ලියෝ (Leo) යනු ජාත්‍යන්තර සිංහ සමාජ විසින් ආරම්හ කරන ලද තරුණ සංවිධානයයි. තරුණ තරුණියන්ට සමාජ සේවා කටයුතු වල නියැලීම තුලින් නායකත්ව ගුණාංග වර්ධනයට ඉඩ සැලසීම ලියෝ සමාජ මගින් සිදු කරයි. ලියෝ සමාජ සිංහ සමාජ වල අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වෙන අතර ලියෝ සමාජ සාමාජිකයින් "ලියෝ වරුන්" ලෙස හධින්වේ. ලියෝ වරු සෞක්‍ය , වැඩිහිටියන් , ළමුන් , අබාධිත ජනතාව , අධ්‍යාපනය හා ස්ව සංවර්ධනය යන ක්ෂේත්‍ර වල ක්‍රියාකාරකම් වල නියුතු වේ. මෙමෙ වැඩසටහන් වලට තමන් විසින්ම මුදල් ඉපයීමේ ව්‍යපෘති මගින් මුදල් සපයා ගනු ලැබේ. තනිව කරන ව්‍යපෘති වලට අමතරව වෙනත් ලියෝ සමාජ, සිංහ සමාජ හා බාහිර ආයතන හා එක්ව ලියෝ වරුන් සමාජ සේවා ව්‍යපෘති වල දේ. ලියෝ වැඩසටහන සිංහල සමාජ මගින් අනුග්‍රහකත්වය දක්වන සිංහ සමාජ ජාත්‍යන්තරයේ නිල වැඩසටහනකි.

ගොනුව:LeoClubLogo.gif

හැඳින්වීම සංස්කරණය

ලියෝ (Leo) යනු ජාත්‍යන්තර සිංහ සමාජ විසින් ආරම්හ කරන ලද තරුණ සංවිධානයයි. මෙය සිංහ ව්‍යාපාරයේ තරුණ අංශය ලෙස සැලකිය හැක. ලියෝ යන වචනය පහත ආකාරයෙන් නිර්වචනය කර හැක.

  • L - Leadership - නායකත්වය
  • E - Experience - අත්දැකීම්
  • O - Opprtunity - අවස්තාව


ඉතිහාසය සංස්කරණය

1957 දී බේස් බෝල් පුහුණුකරුවකු වන ජිම් ග්‍රේවර් ලියෝ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඇබින්ග්ටන් උසස් විදුහලේ සිසුන් මුල්කරගෙන පලමු ලියෝ සමාජය ආරම්හ කරන ලදී. 1964 දී ලියෝ වැඩසටහන සිංහ දිස්ත්‍රික්ක වල නිල වැඩසටහනක් බවට පත් විය. එය ඇමරිකාවෙන් ඔබ්බට පැතිරී ගිය අතර 1967 වන විට රටවල් 18 ක ලියෝ සමාජ 200 කට වැඩි ප්‍රමාණයක් තිබුණි.

ශ්‍රී ලංකාවේ ලියෝ ව්‍යාපාරය සංස්කරණය

ලංකාවේ පලමු ලියෝ සමාජය වත්තල ලියෝ සමාජය වන අතර එය 1969 දී ආරම්හ විය. කොළඹ (හොස්ට්) ලියෝ සමාජය ලංකාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වන ලියෝ සමාජය සේ සැලකේ. පරිසරය සුරැකීම , ළමා අභිවුර්ධිය, වැඩිහිටි සරණ , ආගමික වැඩසටහන් හා පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් ලංකාවේ ලියෝ සමාජ වැඩසටහන් අතර මුලික වේ.

ගොනුව:Service project.jpg

මිට අමතරව මාසිකව රැස්වීම පවත්වනු ලබන අතර සාමාජිකයන් අතර ක්‍රීඩා උත්සව පවත්වනු ලැබේ. වාර්ෂිකව පවත්වන සම්මේලනයකදී ලියෝ ව්‍යපෘති වලින් හොදම ව්‍යපෘති තෝරා ඒවාට දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටමෙන් සම්මාන ප්‍රධානය කරනු ලැබේ. ලංකාව එක් ලියෝ බහු දිස්ත්‍රික්කයක් යටතේ වන ලියෝ දිස්ත්‍රික්ක 6 කට බෙදා වෙන් කර ඇත.ලංකාව http://www.leomd306.org ට අයත් වන අතර ඒ යටතේ 306A1,306A2,306B1,306B2,306C1,306C2 යන ලියෝ දිස්ත්‍රික්ක 6 ක් ක්‍රියාත්මක වේ.

 

මෙම පිටුත් බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලියෝ_සමාජ&oldid=593227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි