ඛණ්ඩාංක: අහස් සිතියම 22h 46m 07.57s, −05° 26′ 35.0″

වයිස් J224607.57-052635.0 යනු, අතිශයින් දීප්තිමත් අධෝරක්ත චක්‍රාවාටයක් (ELIRG) වන අතර, එය විශ්වයෙහි වඩාත්ම දීප්තිමත් චක්‍රාවාටය බවට, 2015 වසරෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. එහි දීප්තිය, සූර්යයාගේ (349×1012L [1]) මෙන් ට්‍රිලියන 300 ක ගුණාකාරයකි. සූර්යයා මෙන් බිලියන 10 ගුණයක ස්කන්ධයක් සහිත ක්වේසරයක් විසින් ආලෝකය ජනනය කරනු ලබයි. ක්වේසරය විසින් ජනනය කෙරෙන ආලෝකය, අධෝරක්ත කිරණ බවට පරිවර්තනය කෙරෙන්නේ, ධූලි විසිනි. එයට වඩා කුඩා වුවද, ක්ෂීර පථය චක්‍රාවාටය මෙන් 10,000 ගුණාකාරයක් වැඩි ශක්තියක් මෙම චක්‍රාවාටය වෙතින් මුදා හැරෙයි. එය වෙත, ආලෝක වර්ෂ බිලියන 12.5 ප්‍රමාණයක ආලෝක ගමන් දුරක් වෙයි. මෙම චක්‍රාවාටය සොයාගත්තේ, වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර් භාවිතා කිරීමෙනි.[1][2]>[3][4][5]

වයිස් J224607.57-052635.0
වයිස් J224607.57-052635.0 යනු, විශ්වයෙහි වඩාත්ම දීප්තිමත් චක්‍රාවාටය වෙයි. (සිත්තරෙතුගේ සංකල්පයකි)
නිරික්ෂණ දත්ත
විෂුවදුංශය22පැය 46විනා 07.57තත්
ක්‍රාන්තිය-05° 26′ 35.0″
රක්ත විස්ථාපනය4.593[1]
දුර12.5×109 ආලෝක වර්ෂ (3.8×109 පාර්සෙක්)[2]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 ට්චායි, චාඕ-වෙයි සහ අනෙකුන් (8 අප්‍රේල් 2015). "ද මෝස්ට් ලුමිනස් ගැලැක්සීස් ඩිස්කවර්ඩ් බයි වයිස්". arXiv. arXiv:1410.1751v2. සම්ප්‍රවේශය 22 මැයි 2015.
  2. 2.0 2.1 කාර්යමණ්ඩලය (21 මැයි 2015). "වයිස් ස්පේස්ක්‍රාෆ්ට් ඩිස්කවර්ස් මෝස්ට් ලුමිනස් ගැලැක්සි ඉන් යුනිවර්ස්". PhysOrg. සම්ප්‍රවේශය 22 මැයි 2015.
  3. කාර්යමණ්ඩලය (21 මැයි 2015). "PIA19339: ඩස්ටි 'සන්රයිස්' ඇට් කෝර් ඔෆ් ගැලැක්සි (සිත්තරෙකුගේ සංකල්පයකි)". නාසා. සම්ප්‍රවේශය 21 මැයි 2015.
  4. චවු, ෆිලීෂියා; ක්ලාවින්, විට්නි (21 මැයි 2015). "නාසාස් වයිස් ස්පේස්ක්‍රාෆ්ට් ඩිස්කවර්ස් මෝස්ට් ලුමිනස් ගැලැක්සි ඉන් යුනිවර්ස්". සම්ප්‍රවේශය 25 මැයි 2015.
  5. ලෙමොනික්, මයිකල් ඩී. (26 මැයි 2015). "බ්‍රයිටස්ට් ගැලැක්සි යෙට් ෂයින්ස් විත් ලයිට් ඔෆ් 300 ට්‍රිලියන් සන්ස්". නැෂනල් ජියොග්‍රෆික් නිවුස්. සම්ප්‍රවේශය 27 මැයි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=වයිස්_J224607.57-052635.0&oldid=336090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි