 දී බර්ලින්හි වූ අන්තර් ජාතික රේඩියෝ ප්‍රද‍ර්ශනයේ දී වර්ණ රූපවාහිනී ප්‍රදර්ශනය කරන ලදී. 1944 අගෝස්තු 16 වනදා බෙයාර්ඩ් විසින් සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රොනික වර්ණ රූපවාහිනී සංදර්ශකයක ප්‍රථම නිරූපනය ඉදිරිපත් කරන ලදී. ඔහුගේ 600-line වර්ණ පද්ධතිය එක් එක් පින්තූරය සෑදීම සඳහා පරිලෝකන 6ක් ‍යොදා ගන්නා අතර එය ත්‍රිත්ව අතුරු වියමන යොදා ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=වර්ණ_රූපවාහිනී&oldid=472043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි