ලිට්මස් යනු, ලයිකන වෙතින්, විශේෂයෙන් රොචෙල්ලා ටින්ක්ටෝරියා වෙතින්, නිස්සාරණය කෙරෙන විවිධ සායම් වලින් සමන්විත, ජලයේ-ද්‍රාව්‍ය මිශ්‍රණයකි.මීට අමතරව ලිට්මස් කඩදාසි නම් විද්‍යාගාර දර්ශකයක් ඇත.එය නිවසේදී සාදාගන්නා ආකාරය කෙටියෙන් බලමු.

ලිට්මස් කුඩු
ලිටිමස් සංයෝගයන්හී වර්ණධරය වන, 7-හයිඩ්‍රොක්සිෆීනොසාසෝන් හී රසායනික ආකෘතිය

නිල් ලිට්මස් නිවසේදී සදා ගන්නා අකාරය-නිල් කටරොළු මල් තම්බා ගත් යුෂ ටිෂූකඩදාසි වල පොගවා වේලෙන්නට තබන්න.නැවත නැවත ටිෂූ කඩදාසි නිල් කටරොළු ද්‍රාවණයේ ගිල්වා වේලන්න.

රතු ලිට්මස් නිවසේදී සාදාගන්නා ආකාරය -රතු ගෝවා තම්බා ගත් යුෂ ටිෂූ කඩදාසි වල පොගවා වේලෙන්නට තබන්න.නැවත නැවත රතු ගෝවා ද්‍රාවණයේ ටිෂූ කඩදාසි ගිල්වන්න.


ඔබ සෑදූ නිල් ලිට්මස් අම්ලයකදී රතු පැහැය ලබාදෙන බවත් . භෂ්මයකදී නිල් පැහැයම ලැබෙන බවත් රතු ලිට්මස් අම්ලයකදී

රතු පැහැය ම ලැබෙන බවත් භෂ්මයකදී නිල් පැහැය ලැබෙන බවත් නිරීක්ෂණය කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ලිට්මස්&oldid=532724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි