වතු දෙමළ කම්කරුවන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් 19 වැනි සහ 20 වැනි ශත වර්ෂවලදී ඉන්දියාවෙන් ගෙන එන ලද වතු කම්කරුවන්ගෙන් යුත් සෑහෙන දෙමළ ජනගහනයක් මධ්‍යම පලාතේ වතු ආශ්‍රිතව වෙසෙති. ඉන්දියන් දෙමළ හෝ වතු දෙමළ යනුවෙන් හඳුන්වනු ලබන මොවුහු ප්‍රධාන වශයෙන් ලංකාවේ තේ වතුවල දැනුදු සේවය කරති. පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් දරිද්‍රතාවයෙන් පීඩා විදින අතර නොකඩවා පහත් ජිවන තත්ත්වයක් අත් විදිති. එකම භාෂාවක් කතා කරන නමුදු උතුරේ සහ නැගෙනහිර සිටින අනෙක් දෙමළ ජනතාව, උඩරට දෙමළ ජනතාව වෙනත් ජන කොට්ඨාශයක් ලෙස සලකා කටයුතු කරති.


1949 දී ඩී.එස්. සේනානායක රජය වතු කම්කරුවන්ට පුරවැසිභාවය නොදීමට නීතියක් සම්මත කර ගත්තේ ඔවුන් රටක් නැත්තවුන් තත්ත්වයට හෙළමිනි.

මෙහි ප්‍රතිඵලය වුයේ දේශපාන සමතුලිතභාවය දෙමල ජනතාවගෙන් ඈත්වීමයි. 1948 දී නිදහස ලබන විට පාර්ලිමේන්තුවේ 33% ඡන්ද බලය දෙමළ ජනතාවට තිබුණි. වතු දෙමළ ජනතාවට ඡන්ද බලය අහිමි වීම මත එම ප්‍රමාණය 20% දක්වා අඩුවිය. සිංහලයනට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීමට හැකිවීමෙන් සිංහල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විරෝධය පෑමට දෙමල ජනතාවට තිබුණු ඉඩ ප්‍රස්ථා අහිමි විය. මෙම අසාමානත්වයට ප්‍රධාන හේතුව වුයේ සිංහල බහුතරයක් සිටින බහු ආසන මන්ත්‍රී කොට්ඨාශයකින් දෙමළ මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමය. බහු ජාතික ආසන ඇති කිරීමට හේතුව වුයේ ඉදිරි ජාතිකවාදී ආණ්ඩුවකදී සුදු ජාතීන්ට වැඩි බලයක් ඒම වළක්වනු පිණිසයි.

පුරවැසිභාවය අහිමි කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී ඉන්පසු බලයට පත් පක්ෂ රාජ්‍යයන් කීපයක්ම උත්සාහ කළේ වතු දෙමල ජනයා සම්පුර්ණයෙන්ම රටෙන් ඉවත් කිරීමටයි. 1962 දී එවකට අගමැති එල්. බී. ශාස්ත්‍රි සමග ගිවිසුමක් අතසන් කරන ලදී. දෙවැනි ගිවිසුම ඉන් අවුරුදු 3කට පසුව ඉන්දිරා ගාන්ධි සමග අත්සන් කෙරිණි. මෙයින් වතු දෙමළ ජනතාව 600000 ක් අවුරුදු 15 ක් තුළ ඉන්දියාවට යැවීමටත් 375000 කට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දීමටත් එකගතාවයක් ඇති විය. මෙයින් පළමු පිරිස ඉන්දියාවට නොගිය අතර ශ්‍රී ලංකාවේ නැවතුණහ. එහෙත් එම ඡන්ද බලයද, පිටරටකට යාමේ අවස්ථාවද , සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවන් අහිමි කර ගනිමිනි. 2003 දී ඉතිරිව සිටි උඩරට දෙමළ ජනතාවට පුර්ණ පුරවැසිභාවය ප්‍රදානය කරන ලදී.


Denial_of_citizenship_to_estate_Tamils