ලෝක දියවැඩියා දිනය

ලෝක දියවැඩියා දිනය යනු දියවැඩියා රෝගය ගැන දැනුවත් කිරීම ගෝලීය වශයෙන් සිදුකරන දිනයකි. මෙය නොවැම්බර් මස 14 වන දිනට දී ඇත. මෙම දිනය 1991 දී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම වසරකදීම ලෝක දියවැඩියා සංගමය මෙම දිනය නව තේමාවක් යටතේ සමරනු ලබයි. මෙහිදී දියවැඩියාවෙන් පෙලෙන්නන් මුහුණපාන ගැටළු ගැනද අවධානය යොමු කරනු ලබයි. දියවැඩියාව හා මානව හිමිකම් , දියවැඩියාව හා දියවැඩියාව ගැන දැනුවත් කිරීම වසර පුර පැවතුනද , මෙම දිනය ඉන්සියුලින් සොයා ගැනීමට මුල් වූ ෆෙඩ්රික් බන්ටින්ග් ගේ උපන් දිනය සලකුණු කරයි. (මෙම සොයාගැනීමට චාර්ල්ස් බෙස්ට් ද දායක විය. )

ලෝක දියවැඩියා දිනය සඳහා ලාංඡනය

දියවැඩියා රෝගය හා මානව හිමිකම් , දියවැඩියාව හා ජිවන ක්‍රමය , දියවැඩියාව හා තරබාරු බව , ළමුන් හා නව යෞවනයන් අතර දියවැඩියාව දියවැඩියා දිනය හා සමගාමී තේමා සමහරකි. 2009 සිට 2013 දක්වා දියවැඩියා දිනයේ තේමාව වන්නේ දියවැඩියාව ගැන දැනුවත් කිරීම හා දියවැඩියාව වැළැක්වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_දියවැඩියා_දිනය&oldid=250611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි