ලිට්රෝ ගෑස් සමාගම 1872 දි රත්මලානේදි කොළඹ ගෑස් සහ ජල සමාගම නමින් ආරම්භ විය. මුල් කාලිනව එය බ්‍රිතාන්‍ය ලන්දේසි සමාගමක් වන ශේල් සමාගම විසින් පාලනය විය. පසුව එය 20වන සියවසේ මුල්භාගයෙදි ශේල් ලංකා සමාගම ලෙස නම් වෙනස් විය. 2010දි ලංකා රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 51%ක කොටස් මිලදී ගැනිම මගින් සමාගමේ නම ලිට්රෝ ලෙස වෙනස් විය. වර්තමානයේ දි සම්පූර්ණ ලෙසම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාලනය වේ. ලංකාවේ සමස්ථ ගෑස් වෙළදාමෙන් 70% පමණ ලිට්රෝ සමාගම සතුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලිට්රෝ_ගෑස්_සමාගම&oldid=486391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි