ලීසා ඩෙල් ජියොකොන්දෝ

මොනාලිසා

ලීසා ඩෙල් ජියොකොන්දෝ (ඉතාලි භාෂාවෙන් ශබ්දකිරීම: [ˈliza del dʒoˈkondo]]; විවාහයට පෙර නම වූ ගෙරල්දිනි [ɡerarˈdini]; 1479 ජූනි 15- 1542 ජූලි 15 හෝ 1551), ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර හා ටස්කනි නුවර ගෙරල්දිනි පවුලේ සාමාජිකාවක් වන අතර ඇයව හඳුන්වන වෙනත් නම් වනුයේ ලීසා ගෙරල්දිනි, ලීසා ඩි අන්තෝනියෝ මරියා (හෝ ඇන්ටන්මරියා) ගෙරල්දිනි සහ මොනාලිසා. ඉතාලි පුනරුද සමයේදී ඇයගේ සැමියාගේ ඉල්ලුම මත ලියනාඩෝ ඩා වින්සි චිත්‍රයට නැගූ මොනාලිසා ප්‍රතිමූර්තියට ඇයගේ නම දෙන ලදි.

ලීසා ඩෙල් ජියොකොන්දෝ
Lisa del Giocondo
detail of the painting showing Lisa's face
ලියනාඩෝ ඩා වින්සි විසින් ඇඳි මොනාලිසා (1503–06) සිතුවම
උපත
ලීසා ගෙරල්දිනි

1479 ජුනි 15
වියා මැජියෝ, ෆ්ලොරන්ස්, ඉතාලිය
මියගිය දිනය1542 ජුලි 15 හෝ 1551
(වයස 63 හෝ 72)
ශාන්ත ඕර්සෝලා ආශ්‍රමය, ෆ්ලොරන්ස්, ඉතාලිය
ප්‍රසිද්ධව ඇත්තේමොනාලීසා සිතුවම නිසා
කලත්‍රයා(යන්)ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ජියොකොන්දෝ
දරුවන්පියෙරො ඩෙල් ජියොකොන්දෝ
සුවර් බියට්‍රිචෙ(කැමිලා ඩෙල් ජියොකොන්දෝ)
ඇන්ද්‍රියා ඩෙල් ජියොකොන්දෝ
ජියොකොන්දෝ ඩෙල් ජියොකොන්දෝ
සුවර් ලුඩොවිකා(මරියෙටා ඩෙල් ජියොකොන්දෝ)
අමතරව: බර්තොලමියු ඩෙල් ජියොකොන්දෝ
දෙමව්පියන්(s)ඇන්ටන්මරියා ඩි නොල්ඩො ගෙරල්දිනි
ලූක්‍රේසියා ඩෙල් කාචියා

ලීසාගේ ජීවිතය ගැන එතරම් තොරතුරු සොයාගෙන නොමැත. ෆ්ලොරන්ස් නුවර ඉපදී ඇයගේ නව යොවුන් වියේදී සළු හා සේද වෙළෙන්දෙකු සමඟ විවාහ විය. ඇයගේ සැමියා පසු කාලයකදී රජයේ නිලධාරී තනතුරක් දැරුවේය. ඇයට දරුවන් පස් දෙනෙකු සිටිය අතර ඔවුන් මධ්‍යම පංතියේ ජනයන් ලෙස සැප පහසු, චාම් දිවියක් ගත කලෝය. ලීසා තම සැමියාට වඩා දීර්ඝායුෂ ලබන්නේ ඇය ඔහුට වඩා වයසින් බාල නිසාය

ලීසාගේ මරණයෙන් සියවස් ගණනාවකට පසු මොනාලිසා ලෝකයේ සුප්‍රසිද්ධම චිත්‍රය [1]බවට පත් වී, එයට ලීසා නම් වූ ගැහැනියගෙන් වෙන් වූ දිවියක් හිමි විය. විද්වතුන්ගේ විචාරන හේතුවෙන් මෙම චිත්‍රය ලෝකයේ පිළිගැනීමටත් එය වාණිජකරනයේ විෂයක් බවට පත්විය. ලීසාගේ අනුරූපයට අනුව මොනාලීසා[2] චිත්‍රයට නගා ඇති බව 2005 වර්ෂයේදී සහතික විය.

පූර්ව දිවිය හා පවුල් පසුබිම සංස්කරණය

ලීසාගේ ෆ්ලොරන්ස් නුවර පවුල, පැරණි, වංශවත් පවුලක් වුවත් ඔවුන්ගේ අනුබලය කාලයත් සමඟ නැති වීය[3]. ඔවුන් ධනවත් නොවුනත් සැප සම්පත් තිබුනෝය. ඔවුන් ගොවිපළෙන් ලද ආදායමෙන් ජීවත් වූයේ යුරෝපයේ විශාලතම නගර වලින් එකක් මෙන්ම එය ආර්ථිකමය සඵලතාවයක් තිබූ නගරයකිනි. එහෙත් එම නගරයේ ආර්ථික විසමතාවය බහුලව පැවතිනි[4].

ලීසාගේ පියා වූ ඇන්ටන්මරියා ඩි නොල්ඩො ගෙරල්දිනිගේ භාර්යාවන් දෙදෙනෙකු දරු ප්‍රසූතියේදී මිය ගොස් ඇත[5]; ලීසා ඩි ජියොවානි ෆිලිප්පෝ ද කර්දුචි සමඟ 1465 විවාහ වූ අතර කැතරීනා ඩි මරියොටෝ රුචෙලායි සමඟ 1473 දී විවාහ විය. ලීසාගේ මව වූ ලූක්‍රේසියා ඩෙල් කාචියා, පියෙරා ස්පිනෙලිගේ දියණිය වූ අතර ඇය ගෙරල්දිනිගේ තුන් වන භාර්යාව වූයේ 1476[5]. එක්තරා කාලයකදී ගෙරල්දිනි හට චියන්ති ප්‍රදේශයේ ගොවිපල සයක අයිතිය හෝ ඒවා කුලියට දී ඇති බව සඳහන් වනවා. මෙම ගොවිපල වලින් තිරිඟු, වයින් හා ඔලිව් තෙල් නිශ්පාදනය කෙරුනු අතර ගව පට්ටි ද ඇති කරණු ලබා ඇත[6].

1479 ජූනි 15 ෆ්ලොරන්ස්, වියා මැජියෝ හිදි ලීසා උපත ලැබුවාය[5]. එහෙත් බොහෝ කාලයක් පුරා තිබූ විශ්වාසයක් වූයේ ඇය උපත ලැබුවේ ඔවුන්ගේ පවුලේ ගම්බද දේපළක් වූ ග්‍රෙවේ අසල පිහිටා ඇති විලා විඥ්ඥ්‍යමජියෝහිදි බවයි[7].ලීසා යන නාමය ඇයගේ පීතෘක පාර්ශවයේ සීයාගේ එක් භාර්යාවකගෙන් පසු ඇයට දෙන ලදි[8]. ඇය දරුවන් හත් දෙනෙකුගෙන් වැඩිමහල්ලා වන අතර ඇයට සහෝදරියන් තිදෙනෙක්, ඔවුන්ගෙන් එක්කෙනෙකු වන ජිනීව්‍රා, හා ජියොවන්ගුවල්බෙර්තො, ෆ්‍රන්චෙස්කො සහ නොල්ඩෝ යන නාම ලත් සහෝදරයන් තිදෙනෙකු සිටියාය[9].

මෙම පවුල ෆ්ලොරන්ස් හිදි පළමුව සන්තා ට්‍රිනිටා හි ජීවත්වී පසුව සන්තො ස්පිරිතො හි කුලී ඉඩකඩක ජීවත්වූයේ ඔවුන්ට ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කිරීම් සඳහා ධනය වැය කිරීමට නොහැකි නිසාය. ලීසාගේ පවුල පසුව වියා දෙයි ප්‍රෙපි යන නමින් වර්තමානයේ හඳුන්වන ස්ථානයට හා ලියනාඩෝගේ පියා වූ සෙර් පියරෝ ඩා වින්චිට නොදුරින් සන්තා ක්‍රොචෙ අසල ස්ථානයකට තම පදිංචිය වෙනස් කරන ලදි[10]. නගරයෙන් කිලෝමීටර 32 (20 සැතපුම්) නොදුරින් පිහිටි පෝජියෝ ග්‍රාමයේ සාන්ත ඩොනාටෝ හි කුඩා නිවසක්ද ඔවුන් සතුව තිබුනෝය[11]. ගෙරර්දිනිගේ පියා හා ලීසාගේ සීයා වූ නොල්දො, චියන්තිහි ගොවිපලක් සන්තා මරියා නුවොවා රෝහලට පවරා දී තිබුනේය. ගෙරර්දිනි විසින් රෝහලේ තවත් ගොවිපලක් සඳහා කල්බද්දක් ගැණුනේ තිරිඟු පලදාව පාලනය ඉරීමටත්, තම පවුලේ සාමාජිකයින් ග්‍රීෂ්ම ඍතුවට එහි කාලය ගත කල නිසාත් එම නිවසට කා දි පෙසා යනුවෙන් හඳින්වන නිසාය[6].

විවාහය හා ඉන්පසු ජීවිතය සංස්කරණය

1495 මාර්තු 5 වන දින සීමිත සාර්ථකත්වයක් තිබූ සළු හා සේද වෙළෙන්දෙකු වූ ෆ්‍රැන්චෙස්කෝ දි බර්තොලමියෝ දි සැනෝබි ඩෙල් ජියොකොන්දෝ ගේ තුන්වන භාර්යාව ලෙස ලීසා විවාහ විය. ඇය විවාහ වන විට ඇයට වයස අවුරුදු 15ක් විය. ලීසාගේ දෑවද්ද වූයේ ෆ්ලොරින් 170ක් හා ඇගේ පවුලට අයත් නිවසක් අසල පිහිටි සැන් සිල්වෙස්ත්‍රො ගොවිපලයි. මෙය ගෙරල්දිනි පවුල එතරම් ධනවත් නැති බවත් ඇය හා ඇගේ සැමියා ඉතා ආදරයෙන් බැඳී බවට කිව හැකි සලකුණකි[12]. එම ඉඩම පිහිටා ඇත්තේ පොජියෝ හි කැස්තලිනා හා සැන් දොනාටෝ අතරත් පසු කලක මයිකල් ආන්ජලෝ[10] හට අයිති වූ ගොවිපල දෙකක් අසලයි. මෙම යුවල ෆ්ලොරන්ස් හි දිළිඳු පිරිසට හෝ ඉතා ධනවත් පිරිසට අයත් නොවුනත් මධ්‍යම පංතියේ ජනයන් ලෙස ජීවත් විය. විවාහයෙන් පසු ලීසාගේ සමාජ තත්වය වැඩි වූවා යැයි කිව හැක්කේ ඇගේ සැමියාගේ පවුල ඇගේ පවුලට වඩා ධනවත් බව කිව හැකි නිසාය[12]. ෆ්‍රැන්චෙස්කෝ හට ගෙරල්දිනි නම් 'ඉපැරණි නාමය' වාසියක් විය[13]. ඔවුන් තම වාසස්ථානය හවුලේ බෙදා ගනිමින් 1503 මාර්තු 5 වන තෙක් සිටියේ ෆ්‍රැන්චෙස්කො වියා දෙලා ස්තූෆා හි තම පවුලේ නිවසට යාබද නිවස මිලට ගන්නාතෙක්ය.එම අවුරුද්දේම ලියනාඩෝ ලීසාගේ ප්‍රතිමූර්තිය ආරම්භ කළ බවට විශ්වාසයක් තිබේ.[14][15].

 
ෆ්ලොරන්ස් නුවර කේන්ද්‍රය.ෆ්‍රැන්චෙස්කො හා ලීසා වියා දෙලා ස්තූෆාහි(රතු )ආර්නෝ ගඟට කිලොමීටරයක් (0.6 සැතපුම්) උතුරින් ජීවත් විය. ලීසාගේ දෙමව්පියන් පළමුව ගඟට ආශ්‍රිතව උතුරින් හා පසුව දකුනින් (දම්) ජීවත් විය.

ලීසා හා ෆ්‍රැන්චෙස්කො හට දරුවන් පස් දෙනෙකු සිටියෝය:1496-1507 අතර පියෙරො, කැමිලා, ඇන්ද්‍රියා, ජියොකොන්දෝ සහා මරියෙටා[16]. 1499 දී ලීසා හට දියණියක් අහිමි වූවාය[11]. ෆ්‍රැන්චෙස්කො හා ඔහුගේ දෙවන භාර්යාව වූ කැමිලා දි මරියොටෝ රුචෙලායි ගේ පුතු වූ බර්තොලමියු ද ලීසාගේ රැකවරණයේ තබා ගත්තාය. ඔහුගේ මව මිය යන විට ඔහුට වයස අවුරුද්දක් පමණ විය. ලීසාගේ කුඩා මව වූ කැතරිනා දි මරියොටෝ රුචෙලායි සහ ෆ්‍රැන්චෙස්කොගේ පළමු භාර්යාව සහෝදරියන් විය. ඔවුන් රුචෙලායි නම් වූ ප්‍රමුඛ පෙලේ පවුලේ සාමාජිකාවන්ය.

කැමිලා හා මරියෙටා කතෝලික කන්‍යා සහොයුරියන් බවට පත් විය. කැමලා සුවර් බියට්‍රිචෙ ලෙස සන් දොමිනිකො දි කෆාජියෝ කන්‍යාරාමයට ඇතුලත් වී ඇන්ටන්මරියාගේ සොහොයුරිය වූ සුවර් ඇල්බෙයිරා හා ලීසාගේ සොහොයුරිය වූ සුවර් කැමිලා (ඇය හා කන්‍යාරාමයට පැමිණි මිනිසුන් හතර දෙනෙකු සම්බන්දයෙන් අපකීර්තිය ගෙන දෙන කතා ගෙතී ඇත.)සහ සුවර් ඇලෙසැන්ද්‍රා ගේ භාරයේ සිටියාය[17].බියට්‍රිචෙ වයස අවුරුදු 18න් මිය ගොස්[17] බැසිලිකා දි සනතා මරියා නොවෙලා හි වළලනු ලැබුවාය[18]. සන්තොර්සොලා නම් ෆ්ලොරන්ස් හි උසස් ලෙස කතා බහට ලක් වූ කන්‍යාරාමයක් සමඟ ලීසා සම්බන්ධකමක් පවත්වා 1521 දී මරියෙටා එයට ඇතුලත් කරන ලදි. මරියෙටා තම නම සුවර් ලුඩොවිකා ලෙස වෙනස් කර කන්‍යාරාමයේ ඉතා වැදගත් සාමාජිකාවක් ලෙස උසස් තනතුරක්ද දැරුවාය[19].

ෆ්‍රැන්චෙස්කො හට ෆ්ලොරන්ස් හි රජයේ නිලධාරී තනතුරක් හිමි විය. ඔහු 1499 ඩොඩිචි බොනොමිනිට පත් වී 1512 දී සිඥොරියාට පත් විය. ඔහු 1524 දී ප්‍රයෝරි ලෙස සහතික විය. ඔහුට මෙඩිචි පවුල සමඟ දේශපාලන හෝ ව්‍යාපාරික සම්බන්දතා තිබී ඇති බවට විශ්වාසයක් තිබේ. මෙඩිචි පවුල විප්‍රවාසයෙන් පසු නැගී සිටියි යැයි බියක් ෆ්ලොරන්ස් රජයට ඇති වූ විට ඔවුන් ෆ්‍රැන්චෙස්කො සිර බාරයට ගෙන ෆ්ලොරින් 1000ක දඩයක් නියම කලේය. මෙඩිචි පවුලේ නැගී සිටීමත් සමඟ ඔහුව සැප්තැම්බර් මස නිදහස් කළේය[18][20].

එක් විස්තරයකට අනුව ෆ්‍රැන්චෙස්කො 1528 වසංගතයකින් මිය ගියේය. ලීසා රෝගාතුර වූ නිසා ඇගේ දියණිය වූ ලුඩොවිකා ඇයව සනතොර්සොලා කන්‍යාරාමයට ගෙන්වා ගත්තාය. ඉන් අවුරුදු හතරකට පසු ලීසාට වයස අවුරුදු 63ක් වූ විට ඇය මිය ගියාය[21][22]. විද්වත් විස්තර වළට අනුව ෆ්‍රැන්චෙස්කො 1539 මිය යන විට ඔහුට වයස අවුරුදු 80ක් පමණ විය. ලීසා 1551 වන තෙක් එනම් වයස අවුරුදු 71 හෝ 72 වන තෙක් ජීවත් වන්නට ඇත යැයි විශ්වාස කෙරේ[11].

1537 ජූනි මාසයේදී, ෆ්‍රැන්චෙස්කො සිය අන්තිම කැමති පත්‍රයේ නියෝග අතර සඳහන් කල පරිදි ලීසාගේ දෑවැද්ද යලි ඇයට පවරා දී ඇඳුම් පැලඳුම් හා ආභරණ ඇයට නියම කර ඇයගේ අනාගතයට සැලසුමක් යෙදුවේය. ඇය රැකබලා ගැනීමට ඔවුන්ගේ දියණිය වන ලුඩොව්කා හට පවරා, ඇය එහි අසමත් වුවහොත් ඔහුගේ පුතු බර්තොලමියො ලීසාව රැකබලා ගන්නා බවට ඔහු මෙසේ ලියයි, "මොනාලිසා, ඔහුගේ ආදරණීය භාර්යාව, පිළිබඳ අන්තිම කැමතිකරු තුළ ඇති ආදරය හා සෙනෙහස නිසා, ලීසාගේ උතුම් ස්වභාවය හා විශ්වාසී බව සැලකිල්ලට ගෙන, ඇයට අවශ්‍ය සියලු දේ ලැබෙන මෙන් ප්‍රාර්ථනා කරමි.."[23]

මොනාලීසා සංස්කරණය

 
සම්පූර්ණ මෝන ලීසා චිත්‍රය (ඉංග්‍රීසි:Mona Lisa, ඉතාලි:La Gioconda, ප්‍රංශ:La Joconde), ලියනාඩෝ ඩා වින්සි, ලූව්‍ර

අනෙකුත් සම මට්ටමේ ෆ්ලොරන්ස් ජනයා මෙන්ම ෆ්‍රැන්චෙස්කොගේ පවුල චිත්‍ර කලාවට කැමැත්තක් දක්වමින් හා එහි අනුග්‍රාහකයින් වුනෝය. ඔහුගේ පුතු බර්තොලමියු, අන්තෝනියෝ දි දොනිනෝ මසියෙරී ලවා බැසිලිකා දෙලා සැන්ටිසිමා අනුසියාටා ඩි ෆිරෙන්සි හි පිහිටා ඇති සිය පවුලේ සොහොන්බිමේ බිතු සිතුවම් ඇන්දේය.අන්ද්‍රෙයා ඩෙල් සාර්තෝ විසින් තවත් සාමාජිකයෙකුට මැඩෝනා[18] පින්තාරු කළේය.ෆ්‍රැන්චෙස්කො විසින් ලීසාගේ ප්‍රතිමූර්තිය නිම කිරීමට ලියනාඩෝ හට නියම කරන ලදි. ඒවාගේම අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමාගේ චිත්‍රය සඳහා ඩොමිනිකො පුලිජො හට නියම කලේය. ඔහු ලීසාගේ ප්‍රතිමූර්තිය නියම කරන ලද්දේ ඇන්ද්‍රියාගේ උපත හා නව නිවසක් මිලදී ගැනීම සැමරීමට යැයි කිව හැකිය[15].

15 වන හා 16 වන සියවස්වලට අනුව සුචරිත ගැහැණියගේ ප්‍රතිමූර්තියක තිබිය යුතු සියලු කලමනා මොනාලීසා චිත්‍රයේ පිහිටා ඇත.ලීසා විශ්වාසී භාර්යාවක් ලෙසට ඇගේ අංගහාරයෙන් පෙන්වා දී ඇත- ඇගේ දකුණු අත වම් අත මත රඳවා ඇත. ලියනාඩෝ විසින් ලීසාව නිරූපනය කර ඇත්තේ විලාසිතාකාරී හා සාර්ථක ගැහැණියක් ලෙසටයි, ඇයගේ ධනවත් බව වැඩි කර දක්වා ඇති බවටත් කිව හැකිය. ඇගේ අඳුරු ඇඳුම් පැලඳුම් හා කළු පැහැති වේලය ස්පාඥ්‍ය ආබාශය ලැබූ උසස් විලාසිතාය. එය ඇතම් විද්වතුන් පවසන ලෙස ඇගේ පළමුවන දියණිය වෙනුවෙන් ශෝකය දැක්වීමක් නොවේ. මෙම ප්‍රතිමූර්තිය ඉතා විශාලය; මෙහි ප්‍රමාණය එම කාලයේ ඔවුන්ට වඩා ධනවත් අනුග්‍රාහකයින්ගේ නියමයන්ට සමානය. ෆ්‍රැන්චෙස්කො හා ලීසාගේ සමාජ සංකල්පය මෙම ප්‍රමාණයෙන් විශාල ප්‍රතිමූර්තියෙන් පැහැදිලි කරයි[24].

 
1911 මොනාලීසා ප්‍රතිමූර්තිය ලූව්‍රයෙන් සොරකම් කිරීමත් 1960 හා 1970 එය ආසියවට හා උතුරු ඇමරිකාවට සංචාරය කිර්‍රමත් මෙහි කීර්තියට දායක විය[25].

1503 වසන්ත සමයේදී ලියනාඩෝ හට ආධයම් අර්‍ග්යක් නොතිබුන බැවින් පෞද්ගලික ප්‍රතිමූර්තියක් නිම කිරීමට සැලකිල්ලක් දක්වා ඇතැයි කිව හැකිය[20][26]. එහෙත් එම වර්ශයේදීම ඇන්ගියරි හි සටන නම් සිත්තම 1505 පෙබරවාරි මස නිම කිරීම සඳහා ගෙවීමක් කල නිසාත්, එය අනර්‍ග කටයුත්තක් නිසාත් මොනාලීසා නිම කිරීම ප්‍රමාද කිරීමට ඇත[27]. 1506 දී ප්‍රතිමූර්තිය නිමා කර නොමැති බවට ලියනාඩෝ තීරණය කලේය[28]. ඔහුට ගෙවීමක් නොකල හෙයින් ඔහු ප්‍රතිමූර්තිය සේවාලාභියා හට භාර නොදුන්නේය[29]. මෙම චිත්‍රය ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු සමඟ සැරි සැරුවේය. එක් මතයකට අනුව ඔහු 1516[30] මෙම චිත්‍රය ප්‍රංශයේදී නිමා කරන්නට ඇත[13].

මෙම චිත්‍රයේ නාමය 1550 සිට පැවැත එන්නක්. ෆ්‍රැන්චෙස්කොගේ පවුල හඳුනන්නෙක්[11] වූ ජෝර්ජියෝ වසාරි ලියයි "ෆ්‍රැන්චෙස්කො ඩෙල් ජියොකොන්දෝ ගේ බිරිඳ වූ මොනාලීසා ගේ ප්‍රතිමූර්තියක් කිරීමට ලියනාඩෝ භාර ගත්තේය."[28] (ඉතාලි බසින්:Prese Lionardo a fare per Francesco del Giocondo il ritratto di mona Lisa sua moglie.)[31]ප්‍රතිමූර්තියේ ඉතාලි (La Gioconda) හා ප්‍රංශ (La Joconde) නාම ලීසාගේ විවාහයෙන් පසු නාමය හා ඇයගේ කෙටි නාමයයි- ඉංග්‍රීසි බසින්, 'jocund' හෝ 'ප්‍රීතිමත් පුද්ගලයා'.

ලීසාගේ නම චිත්‍ර හතරකට පමණ අනුමාන කර පුද්ගලයින් දහයක් පමණ හඳුනා ගැනීමට යොදා ගෙන ඇත[32][33]. 20වන ශතවර්ෂයේ අවසානය වන විට මෙම චිත්‍රය ලෝකයේ ප්‍රසිධ්දියට ලක් වී එය වෙනත් චිත්‍ර 300කත් ප්‍රචාරක දැන්වීම් පමණ පළවී ඇත, මෙය සාමාන්‍යයෙන් සතියකට එක් නව ප්‍රචාරක දැන්වීමක පමණ පළවිය[34].

 
අගොස්තීනො වෙස්පුචි විසින් අයින් තීරයේ ලියා ඇති විස්තරය

2005 දී හෙයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාල පුස්ථකාල විශේෂඥයෙකු විසින් පුස්ථකාල එකතුවෙන් එකක අයින් තීරයේ ලියා තිබූ විස්තරයකට අනුව එය ලීසාගේ ප්‍රතිමූර්තියක් බව සනාථ කලේය. අගොස්තීනො වෙස්පුචි විසින් 1503 දී සටහන් කරන විස්තරයට අනුව ලියනාඩෝ ලීසා ඩෙල් ජියොකොන්දෝගේ ප්‍රතිමූර්තියක් නිම කරමින් සිටියේය. පළමුවන ෆ්‍රැන්සිස් රජ මොනාලීසා අත්පත් කල ගත් පසු එය 16 වන සියවසේ සිට ප්‍රංශ භාරයේ තිබුනේය; ප්‍රංශ විප්ලවයෙන් පසු එය ජනතාවට හිමි විය[35]. අද වන විට මෙම චිත්‍රය නැරඹීමට සෑම වර්ශකදීම මිලියන 6ක පමණ ජනතාවක් පැරිස් නුවර ලූව්‍රයට පැමිණෙයි, එය අද ප්‍රංශ ජාතික එකතුවේ කොටසකි[36].

මූලාශ්‍ර සංස්කරණය

  1. Riding, Alan (April 6, 2005). "In Louvre, New Room With View of 'Mona Lisa'". The New York Times. The New York Times Company. සම්ප්‍රවේශය 2007-10-07.
  2. Mona Lisa – Heidelberger Fund klärt Identität (English: Mona Lisa – Heidelberger find clarifies identity),University Library Heidelberg. Retrieved 2008-01-15.
  3. [Pallanti 2006, p. 58]
  4. Pallanti 2006, pp. 17, 23, 24
  5. 5.0 5.1 5.2 Pallanti 2006, p. 37
  6. 6.0 6.1 Pallanti 2006, pp. 41–44
  7. "History of Vignamaggio". Villa Vignamaggio. 2006-05-12 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-04-05. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. Pallanti 2006, p. 40
  9. Pallanti 2006, p. 44
  10. 10.0 10.1 Pallanti 2006, pp. 45–46
  11. 11.0 11.1 11.2 11.3 Zöllner 1993, p. 4
  12. 12.0 12.1 Zöllner 1993, p. 5
  13. 13.0 13.1 Kemp, Martin (2006). Leonardo Da Vinci: The Marvellous Works of Nature And Man. Oxford University Press via Google Books limited preview. pp. 261–262. ISBN 0-19-280725-0. සම්ප්‍රවේශය 2007-10-05.
  14. "Portrait of Lisa Gherardini, wife of Francesco del Giocondo". Musée du Louvre. සම්ප්‍රවේශය 2007-10-04.
  15. 15.0 15.1 Zöllner 1993, p. 9
  16. Johnston, Bruce (January 1, 2004). "Riddle of Mona Lisa is finally solved: she was the mother of five". Telegraph.co.uk. Telegraph Media Group. සම්ප්‍රවේශය 2007-10-06.
  17. 17.0 17.1 Pallanti 2006, pp. 61-62
  18. 18.0 18.1 18.2 Müntz 1898, p. 154
  19. Pallanti 2006, p. 63
  20. 20.0 20.1 Masters, Roger D. (June 15, 1998). Fortune is a River: Leonardo da Vinci and Niccolò Machiavelli's Magnificant Dream of Changing the Course of Florentine History (online notes for Chapter 6). Free Press via Dartmouth College (dartmouth.edu). ISBN 0-684-84452-4. February 3, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 9, 2014.
  21. Lorenzi, Rossella (January 19, 2007). "Mona Lisa Grave Found, Claims Scholar". Discovery Channel News. Discovery Communications. සම්ප්‍රවේශය 2007-10-06.
  22. Lorenzi, Rossella (May 2, 2007). "Mona Lisa's Identity Revealed?". Discovery Channel News. Discovery Communications. සම්ප්‍රවේශය 2007-10-06.
  23. Pallanti 2006, p. 105
  24. Zöllner 1993, p. 12
  25. Sassoon 2001, p. 14–16
  26. Zöllner 1993, p. 7
  27. Müntz 1898, p. 136
  28. 28.0 28.1 Clark, Kenneth, quoting a translation of Vasari (March 1973). "Mona Lisa". The Burlington Magazine. The Burlington Magazine Publications via JSTOR. 115 (840): 144–151. ISSN 0007-6287. JSTOR 877242.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  29. Zöllner 1993, p. 6
  30. "Mona Lisa 1503-16". University of the Arts, London. සම්ප්‍රවේශය 2007-10-24.
  31. Vasari, Giorgio (1879) [1550, rev. ed. 1568]. Le vite de' più eccellenti pittori, scultori ed architettori. Vol. IV. Gaetano Milanesi. Firenze: G.C. Sansoni. p. 39. සම්ප්‍රවේශය 2007-10-05.
  32. Stites, Raymond S. (January 1936). "Mona Lisa--Monna Bella". Parnassus. College Art Association via JSTOR. 8 (1): 7–10+22–23. doi:10.2307/771197. JSTOR 771197. and Littlefield, Walter (1914). The Two "Mona Lisas". The Century: A Popular Quarterly by Making of America Project via Google Books scan from University of Michigan copy. p. 525. සම්ප්‍රවේශය 2007-10-09. and Wilson, Colin (2000). The Mammoth Encyclopedia of the Unsolved. Carroll & Graf via Google Books limited preview. pp. 364–366. ISBN 0-7867-0793-3.
  33. Debelle, Penelope (2004-06-25). "Behind that secret smile". The Age. The Age Company. සම්ප්‍රවේශය 2007-10-06. and Johnston, Bruce (2004-01-08). "Riddle of Mona Lisa is finally solved: she was the mother of five". Telegraph.co.uk. Telegraph Media Group. සම්ප්‍රවේශය 2007-10-06., and Nicholl, Charles (review of Mona Lisa: The History of the World's Most Famous Painting by Donald Sassoon) (2002-03-28). "The myth of the Mona Lisa". Guardian Unlimited. London Review of Books via Guardian News and Media. සම්ප්‍රවේශය 2007-10-06. and Chaundy, Bob (2006-09-29). "Faces of the Week". BBC News. BBC. සම්ප්‍රවේශය 2007-10-05.
  34. Sassoon 2001, Abstract and p. 16
  35. Sassoon 2001, p. 8
  36. Chaundy, Bob (2006-09-29). "Faces of the Week". BBC News. BBC. සම්ප්‍රවේශය 2007-10-05. and Canetti, Claudine (undated). "The world's most famous painting has the Louvre all aflutter". Actualité en France via French Ministry of Foreign and European Affairs (diplomatie.gouv.fr). සම්ප්‍රවේශය 2007-10-08. {{cite news}}: Check date values in: |date= (help)

ග්‍රන්ථ නාමාවලිය සංස්කරණය

වැඩිදුර කියවීම සඳහා සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලීසා_ඩෙල්_ජියොකොන්දෝ&oldid=593232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි