දෙහි කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ලුණු දැමීම සිදුකරයි. මෙලෙස ලුණු දමා සකස්කර ගත් දෙහි ලුණු දෙහි ලෙස හඳුන්වනු ලබයි.

ලුණුදෙහි සකස්කර ගැනීම සංස්කරණය

දෙහි ගෙඩි වෙන් නොවන සේ හතරට පලා ලුණු කැට සමඟ මිශ්‍ර කර දින කිහිපයක් අව්වේ වියලා ගනු ලැබේ. රස වැඩිකර ගැනීම සදහා මේ අවස්ථාවේදීම කොච්චි එකතු කරගත හැක. හොදින් වියලා ගත් දෙහි, කට වැසිය හැකි පිරිසිදු භාජනයකට දමන්න. මිරිකා ගත් දෙහි යුෂ අව්වේ කකාරවා වියලා ගත් දෙහි සහිත භජනයට වියලි දෙහි වැසීයන පරිදි එක් කරන්න. භාජනයේ කට හොදින් වසන්න. මෙසේ සාදා ගත් ලුණුදෙහි බොහෝ කාලයක් කල්තබා ගත හැක.

ලුණුදෙහි ප්‍රයෝජනයට ගැනීම සංස්කරණය

දෙහි හිඟ කාල වලදී මෙම ලුණුදෙහි අහාර සකස්කර ගැනීමේදී භාවිතයට ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ලුණුදෙහි&oldid=175325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි