ලිප්ටන්

තේ වෙළඳ නාමයක්

ලිප්ටන් යනු  යුනිලීවර් සමාගම සතු තේ වෙළඳ නාමය වේ. මෙම සමාගම තේ මත පමණක් අවධානය යොමු කිරීම සදහා ආර්ගිල් ෆුඩ්ස් සමාගම වෙත විකිණිමට පෙර  එක්සත් රාජධානියේ සුපිරි වෙළඳ සැල් ජාලයෙ කොටසක් විය.  පසුව මෙම සමාගම එහි නිර්මාතෘ තෝමස් ලිප්ටන්ගෙ  නමින්  නම් කර තිබේ.  පානය කිරීමට  සූදානම්  වූ බීම වර්ග , යුනිලීවර් සහ පෙප්සිෙකෝ සමාගම් වලට  අයත් අන්තර්ජාතික සමාගමක්  වන පෙප්සි ලිප්ටන්  විසින් අලෙවි කරනු ඇත.

ලිප්ටන්

ඉතිහාසය සංස්කරණය

තෝමස් ලිප්ටන් පෞද්ගලික ඉතිහාසය සඳහා,  තෝමස් ලිප්ටන් බලන්න.
ගොනුව:Allied.GIF
පැරණි ලිප්ටන්, ගල්බ්‍රයිත්, ටෙම්ප්ල්ටන් සහ ප්‍රෙස්ටො ලාංඡන

සුපිරි වෙළඳසැල් සංස්කරණය

1871 දී තෝමස් ලිප්ටන් (1848-1931)  ස්කොට්ලන්තයෙ ග්ලාස්ගෝ නගරයෙදි ඔහුගේ  ඉතුරුම් වලින්ම සාප්පුවක් [1] ආරම්භ කල අතර, 1880 වන විට කඩ සාප්පු 200 කට වඩා වැඩි ප්‍රමාණයකට එය  වර්ධනය වී ඇත. 1929 දී ලිප්ටන් සිල්ලර බඩු අලෙවි ව්‍යාපාරය දේශීය සහ යටත් විජිත ව්‍යාපාර ලෙස ඒකාබද්ද විය. ඒවා මෙපොල්  කිරි සමාගම,විවයිස් සහ  බොරස්, ටෙම්ප්ල්ටන්ස්  ලෙස ගබඩා 3,000 ටත්  වඩා වැඩි විය.මෙම කණ්ඩායම් විවිධ නම් යටතේ ඉහළ වීදින්හි වෙළඳාම් කළ  නමුත්  ඔවුන් එක්සත් රාජධානියේ කොටස් වෙළඳ පොළෙහි  මිත්‍ර පාක්ශික සැපයුම්කරුවන්[2] ලෙස   ලියාපදිංචි කරන ලදී. 1982 දී   ආර්ගිල්ස අහාර සමාගම විසින් මිත්‍ර පාක්ශිකයන් ට පවරා ගැනීමට පෙර ලිප්ටන් ගේ මෙම සුපිරි වෙළඳ සැල් ජාලය, කුඩා නගර  වෙත අවධානය යොමු කර තිබීය.

තේ සංස්කරණය

  නව  තේ වර්ග ගබඩා කර ගැනීම සදහා තෝමස් ලිප්ටන්  ලොව වටා සන්චාරය කිරීමට අරම්භ කරන ලදි. මෙම ගබඩා කොටස් සඳහා නව වර්ග සඳහා වූ ලෝක ගමන් ආරම්භ විය.  1870 අග භාගයෙ සිට  1880 මැද භාගය තුල අලෙවිය පවුම් මිලියන 40 සිට 80 දක්වා  දෙගුන වී ඇත. කෙසේ වෙතත්, ඔහු මිල ඕනෑවට වඩා ඉහළ බව විශ්වාස කළහ.  1890 දී ඔහු ලංකාවෙන්  තේ වතු මිලට ගත්තේය.  ශ්‍රිලංකාව තුළ ඇසුරුම් කිරීම  හා පළමු ලිප්ටන් තේ[3] අලෙවිය කර ඇත.පසුව ඔහු  ඇසුරුම් කිරීම සහ නැව් මගින් ප්‍රවාහනය  සදහා අඩු මුදලක් යොදවන ලද අතර තේ පැකට් පවුම  (454g), අර්ධ පවුම් (227g), සහ පවුම්  කාල (113g)  යන  ප්‍රමාණයෙන් විකුණන ලදි. ඔහුගේ තේ අලෙවි ප්‍රචාරණ සටන් පාඨය වූයෙ: "සෘජුවම  තේ  වත්තේ සිට තේ බදුනට "  යන්නයි.ලිප්ටන් තේ එක්සත් ජනපදය තුළ ඉක්මනින්ම සාර්ථක විය.

