වනාන්තර ගතිකත්වය
වනාන්තර ගතිකත්වය ලෙස විස්තර කරනුයේ වනාන්තරයේ හැඩය හා අනෙකුත් වෙනස්කම් සිදු කරන ෙභෟතික හා ජෛව විද්‍යාත්මක බලපෑම් යටපත් කිරීමය. මෙය වනයේ සංයුක්තිය හා සැලැස්ම විකෘති කරන අඛණ්ඩ වෙනස් වීමකි. වනාන්තර ගතිකත්වයේ මූලික අංග දෙකකි. එනම් වන සන්තතිය (පරිසර විද්‍යාත්මක සන්තතිය) සහ වනාන්තර වලට සිදුවන බාධා කිරීමි ය.
බාධා කිරීම්
සංස්කරණයවනාන්තරයට සිදුකරන බාධා කිරීම් යනු වනයේ සැලැස්ම හා සංයුතිය වෙනස් කරන එක්තරා ආකාරයකි. එම ආකාර වලට කැළෑ ගිනි තැබීමි, ගංවතුර, සුළග හෝ භූමි කමිපා හෝ කෘමින්, වෙනත් රෝග නිසා සිදුවන මියයාම් අදාළ වේ. මෙය මිනිසුන්ගේ ක්‍රියාකාරකමි නිසා ද සිදුවිය හැක. උදාහරණ ලෙස වනාන්තරයෙන් දැව ලබා ගැනීම ගත හැක.
ප්‍රතිස්ථාපන බාධා කිරීම
සංස්කරණයප්රධාන බාධා කිරිමක් වන වනයේ ගස් විශාල ප්‍රමාණයක් හෝ සියල්ල ඉවත් වීම, “භූමිය ප්‍රතිස්ථාපනය කිරීමට වන බාධා කිරීම ලෙස හැදින්වේ. මෙය වන සන්තතියේ මුල් අවධිය ආරමිභ කරන අතර එය භූමියේ ආරමිභය’’ ලෙස හැදින්වේ. බීජ වර්ධනය වීමත් සමගම ශාක ඇතිවීම සිදුවේ. ගස්වල වියන් එකට ගෑවීමත් සමගම දෙවන අදියර වන ගස්වල කදන් නිෂේදනය වීම ආරමිභ වේ. ගස් හිරු එළිය සදහා තරග කිරීම ආරමිභ කරන අතර මියයාමේ වේගය වැඩි වීමට පටන් ගනී. මෙම අවස්ථාවේ දී ශාකවල වියන් ක්‍රමවත් හැඩයකට පිහිටන අතර වියන එක් ප්‍රධාන විශේෂයකින් සමන්විත වේ. (වයස කණ්ඩායම්)
වනාන්තරයේ වියන සාදන ගස් වයසට යාම ඇරඹිමත් සමගම එම එකම වයස් මට්ටමේ වු ගස් මිය යාමේ වේගය වැඩිවේ.
යටි ස්ථරය නැවත ආරමිභ විම ඇරෙඹි. ෙමි වන විට ගස්වල පත්‍ර සහිත ප්‍රදේශය විශාල වීම සිදුව ඇති අතර වයස්ගත වූ ගස්වල වර්ධන වේගය අඩු වී වියන්වල වූ හිදැස් ලපටි ශාක ගෝත්‍රවලින් පිරවීම සිදුවේ. මේ වන විට වනාන්තරය වයස් කණ්ඩායම් දෙකකින් සමන්විතය. ඇතැම් ස්ථානවල ආරමිභක ශාක ගෝත්‍රයන්ට අදාළ ගස් කිහිපයක් පමණක් ඉතිරි විම හෝ සම්පුර්ණටයන් නැති විම සිදුවිය හැක. වනාන්තරය වයස් කණ්ඩායමි රැසකින් සමන්විත වීම සිදුවනු ඇත. මියයාම අඛණ්ඩව සිදුවේ. විශාල ශාක මියයාමත් සමග වියන් වල විශාල ප්‍රමාණයේ හිඩැස් ඇති වේ. මෙය පශ්චාත්(පසු) සන්තති වනාන්තර වේ.