වයිකින්ග් ගවේෂණයේ පරීක්ෂණ
වයිකින්ග් ගවේෂණයේ පරීක්ෂණ
1970 වසරේ මැදභාගයේ සිදු කරන ලද වයිකින්ග් ගවේෂණයේ මූලික අරමුණ වූයේ එම යානයේ සවිකොට තිබුණාවූ කුඩා සෙවුම් උපකරණ භාවිතයෙන් අගහරු මතුපිට ජීවයක් පවතීදැයි සොයා බැලීමයි. මෙම උපකරණ විශේෂයෙන් සැලසුම් කොට තිබුණේ අගහරු පස තුළ යම් ක්ෂුද්රි මට්ටමේ ජීවයක් පවතී නම් ඒවා හසුකර ගැනීමට හැකි වන පරිදි වේ. මෙම ගවේෂණයේ කාර්යයන් වඩාත්ම අපහසු කළ සාධකය වූයේ අගහරු මතුපිට තත්වයන් පිළිබදව නාසා විද්යාවඥයන් තුළ වූ අල්ප දැනුම මැරිනර් -4 ගවේෂණයෙන් ලද තොරතුරු අනුව ගොණු කරගත් සීමිත දැනුම හමුවේ නාසා ආයතනය වයිකින්ග් මෙහෙයුම සැලසුම් කරන ලද්දේ පෘථිවියට සමාන ජීවී තත්වයන් පරීක්ෂා කිරීම පිණිස විය. කෙසේ වුවද , සිදු කරන ලද්දා වූ ප්රිධාන පරීක්ෂණ හතරෙහි ප්ර තිඵලවලට අනුව පෙන්නුම් කළේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීම වැඩිවී ඇති බවයි. පස තුළ ජලය හා පෝෂ්යවය පදාර්ථ සෙවීමේ පරීක්ෂණ අතරතුර දී මේ බැව් තහවුරු විය. අගහරු මතුපිට ජීවය පැවති බවට මෙය සාධකයක් බව කියැවුණ ද ඇතැම් විද්යා ඥයන් මෙය ප්රහතික්ෂේප කළේ පසෙහි වන සුපිරි ඔක්සයිඩ සෑදිය හැකි රසායනිකයන් හේතුවෙන් ද මෙසේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීමට සිදුවිය හැකි බව පවසමිනි. ඔවුන්ගේ තර්කය වූයේ කාබන්ඩායොක්සයිඩ් ප්රිතිශතය වැයවීම ජීවයක් නැතිව වුවද සිදුවිය හැකි බවයි. නමුත් තම මතය තහවුරු කිරීම පිණිස නාසා ආයතනය තර්ක කළේ ගවේෂණ යානයේ වූ වායු වර්ණාවලීක්ෂයට හසුවීම තරම් විශාල ප්ර මාණයක් පරිවෘත්තීය ජීවීන් පරීක්ෂා කළ පස් නියැදියේ නොසිටි බවයි. වයිකින්ග් ව්යාරපෘති සැලසුම්කරුවකු වූ “ගිල්බර්ට් ලෙවින්” මෙම ප්රරකාශනයට සහය පල කළේ වයිකින්ග් ව්යාාපෘතියේ අරමුණ වූයේ අගහරු මතුපිට ජීවයකට පැවතිය හැකි සාධක තිබේදැයි පරීක්ෂා කිරීම විනා ජීවීන් සිටීදැයි පරීක්ෂා කිරීම නොවූ බව පවසමිනි.
තිස් වසරක් පැරණි වයිකින්ග් ගවේෂණ දත්ත නැවත විමර්ශනය කිරීමේදී යොදාගත් නූතන ජීව - රසායන ක්රවමවේදවලදී යෝජනා වූයේ වයිකින්ග් ගවේෂණය සදහා යොදාගත් තාක්ෂණය ජීවයක් හැදින ගැනීම සදහා ප්රේමාණවත් නොවූ බවයි. නැතහොත් ඇතැම් විට යොදාගත් ක්රයමවේද නිසා නියැදිවල සිටි ජීව පදාර්ථ මිය යන්නට ඇති බවයි. මින් ගම්ය වන ප්රදධානතම අදහස වනුයේ අගහරු මත වූ ජීවය එහි ඇති අධි ප්රයමාණයක් වූ ඔක්සයිඩ හා හයිඩ්රයජන් පෙරොක්සයිඩ හේතුවෙන් විනාශ වී යාම වෙනුවට එම තත්වයන් තමන්ගේ පැවැත්ම සදහා කළමණාකරණය කරගන්නට ඇති බවයි. උදාහරණයක් ලෙස , හයිඩ්රණජන් පෙරොක්සයිඩ්, ජල අණුවක් -500C ට වඩා සීත වීමට ඉඩ නොහරී. මෙය ජලාකර්ෂණ තත්වයකි. එනම් , වියළි ග්රවහලොවක් මත වන ජීවයට හිතකර තත්වයකි. ඇසිටික් ඇසිඩ් බැක්ටීරියා ගණයට අයත්වන Acetobacter peroxidans නම් පෙරොක්සයිඩ මේ සදහා වූ ප්රසකට උදාහරණයකි.
එසේම තවත් තර්කයක් වනුයේ , වයිකින්ග්යානය ගොඩ බැසීමේදී එම යානය මගින් නිකුත් කළ තාප තෙරපුම් හේතුවෙන් අවට වූ ජීවය විනාශ වී යන්නට ඇති බවයි.
http://en.wikipedia.org/wiki/Life_on_Mars#Viking_experiments