1938 දී එක්සත් ජනපදයේ සහ කැනේඩීයානු ලිප්ටන් ව්‍යාපාර මිලදී ගැනීම අරම්භ කරමින්, යුනිලීවර් සමාගම ලිප්ටන් තේ ව්‍යාපාර  අත්පත් කර   ගන්නා ලදි. 1972 දී   යුනිලීවර් විසින් ඉතිරි  ගෝලීය ලිප්ටන් ව්‍යාපාර කිහිපයත් මිළදි ගන්නා ලදි.                                                                                      

වර්ෂ 1991 දී යුනිලීවර් පළමු හවුල් ව්‍යාපාරය[4]  පෙප්සිකො සමාගම විසින් අරම්භ කරන ලදි. මෙම පෙප්සි - ලිප්ටන්  හවුල උතුරු ඇමරිකව තුළ   පානය කිරීමට සූදානම්  (බෝතල් සහ ටින්) වූ තේ අලෙවිකරණයට රුකුල් දුනි.2003 දී මෙය දෙවන හවුල් ව්‍යාපරයක් විසින් අනුගමනය කරන ලදි.  පෙප්සි- ලිප්ටන් ජ්‍යාතන්තර සමාගම විසින් බොහොමයක්  එක්සත් ජනපදයට අයත් නොවන වෙළද පොළවල් ආවරනය කරන ලදි. මෙම ජ්‍යාතන්තර සමාගමට යූරොපීය වෙළද සමාගම්  ද අයත් කර ගනිමින් 2007 සැප්තැම්බර්  වන විට එය පුළුල් කර ගන්නා ලදි. පෙප්සිකො සහ යුනිලීවර් යන සමගම් 50%  බැගින් වූ කොටස්  පාලනය කළහ.

2008  වර්ශයේ චීනයේ අහාර සුරක්ෂිත වැඩසටහන හේතුවෙන්  චීන  කිරි වල යොදා ගන්නා  තේ කුඩු වල මෙලමයින් කුඩු අන්තර් ගත බව නිරීක්ශන වලදි හෙළි වූ නිසා 2008 සැප්තැම්බර්  30 වන දිනදි  හොංකොං හා මැකාවු තුළ  ලිප්ටන් කිරි තේ කුඩු[5] නැවත කැදවීමට පටන් ගත්තේය.

2011 දී සත්ව අයිතීන් සුරැකීමෙ ආයතනයක් වන පෙටා ආයතනය විසින් යුනිලීවර් ආයතනය මගින් තේ වල අඩන්ගු ද්‍රව්‍ය මිනිසුන්නට හිතකර දැයි පරීක්ෂා කර බැලීමට හාවුන් , ඌරන් සහ අනෙකුත් සත්වයන් යොදා ගැනීම විවෙචනය කරන ලදි.පෙටා ආයතනයෙන් අභියචනා 40,000 වඩා වැඩි ප්‍රමානයක් ලබීම හේතුවෙන් ලිප්ටන් සමාගම එම පරීක්ශන නතර කරන ලදි. ඊට පෙර  පෙටා ආයතනය විසින් "ලිප්ටන් දරුණු තේ" යනුවෙන් සටන් ව්‍යපාරක් දියත් කිරීමට සූදානම් විය.කෙසෙ වෙතත් යුනිලීවර් සමාගම විසින්  සතුන් යොදගෙන කරන පරීක්ශන ඉන් නවත්වන ලදි.

සුප් මිශ්‍රණ සංස්කරණය

1950 දී  එක්සත් ජනපදය තුළ  ලිප්ටන්  මගින් ක්ෂණික  සුප් මිශ්‍රණය නිපදවන ලදි. ලිප්ටන් ප්රංශ  ලූණු සුප් මිශ්‍රණය යොදා ගනිමින් නිවසෙදීම ප්රංශ කෑමක් සාදා ගැනීම පිළිබදව ලිප්ටන්  වෙළද දැන්වීම් ව්‍යපාරයක්  ප්‍රවර්දනය කළේ ය.මේ අතර වාරයෙදි   එක්සත් ජනපදයෙ එවැනි  නව වාණිජමය  අහාර වර්ග නිපදවන ලදි.

වර්ථමානයේදි සංස්කරණය

 
 ලීහිල් ඇසුරුම් අර්ල් ග්‍රේ තේ  ටින් එක.

මහජන වෙළදපොල ඉලක්ක කර ගත් මෙම නිශ්පාදන සාමාන්යයෙන්  මිළ දර්ශකයෙ මැද ස්ථානයක් හෙබවීය. අනෙකුත් තේ වර්ග මෙන්ම ලිප්ටන් තේ ද ලෝකයෙ විවිද  වගාවන්  වලින් ගන්නා ලද තේ  වල මිශ්‍රණයන් වේ. එම මිශ්‍රණයට තේ, ප්‍රසිද්ද නිශ්පදිත රටවල් වන ශ්‍රි ලංකාව  ,ඉන්දියාව , කෙන්යාව සහචීනය යන රටවල් වලින් ලබා ගනි.ලිප්ටන් කහ පැකැට්ටුව විවිද තේ වර්ග 20 එකතුවකින් සාදා ඇත.



කළු  තේ කොළ වලට අමතරව මෙම සමාගම විසින් විශාල පරාසයක යුත් විවිද වර්ග වල තේ ද අලෙවි කරන ලදි. ඒවා  තේ කුඩු සහ බීමට සුදුසු යන අකාර දෙකෙන්ම යුක්ත විය.හරිත තේ, කළු  තේ, ශාකසාර තේ සහ ශරීරය කෘශ කර ගැනීමට උපකාරී වන තේ යූරොපීය වෙලදපොල තුළත්, ලිප්ටන් කිරි තේ විවිධාකාර වූ ආසියානු වෙලදපොල තුළත් විය. නමුත්  එක්සත් රාජධානිය තුළ ලිප්ටන් අයිස් තේ වලට අමතරව ඔවුන්ගෙ කිසිදු නිශ්පාදනයක් සිල්ලර ලෙස ලබා ගත නොහැකි විය. එක්සත් රාජධානිය  අවශ්‍ය සැපයුම් සපයන සැපයුම්කරුවෙක් පමනක් විය.

ජපානය , රුසියාව  සහ ඕස්ට්‍රෙලියාව ඇතුලු වෙළෙඳපොළ ගණනාවක සමාගම විසින්  මනස ක්‍රියාකාරී කරවන ගුණ ඇති තී(ය)නයින්  වල වාසි පිළිබදව  වෙළද ප්‍රචාරණයක් සිදුකොට ඇත.

2007 මැයි වන විටද , ලිප්ටන් සමාගම සතුව නැගෙනහිර අප්‍රිකාවෙ (කෙන්යාව (කෙරිකො) සහ ටැන්සානීයාව) වගාවන්  හිමිව තිබිණි. තිරසාර අන්දමින් තේ වලට ආකර්ශනයක් එක් කළ ප්‍රථම සමාගම යුනිලීවර් සමාගම වේ.  රාජ්‍ය නොවන අන්තර් ජාතික පාරිසරික වැසි වනාන්තර  සන්විධානයක් සමග ලිප්ටන් සහ එහි මව් සමාගම වැඩ කටයුතු කර ගෙන යාමෙදී , බටහිර යුරෝපයේ විකුණන සෑම ලිප්ටන් කහ ලේබල් තේ බෑග් 2010 විසින් සහ  ගෝලීය වශයෙන් විකුණන ලද ලිප්ටන් තේ බෑග් 2015 ද  සහතික කළ යුතුව ඇතැයි ප්‍රකාශ කලේය. මෙම සහතික කිරීම් වලදි පළමු තැන ලිප්ටන් තේ වතු වලටම හිමි විය.මෙම වැසි වනාන්තර සන්ධාන  මුද්‍රාව  සහිත නිෂ්පාදන 2008 දී බටහිර යුරෝපීය වෙළදපොලෙ දැකගත හැකි වූ අතර  2009 දී ඇමෙරිකාවෙදී දැක ගත හැකි විය.

2009 මැ‍‍‍‍යි මස 6 වන දිනදි ලිප්ටන් සමාගමට  වැසි වනාන්තර සන්ධානය සමග කටයුතු කිරීම හේතුවෙන් සම්මානයක් ද හිමි විය.

වෙළඳ නාම සංස්කරණය

නැගෙනහිර ආසියාවේ ලිප්ටන් කිරි තේ සහ යුරොපයේ සහ දකුණු ඇමෙරිකාවේද වෙනත් නාම වලින් ලිප්ටන් නිශ්පාදන පැවතියද ලිප්ටන්  වල  ප්‍රධානතම  වෙළද නාමය වූයේ ලිප්ටන් කහ ලේබලයි. 2008 වර්ශයේදී බටහිර යූරොපයේ ලිප්ටන් ලීනියා ආරම්භ කරන ලදී.


