ලෙනින්වාදය යනු කොමියුනිස්ට්වාදය පිහිටුවීමේ දේශපාලන පෙරවදන ලෙස විප්ලවවාදී පෙරටුගාමී පක්ෂයක් විසින් නායකත්වය දෙන නිර්ධන පංතියේ ආඥාදායකත්වය ස්ථාපිත කිරීමට යෝජනා කරන රුසියානු මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ ව්ලදිමිර් ලෙනින් විසින් වර්ධනය කරන ලද දේශපාලන දෘෂ්ටිවාදයකි. ලෙනින්වාදී පෙරටුගාමී පක්ෂයේ කාර්යය වූයේ රුසියානු අධිරාජ්‍යයේ (1721-1917) ධනවාදය නෙරපා හැරීමට අවශ්‍ය දේශපාලන විඥානය (අධ්‍යාපනය සහ සංවිධානය) සහ විප්ලවවාදී නායකත්වය කම්කරු පන්තියට ලබා දීමයි.[1] ලෙනින්වාදී විප්ලවවාදී නායකත්වය පදනම් වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනය (1848) මත වන අතර කොමියුනිස්ට් පක්ෂය "සෑම රටකම කම්කරු පාංතික පක්ෂවල වඩාත්ම දියුණු සහ අධිෂ්ඨානශීලී කොටස සහ අනෙක් සියල්ල ඉදිරියට තල්ලු කරන කොටස ලෙස හඳුනා ගැනීම මත ය". පෙරටුගාමී පක්ෂය ලෙස, බොල්ෂෙවික්වරු ඉතිහාසය දෙස බැලූවේ ධනවාදය සාර්ථකව පෙරලා දැමීම සඳහා දේශපාලන කැපවීම අනුමත කළ අපෝහක භෞතිකවාදයේ (දයලෙක්තික භෞතිකවාදයේ) න්‍යායික රාමුව හරහා වන අතර, අනතුරුව සමාජවාදය පිහිටුවා, විප්ලවවාදී ජාතික ආණ්ඩුව ලෙස, සෑම ආකාරයකින්ම සමාජ-ආර්ථික සංක්‍රාන්තිය සාක්ෂාත් කර ගැනීම කළ හැකි දෙයක් ලෙසටය.[2]

ලෙනින්වාදයේ න්‍යායාචාර්ය ව්ලදිමිර් ලෙනින්

ඔක්තෝබර් විප්ලවයෙන් (1917) ඉක්බිතිව, ලෙනින්වාදය රුසියාවේ මාක්ස්වාදයේ ප්‍රමුඛ අනුවාදය වූ අතර සෘජුවම තේරී පත් වූ සෝවියට්වරුන්ගේ පාලනය වන සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම විය. බොල්ෂෙවික් රුසියාවේ සමාජවාදී නිෂ්පාදන මාදිලිය පිහිටුවීමේ දී - ඉඩම් පිළිබඳ ආඥාව (1917), යුද කොමියුනිස්ට්වාදය (1918-1921), සහ නව ආර්ථික ප්‍රතිපත්තිය (1921-1928) සමග - විප්ලවවාදී පාලනය මාක්ස්වාදීන් ඇතුළු බොහෝ දේශපාලන විරුද්ධත්වය මැඩපැවැත්වීය.[3] ලෙනින්ගේ ක්‍රියාවන්ට, අරාජිකවාදීන් සහ මෙන්ෂෙවික්වරුන්, සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ කණ්ඩායම් සහ වාම සමාජවාදී-විප්ලවවාදීන් විරුද්ධ වූහ. රුසියානු සිවිල් යුද්ධය (1917-1922), රුසියානු සිවිල් යුද්ධයේ (1917-1925) 17-හමුදා මිත්‍ර මැදිහත්වීම සහ බොල්ෂෙවික්වරුන්ට එරෙහි වාමාංශික නැගිටීම් (1918-1924) යන බාහිර හා අභ්‍යන්තර යුද්ධ මගින් බොල්ෂෙවික් රුසියාව, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ (USSR) මූලික ජනරජය වන රුසියානු සමාජවාදී ෆෙඩරේටිව් සෝවියට් ජනරජය (RSFSR) බවට පරිවර්තනය කරන ලදී.[4]

විප්ලවවාදී මතවාදයක් ලෙස, ලෙනින්වාදය මුලින් නිසි දර්ශනයක් හෝ විවික්ත දේශපාලන න්‍යායක් නොවීය. ලෙනින්වාදය යනු ඕතඩොක්ස් මාක්ස්වාදයේ දේශපාලන-ආර්ථික වර්ධනයන් සහ 20 වන සියවසේ මුල් භාගයේ අධිරාජ්‍ය රුසියාවේ පශ්චාත්-විමුක්ති කෘෂිකාර්මික සමාජයේ සැබෑ තත්වයන් (දේශපාලන, සමාජීය, ආර්ථික) සඳහා ප්‍රායෝගික භාවිතය සඳහා ප්‍රායෝගික සංශ්ලේෂණයක් ලෙස ක්‍රියා කරන මාක්ස්වාදය පිළිබඳ ලෙනින්ගේ අර්ථකථනයන්ගෙන් සමන්විත වේ. දේශපාලන-විද්‍යා යෙදුමක් ලෙස, ලෙනින් ගේ නිර්ධන පංති විප්ලවය පිළිබඳ න්‍යාය කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (1924) පස්වන සම්මේලනයේ දී පොදු ව්‍යවහාරයට ඇතුළු වූයේ, ග්‍රිගරි සිනොවියෙව් "පෙරටුගාමී-පක්ෂ විප්ලවය" දැක්වීමට ලෙනින්වාදය යන යෙදුම යෙදූ විට ය. 1922 දී පමණ CPSU හි වචන මාලාවේ සහ මූලධර්මයේ කොටසක් ලෙස පිළිගත් අතර, 1923 ජනවාරි මාසයේදී, ලෙනින්ගේ විරෝධතා නොතකා, එය පොදු වචන මාලාවට ඇතුල් විය.[5]

මූලාශ්‍ර සංස්කරණය

  1. The New Fontana Dictionary of Modern Thought (Third ed.). 1999. pp. 476–477.
  2. "Leninism". Encyclopædia Britannica. 7 (15th ed.). pp. 265. 
  3. "The Columbia Encyclopedia". The Columbia Encyclopedia (Fifth ed.). 1994. pp. 1558. 
  4. Kohn, George Childs, ed (2007). "Dictionary of Wars". Dictionary of Wars (Third ed.). pp. 459. 
  5. Yurchak, Alexei (September 2017). "The canon and the mushroom Lenin, sacredness, and Soviet collapse". HAU: Journal of Ethnographic Theory. 7 (2): 165–198. doi:10.14318/hau7.2.021. S2CID 149135486. 14 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 February 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ලෙනින්වාදය&oldid=508683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි