ලේසර්-ලේසර් පිලිබද ඇමෙරිකාවේ ගුවන් හමුදා පර්යේෂණ

ලේසර් යනු විද්්‍යුත් දෘෂ්‍ය ඒකකයක් වන අතර එමගින් කෘත්‍රීමව ආලෝක කිරන නිකුත් කරයි. ලේසර් (LASER) යනු වචන කිහිපයක මුල් අකුරැ ඵල එකතුවක් වන අතර එය ආලෝකය (Light) වැඩිකරමින් (Amplification) උත්තේජිත (Stimulated) පිටකරන ( Emission) විකිරණ (Radiation) යනුවෙන් අර්ථ නිරෑපනය වේ. සාමාන්‍යයෙන් ලේසර් කිරණ පටු අඩුවෙන් දිශාගත වන දෘෂ්‍ය වර්ණවලියේ තනි වර්ණයෙන් යුක්ත නියත තරං ආයාමයකින් යුක්ත කිරණ විශේෂයකි. මේ ආකාරයට ලේසර් ආලෝකය සාමාන්‍ය ආලෝක ප්‍රභවයකින් වෙනස් වන්නේ එහි විශාල තරංග ආයාම වලින් යුක්ත රක්ත වූ ආලෝක බල්බයක් ආලෝකය විශාල ප්‍රදේශයක පතුරැවන නිසාය.

පලමුවන ලේසර් කිරන වල භාවිතය ප්‍රදර්ශනය කෙ‍රැනේ 1960 මැයි මාසයේ නියෝචර් මෙයිමන් විසින් ප්‍රාග්ස් පර්යේෂණ විද්‍යාගාරයේ දීය. වර්තමානයේ ලේසර් කිරණ විශාල ලෙස මුදල් ඉපයීමේ කර්මාන්තයක් ලෙස ප්‍රචලිතය. ලේසර් වල ඉතාම ප්‍රචලිත ව්‍යාප්තියක් වන්නේ එය දෘෂ්‍ය සංචිත ඒකක (Optical Storase devices) සදහා භාවිතා කිරීමයි. එනම් කුඩා තැටි (Compact disc) හා DVD යන්ත්‍රවල මතුපිට තැටි ස්කෑන් කිරීමට ලේසර් කිරණ උපකාරී වේ. අනෙකුත් සාමාන්‍ය යෙදුම් වනුයේ ලේසර් කිසියම් භාණ්ඩ හදුනා ගැනීමට යොදන සංකේත කියවී‍මටද, ලේසර් මුද්‍රණ යන්ත්‍ර සදහා සහ ලේසර් ‍පොයින්ටර් සදහා භාවිතා වේ.

කර්මාන්ත වලදී ලේසර් කිරණ වානේ හා අනෙකුත් යකඩ වලින් විවිධ හාඩයෙන් යුක්ත එනම් පරිඝනක අකුරැ කැවීමට භාවිතා කරයි. ලේසර් විද්‍යාවේ විවිධ වූ පොදු ක්ෂේත්‍ර එනම් වර්ණාවලීක්ෂ (මෙහි නියත තරංග ආයාමයන් හෝ කෙටි කිරණ කාල පරාසයකින් යුක්ත ) සදහා භාවිතා කරයි. තවද ලේසර් හමුදාවේ දී පරාසය නිර්ණය කිරීමට ද නිශ්චිත ඉලක්ක හදුනා ගැනීමට ද සහ ආයුධ ගෙනයෑමේ දී ආලෝකවත් වීම සදහා භාවිතා කරයි. ලේසර් වෛද්‍ය විද්‍යාවේ දී අභ්‍යන්තර ශල්‍යකර්ම වලදී හා භාහිර ක්‍රියාකාරකම් වලදී යොදා ගැනේ.