ලිප්ටන් කහ ලේබලය සංස්කරණය

1890 සිට ලිප්ටන් කහ ලේබලය අලෙවි කර ඇත.ශ්‍රිමත් තෝමස් ලිප්ටන්  විසින්  කහ පැකැට්ටුවෙ පළමු අනුවාදය   රතු ලිප්ටන් ආවරණය සමග නිපදවන ලදි. එය ලොව පුරා රටවල් 150 ක අලෙවි කර ඇත. ලිප්ටන් කහ ලේබල් තේ, වර්ග කිහිපයක් සංකලනයෙන් වේ.

බටහිර යුරෝපය, උතුරු ඇමරිකාව හා ඔස්ටේ්රලියාව තුල කැමති අකාරයට, ලිප්ටන් කහ ලේබලයේ තේ දැකගත හැකි විය.එමෙන්ම මැද පෙරදිග සහ ආසියාව පුරා   කැමති ආකාරයට ලිහිල් ඇසුරුම්  වල තේ දැක ගත හැකි විය.ලිප්ටන් කහ ලේබලයේ ලිහිල් ඇසුරුම් වල තේ කුඩා බෝල ලෙස්ට  රෝල් කර තිබේ.

ලිප්ටන් සීත කළ තේ සංස්කරණය

බොහොමයක් වෙළද පොළවල්  ලිප්ටන් සීත තේ ලෙස හදුන්වන  මෙම වෙළද නාමය ලිප්ටන් විසින් විකුණන ලද්දකි.

ලිප්ටන් බ්‍රිස්ක් සංස්කරණය

පළමුව, ලිප්ට්න් බ්‍රිස්ක් සීත කළ තේ වර්ගයක් වූ අතර, එය ලිප්ටන් සහ පෙප්සිකො සමාගම් විසින් හවුල් ව්‍යාපාර ලෙස ආරම්භ කරමින් උතුරු ඇමරිකාවේ බෙදා හරින ලදි. මෙය ලිප්ටන් අනෙකුත් අයිස් තේ වලට වඩා වෙනස් වන අතර මෙයට පොස්පරික් අම්ලය යොදා ඇත. එමගින් එයට විශේෂිත ඇඹුල් රසයක් ලබා දී ඇත.

ලිප්ටන් පිරමීඩ තේ සංස්කරණය

අනෙක් තේ වෙළෙඳ නාම පෙනෙන පරිදි ලිප්ටන් ද චතුස්තලීය මල්ලක ආකෘතියක් තම තේ නිශ්පදන වලට යොදා  ගන්නා ලදි.

ලිප්ටන් ප්‍රභේද  5ක් යටතේ තේ වර්ග  දියත් කරන ලදි - අර්ල් ග්‍රේ තේ, ඉන්ග්‍රීසි උදැසන තේ , පීච් අඹ තේ, ම්න්චි සහ කැමොමයිල් තේ, හරිත තේ.

පිරිසිදු අමු තේ දළු සංස්කරණය

 උතුරු ඇමරිකාවේ මූලික වශයෙන්  පිරිසිදු කොළ ඇති අයිස් තේ  පෙප්සිෙකෝ-ලිප්ටන් ඒකාබද්ධ ව්‍යපාරයක් ලෙස බෙදා හරින ලදි. ලිප්ටන්  සීත කළ තේ සහ බ්‍රිස්ක් යන වර්ග දෙකෙහිම පදනම වී ඇත්තේ අයිස් කළ් වියලි තේ කුඩු වේ.පිරිසිදු අමු තේ දළු  ජලීය අකාරයෙන් පෙරා ඇත.

ලොව පුරා ලිප්ටන් සංස්කරණය

රටවල් 110 ත් වඩා වැඩි ප්‍රමාණයක ලිප්ටන් තේ දැකගත හැකිය. විශේෂයෙන් ම යූරොපය ,උතුරු ඇමරිකාව ,අප්‍රිකාව සහ මැද පෙරදිග, ආසියාවේ ඇතැම් රටවල් වල මෙන්ම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය , ලතින් ඇමරිකාව සහ කැරීබියාව යන රටවල් වල ලිප්ටන් ජනප්‍රිය විය.බ්‍රිතාන්‍ය සම්භව තිබියදීම ලිප්ටන් කලු තේ(කහ ලේබ්ලය වැනි) එක්සත් රාජධානිය තුළ අළෙවි නොවීය.කෙසේ නමුත් ලිප්ටන් අයිස් තේ සහ පළතුරු තේ එක්සත් රාජධානිය තුළ දැක ගත හැකි විය.

අලෙවිය සහ වෙළඳ දැන්වීම් සංස්කරණය

වර්ෂ 1914 දී ලිප්ටන් තේ  මෙල්බර්න් සිට සිඩ්නි දක්වා වූ ප්‍රරංශයෙ අවෙටර් මොරිස් ගෙ පළමු ගුවන් ගමන සදහා  අනුග්‍රහකත්වය  දැක් වූහ. ඒ වන විට මෙය ලෝකයේ දිගම ගුවන් තැපැල් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය විය. . ඔහු එය  මෙසේ  සදහන්  ලියන ලදි.' මට හමුවුනා මා හට ලැබුනු තේ වලින් ප්‍රණීතම තේක. එය ස්නායූ සනසවන දෙයක්.  ' ලිප්ටන්  එම ෆැක්ස් ලිපියෙ පිටපත් 250 000  මුද්‍රණය කරන ලදි . මෙම ලිපි සදහ  සතයක මුද්දරයක් යොදා ගත් අතර සත තුනක  මුද්දර සදහා, ලිප්ටන් තේ  රාත්තල් කාලක් යවා ඇත.

එක්සත් රාජධානිය තුළ ලිප්ටන් අයිස් තේ වලට ඇති සෘණාත්මක සන්කල්පයන් වෙනස් කිරීමට යාමේදී , 60%  කියා සිටියේ එය පානය කිරීමට පෙර රස ගැන අදහසක් පළ් කිරීමට නොහැකි බවයි. ලිප්ටන් ලන්ඩන් පාදක කොට ගත් ගිම්හාන අත්දැකීම් අලෙවිකරණ ව්‍යාපරයක් ආරම්භ කරන ලදි. එහිදි ඔවුන්ගේ සටන් පාඨය වූයේ "ඔබ උත්සහා කරන තුරු එයට තට්ටු නොකරන්න". සටන් ව්‍යාපාරයෙන් පසුව 87% ක පාරිභොගිකයන් පවසා සිටියෙ තමන්  ලිප්ටන් අයිස් තේ රස විදින බවයි. මේ අතරතුර 73% ක් පවසා සිටියෙ අනාගතයේදි තමන් ඒවා මිළදි ගැනීමට කැමති බවත් ය.

නිෂ්පාදනයේ ගුණාත්මක ආන්දෝලනයක් සංස්කරණය

2011 නොවැම්බර් මාසයේ දී, චීනයේ තත්ත්ව අධීක්ෂණය, විභාග සහ නිරෝධායන  පරිපාලන දෙපර්තමේන්තුව විසින් ලිප්ටන් තේ එක් වර්ගයක   ඉහළ විෂ  මට්ටමක් ඇති බව සොයගන්න ලදි.පසුව  යුනිලීවර්   ඉන් හදුනා ගත් සියලුම නිෂ්පාදන ඉවත් කරමින් එයට ප්‍රතිචාර දැක්වීය. 2012 අපේ්රල් මාසයේ දී  ග්රීන්පීස්  නැමැති අන්තර්ජාතික රාජ්‍ය නොවන පරිසර සංවිධානයක් නැවත වරක් ලිප්ටන් නිෂ්පාදන පිළිබඳව ප්‍රශ්න මතු කරන ලද අතර බීජිං සුපිරි වෙළඳසැල් මගින්  මිලදී ගත්  ලිප්ටන් තේ වර්ග දෙකක් ආරක්ශක පරීක්ෂන්යෙන් අසමත් විය.   මීට අමතරව,  කණ්ඩායම්  " සමහර හඳුනාගන්නා ලද කෘමිනාශක තේ නිෂ්පාදනය සඳහා  චීන කෘෂිකර්ම අමාත්යාංශ විසින්  භාවිත කිරීම තහනම් කර ඇත."  යැයි සඳහන් කරන ලද අතර චීනය තුළ සියලු ලිප්ටන් නිෂ්පාදන  සුරක්ෂිත යැයි පැවසීම , සොයා ගැනීම් ප්රතික්ෂේප කළේය.

මේවා ද බලන්න සංස්කරණය


ආශ්‍රිත සංස්කරණය

  1. "History of Thomas J. Lipton Company – FundingUniverse". Fundinguniverse.com. සම්ප්‍රවේශය 2012-10-22.
  2. Allied Stores was originally formed in 1929 to act as the group's purchasing arm.
  3. "From the tea garden to the tea pot: Sir Thomas Lipton's Vision". Lipton® Tea. සම්ප්‍රවේශය 29 October 2014.
  4. "PepsiCo and Unilever extend partnership". Just-drinks.com. සම්ප්‍රවේශය 29 October 2014.
  5. "Lipton-brand milk tea powder recalled in Asia". Yahoo! News. Associated Press. 3 October 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-09-30. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ලිප්ටන්&oldid=437580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි