ලී රාමු කිරීම යනු එක්තරා ඉදිකිරිම් කලාවක් වන අතර, ඒ සදහා නූතන ලී රාමු කිරිම් වලදි යොදා ගන්නා යම් ප්‍රමිතියකට අනුකූලවූ නිශ්චිත දිග හා පලල සහිතව තනා නිම කරන ලද ලී වලට වඩා ශක්තිමත් රාමු කිරීමේ අමුද්‍රව්‍ය යොදා ගනි. පළමුව ශාක කද වෑය උපයෝගි කර ගෙන සතරැස් හැඩයක් බවට පත් කර එම ලී එකි‍‍‍ෙනක  සම්බන්ධ කරන අතර මෙහිදී ඇණ උපයෝගි කර නොගනි. නූතන ක්‍රම අනුගමනය කරමින් ඉරා සැකසූ ලී එක්සත් ජනපදය තුල ජනප්‍රිය වෙමින් පවතී.

එක් සාම්ප්‍රදායික රාමු කිරිමේ ක්‍රමයක් වනුයේ "නූමාන් කත්තු" ක්‍රමයයි. මේ සදහා 320 ක ආනතියකින් යාවු නිශ්චිත දිග පළලකින් යුක්ත වූ ලිය සම්බන්ධ වන අතර එම ලිය අගුළු දැමීමට පෙර 900 න් වූ කූඤ්ඤයක් 180 න් වූ තුන්ඩයත් සමග එය අතරින් සවි කරයි. මෙම කුමය වඩු කාර්මිකයෙකු වූ ඩැනියෙන් ආර්. ‍ෙනවුමාන් විසින් සොයා ගත් අතර ඔහු 1630 වසරේදී වූ ව්‍යුහාත්මක දියුණුවටද හේතු වූ තැනැත්තා වේ. මෙම රාමු කිරිමේ කලාව අනෙකුත් ජනපද වල වු ඉදිකිරීමේ තැන් වලට ද ව්‍යාප්ත විය. බොහෝ ප්‍රසිද්ධ "ප්ලයිමෙ‍ාන්" හා "කොන්කෝඩ්" ජනපද මේ සදහා උදාහරණ වේ. මෙම නෙවුමාන්ගේ කත්තු සහිත රාමු කිරීම් අනෙකුත් වඩු කාර්මිකයන් හා ඉදිකිරිම් ආයතන යොදා ගත් අතර වර්ථමානයේ මෙය පාරම්පරික රාමු කිරිම් වලට යොදා ගනී.

එතරම් සාම්ප්‍රදායික නොවූ රාමු කිරීමේ තවත් ක්‍රමයක් වනුයේ "නිව් ස්ටයිල්" බැම්ම ක්‍රමයයි.‍මෙම ක්‍රමයයි. මෙම ක්‍රමය මූලිකව ගොඩනගනු ලැබුවේ 1800 කාලයේ ඌත් හි සෝල්ට් ලෙත් නගරයේ පදිංචි කරුවෙකු වූ ඔස්ටින් ඩී. නිව් නම් ආගමික නිකායකට සම්බන්ධ වූ සාමාජිකයෙකි. මෙම ක්‍රමය යටතේ 900 ක ආනතියකින් වු එකම ප්‍රමාණයේ වූ ලි කදන් දෙකක් හණ පටියකින් බැදීම සිදු කරයි. මෙම ක්‍රමය ඉතා පහසුවෙන් භාවිතා කල හැකි නිසාත්, කල් පැවැත්ම වැඩි නිසාත්, ආගමික නිකායට අයත් සාමාජිකයන් මුල් කාලයේ නිවෙස් ඉදිකිරීමේදි යොදා ගන්නා ලදි. අවසානයේ නිවෙස් ඉදි කිරිම සදහා සාම්ප්‍රදායික උළු/ගඩොල් හා හුණු බදාම යොදා ගැනීමත් සමගම ආගමික නිකායට අයත් සාමාජිකයන් මෙන් මෙම ක්‍රමයද අභාවයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලී_රාමු_කිරීම&oldid=378865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි